නවතම සැම්සුන් Galaxy Note 5 සහ Galaxy S6 Edge+ නිවේදනය කරයි.

1

සැම්සුන් සමාගම ඔවුන්ගේ phablet දුරකථන පෙළගැස්මට අද දිනයේදී Galaxy Note 5 සහ Galaxy S6 Edge+ නමින් නව දුරකථන දෙකක් එක් කළා. මේ උපාංග දෙකම අභ්‍යන්තරව බොහෝ දුරට සමානයි. ප්‍රධානම වෙනස තමයි එකක් flat අනික curved වීම. Note 5 දුරකතනයට S-Pen එකක් ඇතුලත්. ඇමරිකාව, කැනඩාව සහ ආසියානු රටවල් කීපයක පමණක් අගෝස්තු 21 වෙනිදා පටන් මේ දුරකථන මිලදී ගැනීමට හැකි වේවි. S-Pen එකේ අලුත්ම අංගයක් තමයි තිරය පණ ගන්වන්නේ නැතුව, තිරය මත ලිවීම ඇරැඹීමට හැකි වීම.

සැම්සුන් සමාගම මේ සමඟ Blackberry-esque keyboard cover එකක් වෙළඳපොලට නිකුත් කලා. මේ ආවරණ වර්ණ කීපයකින් වෙළඳපොලට පැමිණෙන අතර දුරකතනයට සම්බන්ධ කල විට තිරයෙන් කොටසක් keyboard cover එකෙන් ආවරණය වන නිසා තිරය ඊට අනුකුල ලෙස සැකසෙනවා.

Galaxy S6 වගේම Note 5 සහ S6 Edge+ දුරකථන 2.1GHz Exynos 7420 SoC එකකින් සමන්විතයි. ඉතිරි අංග සැකැවින්,

අඟල් 5.7 ක තිරයක්
2560×1440 AMOLED තිරය
4GB of RAM
OSI සහ 4K, 16MP පසුපස කැමරාව සහ 5MP ඉදිරිපස කැමරාව.
3,000mAh බැටරිය
32GB,64GB,128GB ආධි මාදිලි තුනකින් ලබා ගත හැක.
Wireless charging පහසුකම

දුරකථන දෙකෙහි සම්පූර්ණ specs පහතින්,

Galaxy S6 edge+

Galaxy Note 5

SoC Samsung LSI Exynos 7420
4xA57 @ 2.1GHz
4xA53 @ 1.5GHz
Samsung LSI Exynos 7420
4xA57 @ 2.1GHz
4xA53 @ 1.5GHz
GPU Mali T760MP8 @ 772MHz Mali T760MP8 @ 772MHz
RAM 4GB LPDDR4 4GB LPDDR4
NAND 32/64GB UFS 2.0 32/64/128GB UFS 2.0
Display 5.7-inch 2560×1440 SAMOLED
Dual edge display
5.7-inch 2560×1440 SAMOLED
Network 2G / 3G / 4G
UE Category 6/9 LTE
2G / 3G / 4G
UE Category 6/9 LTE
Dimensions 154.4 x 75.8 x 6.9 mm
153 grams
153.2 x 76.1 x 7.6 mm
171 grams
Camera 16MP rear camera,
1.12 µm pixels, 1/2.6″ CMOS size,
F/1.9. OIS

5MP F/1.9 FFC

16MP rear camera,
1.12µm pixels, 1/2.6″ CMOS size
F/1.9, OIS

5MP F/1.9 FFC

Battery 3000 mAh (11.55 Wh)
non-removable
3000 mAh (11.55 Wh)
non-removable
OS Android 5.1 with TouchWiz (At launch) Android 5.1 with TouchWiz (At launch)
Connectivity 2×2 802.11a/b/g/n/ac + BT 4.2, USB2.0, GPS/GNSS, NFC 2×2 802.11a/b/g/n/ac + BT 4.2, USB2.0, GPS/GNSS, NFC
SIM Size NanoSIM NanoSIM

 

Galaxy S6 edge+ දුරකථනයෙහි ඡායාරූප කීපයක්,

Galaxy Note 5 දුරකථනයෙහි ඡායාරූප කීපයක්,

Galaxy S6 edge+ දුරකථනයෙහි නිල හදුන්වාදීමේ වීඩියෝව,

Galaxy Note 5 දුරකථනයෙහි නිල හදුන්වාදීමේ වීඩියෝව,

  • Ravindu Herath

    revert that OSI to OIS image stabilization ! other than that good post !