Zigo Nebula Tab 7.7 ගැන සිංහලෙන්

, , Leave a comment

Zigo කියන්නේ ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රෙය් ප්‍රභල නාමයක්. ඒ වගේම සීග්‍රයෙන් අලෙවි වන ජංගම දුරකථන හා ටැබ්ලට් මාදිලියක් ලෙසත් හඳුන්වන්න පුළුවනි. Zigo ටැබ්ලට් අතර ඉතාමත් ජනප්‍රිය මාදිලියක් තමයි Zigo Nebula 7.7 ටැබ්ලට් උපකරණය.

අඟල් 7ක තිරයකින් යුත් HD Multi – touch LCD තිරයක් සහිත මේ ටැබ්ලට් උපකරණය ඇන්ඩ්‍රොයිඩ් 5.1 ලොලිපොප් මෙහෙයුම් පද්ධතිය මඟින් බලගැන්වේ. එමෙන්ම 1GB රැම් මතක ධාරිතාවක් ඇති මෙහි අභන්තර මතකය 8GB වේ. 1.2 GHz Intel Atom ප්‍රොෙසසරයකින් බල ගැන්වෙන මෙහි OTG (On The Go) පහසුකම හරහා පහසුවෙන් USB හරහා දත්ත හුවමාරු

ටැබ්ලට් උපකරණ සාමාන්‍යයෙන් කැමරාවක් ලෙස භාවිත නොවූවත් මෙහි ඇති 2MP පසුපස කැමරාවක්ද, Skype හෝ වීඩියෝ කෝල් සඳහා ඉදිරිපස VGA කැමරාවක් ද ඇතුලත්. මීට අමතරව Dual Sim පහසුකම, 3G Call පහසුකම වගේම Bluetooth, WiFi පහසුකම් වලින්ද Zigo Nebula 7.7 ටැබ්ලට් උපකරණය සමන්විතයි.

එමෙන්ම වැඩි බැටරි ආයුකාලයක් සඳහා 2500mAh LI-ION බැටරිය උපයෝගී වේ. එදිනෙදා විනෝදාත්මක මෙන්ම අධ්‍යාපනික, ව්‍යාපාරික මෙවලමක් වශයෙන් Zigo Nebula 7.7 ටැබ්ලට් උපකරණය රුපියල් 14000කට ආසන්න ඉතා පහසු මුදලකට ලංකාවේදී මිලදීගත හැක.

Image Credit: Takas.lk
 

Leave a Reply