ටෙස්ලා කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙකු දන්නා වෙළඳ නාමයක්, විශේෂයෙන් මෝටර්රථ සඳහාම අනන්‍ය වූ කීර්තිනාමයක් දිනාගෙන තියෙන ටෙස්ලා සමාගමේ මෝටර්රථ සඳහා මෙන්ම ටෙස්ලා ලාංඡනය සහිත වෙළඳ භාණ්ඩ එනම්,
උදා:- ටෙස්ලා Model Cars, T – Shirts , කෝප්ප සහ iPhone Cases වැනි වෙළඳ භාණ්ඩ.
මෙවැනි භාණ්ඩ සඳහා ද ලෝකයේ සිටින බොහෝ ටෙස්ලා මෝටර්රථ රසිකයන් මෙන්ම රථවාහන ප්‍රිය කරන පාරිභෝගිකයන් අතර විශාල ඉල්ලුමක් දැකගන්නට පුළුවන්.

එහෙත් මේ වෙනතෙක් ටෙස්ලා ලාංඡනය සහිත වෙළඳ භාණ්ඩ ලෝක පාරිභෝගිකයන් හට මිලදී ගැනීමට හැකියාව තිබුනේ ටෙස්ලා සමාගමේ නිල වෙබ් අඩවියෙනි. ලෝක පාරිභෝගිකයන්ගේ පහසුවත් , ටෙස්ලා වෙළඳ භාණ්ඩ තවදුරත් ව්‍යාප්ත කිරීම සඳහාත් ටෙස්ලා සමාගම Amazon හී නිල වශයෙන් Store එකක් ආරම්භ කර තිබෙන අතර ටෙස්ලා සමාගමේ මේ තීරණය සඳහා බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය හිමි වී තිබෙනවා.
UPDATE :- මේ වනවිට Amazon වෙබ් අඩවිය තුළ ඇති ටෙස්ලා Store එක ක්‍රියාත්මක නොවේ.

නමුත් මේ වනවිට ටෙස්ලා නිල වෙබ් අඩවිය තුල මෙම වෙළඳ භාණ්ඩ දැකගැනීමට පුළුවන් වුවත් Amazon වෙබ් අඩවිය තුල මෙම භාණ්ඩ දැකගැනීමට නොමැති අතර මෙම Store එක නැවත පාරිභෝගිකයන් හට විවෘත කරන දිනයක් ගැන සඳහනක් නොමැත. Amozon වෙබ් අඩවිය තුල ටෙස්ලා නිල ලාංඡනය සහිත භාණ්ඩ කිහිපයක් පමණක් දැක ගැනීමට පුළුවන් අතර එම භාණ්ඩ ද මේ වනවිට තොග අවසන් වී තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් ටෙස්ලා සමාගමේ භාණ්ඩ සඳහා විශාල පාරිභෝගික ඉල්ලුමක් තිබෙන අතර මෙම භාණ්ඩ ඉතා ඉක්මනින් තොග අවසන් වන බවට බොහෝ පාරිභෝගිකයන් කියා සිටින අතර ටෙස්ලා නිල ලාංඡනය සහිත භාණ්ඩ යලිත් වෙළඳපොළට ඉතා ඉක්මනින් නිකුත් වේයැයි බලාපොරොත්තු විය හැකිය.
කෙසේනමුත් ඔරිජිනල්ම නොවුනත් එහා සමාන ප්‍රමිතියකින් අවම මිලක් යටතේ ලංකාවේ අපිටත් මේ වනවිට ටෙස්ලා නිල ලාංඡනය සහිත වෙළඳ භාණ්ඩ මෙම ලිපිය අවසානයේදී ඇති ලින්ක් මාර්ගයෙන් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.