පසුගිය වසරේ Toshiba සමාගම විසින් tablets කිහිපයක්ම හඳුන්වා දුන්නා. Excite Pro හා Excite Write ලෙසින් හැඳුන්වුනු මේ සුපිරි ටැබ්ලට් පරිගණක මිලෙන්ද අධික වූවා. නමුත් මේ වසරේ ටොෂිබා සමාගම සිය නිෂ්පාදන වල මිල පිළිබඳව නැවත වරක් සිතා ඇති බවයි පෙනෙන්නේ.
ඒ අනුව Toshiba විසින් පසුගිය දා Encore නමින් අඟල් 8 හා අඟල් 10 ප්‍රමාණයේ වින්ඩෝස් ටැබ් 2ක්ද, Excite Go නමින් අඟල් 7ක ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක්ද හඳුන්වා දුන්නා. නමුත් මේ උපකරණ වල තත්වය හෝ performances වලනම් සඳහන් කළ යුතු විශේෂත්වයක් නැති වුවත් එහි මිල පිළිබඳවනම් කතා කල යුතුමයි.
Quad core Intel Atom ප්‍රොෙසසරයකින් බල ගැන්වෙන 1280 x 800 ප්‍රමාණයේ තිරයක් සහිත වින්ඩෝස් ටැබ් ද්විත්වය අතුරින් අඟල් 8 ටැබ් එක $200ක් වන අතර අඟල් 10ක ටැබ් එක $270ක් පමණ වේ. මීට පෙර තිබුනු අඟල් 8 ප්‍රමාණයේ Encore ටැබ් එක $330ක් පමණ මිලකින් යුක්ත වුනා.
Encore 8 හා Encore 10 – Photos

හඳුන්වා දුන් අනෙක් ටැබ් එක වන Excite Go ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකෙහි මිල වන්නේ $110ක් පමණි. මේ තරම් අඩු මුදලකට සාමාන්‍යයෙන් හොඳ තත්වයේ ඇන්ඩ්‍රොයිඩ් ටැබ් මිලදී ගැනීමට නොලැබෙනු ඇත. Android 4.4 Kit Kat මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන මෙහි ප්‍රොසෙසරයද Quad core Intel Atom ප්‍රොසෙසරයකි. එමෙන්ම මෙහි බැටරි ආයු කාලයද පැය 8ක් පමණ වන බවයි Toshiba සමාගම පවසයි. 16GB ධාරිතාවයකින් යුත් මෙහි microSD හරහා ධාරිතාවය 128GB දක්වා ඉහළ නංවාගත හැක.

මෙම නව නිෂ්පාදන ජූලි මස මුල් සතියේ සිට වෙළඳපළට නිකුත් වන ඇත. පහතින් දැක්වෙන්නේ තවත් ඡායාරූප කිහිපයකි.