අපූරු පූස් දුම්රිය ස්ථානාධිපතිනිය අද අවසන් ගමන් යයි….

ටමා, එහෙමත් නැත්නම් ජපානයේ සිටි ජනප්‍රියම දුම්රිය ස්ටේසන් මාස්ටර් පසුගියදා එරට සත්ව රෝහලකදී මිය ගියා. ඒ දරුණු හදවත් රෝගයක් නිසා. මේ බැළලිය ඒ වන විට පසු කරමින් සිටියේ ඇයගේ 16 වෙනි වසරයි. එය පූස් වසර 80 කට සමාන වෙනවා. කිෂිගාවා දුම්රිය මාර්ගය 2005 වන විට ලාභයක් ලබමින් නොපැවැති අතර 2007 වසරේදී ටමාගේ සේවය කිෂි දුම්රිය ස්ථානයට එකතුකරන්නට සිතුවේ අලුත් සංකල්පයක් ක්‍රියාවට නංවමින්. ඇයව බැලීමට දිනපතා විශාල පිරිසක් මේ දුම්රිය ස්ථානයට පැමිණියා. ඒ නිසා අධික ආර්ථික පසුබෑමක තිබු මේ දුම්රිය ස්ථානය නැවතත් ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යෑමට බලධාරීන්ට හැකි වුනා. 2013 වසරේදී ඇයව, වකයාමා විදුලි දුම්රිය මාර්ග සමාගමේ උප සභාපති ධුරයට උසස් කිරීමට බලධාරීන් කටයුතු කළා.

Japan Times ට අනුව Wakayama ආණ්ඩුකාරවර Yoshinobu Nisaka මහතාද ටමා ට විශේෂ ප්‍රකාශයක් මඟින් ගෞරවය පුදකරලා තිබෙනවා.

“tourism superstar extremely popular in and out of Japan who contributed greatly to promoting tourism in our prefecture. I am filled with deep sorrow and appreciation,”

මේ අතර ඇයගේ අවසන් කටයුතු අද(28) Kishi දුම්රිය ස්ථානයේදී සිදු කිරීමට නියමිතයි.

 

අන්තර්ජාලය ඇසුරෙනි.