Imagine Cup 2016 සඳහා ව්‍යාපෘති යෝජනා භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්.

0

2003 වසරේ සිට වාර්ෂිකව පැවැත්වෙන Microsoft Imagine Cup තරඟයෙහි අරමුණ වන්නේ අන්තර්ජාතිකව එක් එක් රටවල් තුලින් ඉතා නිර්මාණශීලී සිසු කණ්ඩායම් තෝරා ගැනීමයි. මේ සඳහා ශ්‍රී ලංකාවේ Microsoft ආයතනය මඟින්ද ශ්‍රී ලංකාව පුරා ඇති උසස් අධ්‍යාපන ආයතන, පාසල් සහ විශ්ව විද්‍යාල වලින් විශාල තරඟකරුවන් පිරිසක් සහභාගීවිම අපේක්ෂාකරනවා. මෙවරත් ශ්‍රී ලංකාවේ Microsoft ආයතනය Imagine Cup 2016 තරඟය සඳහා සියලුම කටයුතු සුදානම්කර අවසන්. එහි මුලික අදියර වන ව්‍යාපෘති යෝජනා (Project proposal) භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා.

මේ තරඟය ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙනවා. දැන් ඒ එක් එක් කාණ්ඩ වෙතට අවධානය යොමු කරමු.


Games කාණ්ඩය : මෙම තරඟ කාණ්ඩය යටතේ නිර්මාණශීලී හා ක්‍රීඩාකරන්නාහට නියමාකාර විනෝදයක් ලබාදෙන පරිගණක ක්‍රීඩවක් ඉදිරිපත් කිරීමට හැකිය. මෙහිදී මෙම පරිගණක ක්‍රීඩා PC, Mobile , XBox වැනි සියලු උපාංගයන් හරහාම ලබාදීමට හැකිනම් එය ජයග්‍රහණය සඳහා මහගු ලෙස ඉවහල් වනු ඇත.

ඔබ පරිගණක ක්‍රීඩාවක් (Game) නිර්මාණය කිරීමට අදහස්කරන්නේ නම් එහිදී ඔබ නිර්මාණය කරණුලබන පරිගණක ක්‍රීඩාව අතීශය විනෝදජනක (Entertain) වියයුතුයි. අනෙක් අතට දැනට පවතින පරිගණක ක්‍රීඩාවන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ අත්දැකීමක් දෙන ක්‍රීඩාවක් වියයුතුය. විචිත්‍රවත් වූ ග්‍රැෆික් නිර්මාණ තුලින් පරිශීලකයා ක්‍රීඩාවේ ඇද බැඳ තබාගැනීමට සමත් වියයුතුය. තවද මෙහිදී ඔබ විසින් විවිද වූ මෙහෙයුම් (Missions) හෝ මට්ටම් (Game Levels) ඉදිරිපත් කල යුතු අතර එම එක් එක් මට්ටම් සඳහා අදාල වූ කැපීපෙනෙන වෙනස්කම් හා එක් එක් මෙහෙයුම් ඉතාමත් අභියෝගාත්මක වියයුතුය. ක්‍රීඩාව වටාගෙතුනු කතාවක් නිර්මාණය වී තිබීමද වැදගත් කරුණකි (Story Boarding) . තවත් එක් විශේෂ කරුණක් වන්නේ මෙහිදී ඔබගේ පරිගණක ක්‍රීඩාව සමඟ ක්‍රීඩා කිරීම සඳහා Windows Phone, Xbox වැනි ඕනෑම එකක් භාවිතයට ගත හැකිවීමයි (Cross platform) නමුත් මෙය අත්‍යාවශ්‍ය කරුණක් නොවේ . Windows 10 හි ඇති UWP – Universal Windows Platform විශේෂාංග මඟින් මෙම කටයුතු සිදුකල හැකිය.

Games කාණ්ඩය යටතේ පසුගිය වසරේ ලෝකශූරයින් බවට පත්වූ කණ්ඩායම මඟින් ඉදිරිපත් කල පරිගණක ක්‍රීඩාව හා ඒ සඳහා භාවිතාකළ තාක්ෂණයන් පිළිබඳ විඩියෝව පහතින්.


Innovation කාණ්ඩය : මෙම කාණ්ඩයට යොමුකළ හැක්කේ නව නිර්මාණයන් වේ. ඔබ සතුව ලොවම වෙනස්කිරීමට හැකි යැයි හැගෙන යම් අදහසක් ඇත්නම් මේ කාණ්ඩය හරහා අයදුම් කිරීම වැදගත් වේ.

මෙහිදී ඔබ විසින් ඉදිරිපත් කල යුත්තේ ලෝකයම වෙනස් කළහැකි නිර්මාණයකි. ඔබේ නිර්මාණය දැනට ඇති සම්ප්‍රදායික ක්‍රම වෙනස්කිරීමට හැකියාවක් ඇති නිර්මාණයක්ද එසේ නැතිනම් ඔබේ නිර්මාණය මඟින් තාක්ෂණය යම්තාක් දුරකට හෝ වෙනස්කිරීමට සමත්ද ? ඔබේ නිර්මාණය ලොවපුරා ජනයා විසින් එදිනෙදා ජීවිතයේ භාවිතා කරනු දැක ගැනීමට කැමතිද? එසේනම් මේ කාණ්ඩය ඔබටයි. මේසඳහා ඉදිරිපත් කරණුලබන ඉදිරිපත් කිරීම් එක්කෝ සාමාන්‍ය මෘදුකාංගයක් විය හැකිය එසේත් නැතිනම් ලොව පුරා සීඝ්‍රයෙන් දියුණුවෙමින් පවතින  IoT (Internet of Thing) තාක්ෂණික ක්‍රම භාවිතයෙන් සමන්විත නිර්මාණයක් විය හැකිය. ඒ අනුව මෙවර වඩාත් අවදානයක් යොමු කරණු ඇත්තේ IoT සමඟ සිදුකරණ නිර්මාණයන් සඳහා වේ.

පසුගිය වසර Innovation කාණ්ඩයේ ලෝකශූරයින් බවට පත්වූ කණ්ඩායමේ ඉදිරිපත්කිරීම හා ඔවුන්ගේ අදහස, ඔවුන් භාවිතාකල තාක්ෂණයන් පහත වීඩියෝවෙන්.


World Citizenship කාණ්ඩය : ඔබේ ජීවිතයේ හෝ ලොව බොහෝදෙනා එදිනෙදා මුහුණ දෙන ගැටලුවක් වේද? ඔබට ඒ සඳහා විසඳුමක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත්ද එසේනම් World Citizenship කාණ්ඩය හරහා අයදුම් කල හැකිය.

මෙම කාණ්ඩය යටතේ තරඟවැදීමට නම් ඔබ විසින් ලෝකයේ පවතින විශාල ගැටලුවක් පදනම් කරගත යුතුයි. උදාහරණ ලෙස ලොව පවතින ස්භාවික විපතක්, දරුණු රෝගයක්, මිනිස් අයිතිවාසිකම් අහිමිවීම, දිළිඳුකම, පරිසර දූෂණය, ගෝලීය උණුසුම ඉහලයාම, ඇතුලු අනෙකුත් ඕනෑම ගැටලුවක් සඳහා ඔබ තොරතුරු තාක්ෂණය මඟින් කෙසේ දායක වන්නේදැයි ලොවට පෙන්වන විසඳුමක් ඉදිරිපත්කල යුතුය. මෙම විසඳුම මෘදුකාංගයක් හෝ දෘඩාංග භාවිතාවන ඕනෑම නිපැයුමක් විය හැකිය.

පසුගිය වසරේ World Citizenship කාණ්ඩයෙන් ජයග්‍රහණය කළ ලෝකශූරයින්ගේ ඉදිරිපත්කිරීම පහතින්.

පසුගිය වසරේ ලෝක ශූරතාව තෙරීමේ උත්සවයේ ඉදිරිපත් කිරීම සහ ජූරිය පහතින් නරඹන්න.

දැන් ඔබට මේ තරඟය පිළිබඳව අවබෝධයක් ලැබුණා යැයි සිතනවා. දැන් අපි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන දේශීය තරඟය සඳහා ව්‍යාපෘති යෝජනා යොමු කරන ආකාරය බලමු.

12642764_1193581260670433_7977202841976912828_n

මේ සඳහා ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ නිර්මාණයට ගැලපෙන කාණ්ඩයට අදාළ ව්‍යාපෘති යෝජනා (Project Proposal Template) ආකෘතිය Download කරගෙන සම්පූර්ණ කරලා wellip[at]microsoft.com කියන ලිපිනයට විද්‍යුත් ලිපියක් ආධාරයෙන් යොමු කිරීම පමණයි. ඒ වගේම email subject එක “IC2016___” ලෙසට යොදන්නට අමතක කරන්න එපා. (මෙහි යන ස්ථානයට ඔබ තරග වැදීමට අපේක්ෂාකරන කාණ්ඩයද යන ස්ථානයට කණ්ඩායමේ නම හා යන ස්ථානයට ව්‍යාපෘතියේ නමද යොදන්න)

උදාහරණයක් ලෙස :

මා තරඟ කිරීමට අදහස් කරනු ලබන්නේ Games කාණ්ඩයට යැයි සිතමු. මාගේ කණ්ඩායමේ නම Team Code Hawks හා මාගේ ව්‍යාපෘතියේ නම ApiGoGo යැයි සිතමු.

පහත අයුරින් ඔබට ඔබේ ව්‍යාපෘති යෝජනාව යොමුකල හැක.

Proposal Template Links –

1. Games කාණ්ඩය : Download

2. Innovation කාණ්ඩය : Download

3. World Citizenship කාණ්ඩය : Download

Official Facebook Page – https://www.facebook.com/imaginecupsrilanka

ඔබට මේ විද්‍යුත් තැපැල් ලිපින හරහා මේ සම්බන්ධව ඕනෑම ගැටලුවකට පිළිතුරු ලබා ගන්න පුළුවන්.

Dileepa Rajapaksha – dileepa@windowsgeek.lk
Haritha Thilakarathne – harithalht@outlook.com
Lahiru Ratnayaka – lahirunimantha@outlook.com