TADHack 2015 ඇරඹේ !

, , Leave a comment

TADHack කියන්නේ Telco ඇප් නිර්මාණය කිරීම සඳහා පැවැත්වෙන විශාලතම අන්තර්ජාතික Hackathon තරඟය ලෙස හැඳින්වූවොත් එය නිවැරදියි. මේ මස 13-14 යන දෙදෙන තුල පැවැත්වීමට නියමිත TADHack සඳහා මේ වන විට කණ්ඩායම් 150කින් තරඟකරුවන් 500කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත. ඒ අතරින් ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් 20ක් තෝරාගනු ඇත.

hSenid Mobile ආයතනය විසින් සංවිධානය කරනු ලබන මේ තරඟය සඳහා රටවල් 11ක තරඟකරුවන් සහාභාගී වනු ඇත. මීට අමතරව TADHack Bangladesh නමින් ද බංගලාදේශය තුල තරඟයක්ද සංවිධානය කර ඇත. මේ වසරේදී Developer කණ්ඩායම් වලට අමතරව විවිධ සමාගම් හා ආයතන නියෝජනය කරමින්ද තරඟකරුවන් සහභාගී වී ඇත.

පසුගිය වසරේ පැවති TADHack 2014 හීදී විවිධ නිර්මාණාත්මක apps ගණනාවක්ම මූල්‍යමය ආධාර ලබාගත් අතර ඒ හරහා ඔවුනට ජාත්‍යන්තර තලයට තමන්ගේ Apps එළිදැක්වීමට අවස්ථාව හිමිවිය. මීට අමතරව ජයග්‍රාහී කණ්ඩායම් සාමාජකයෙක් ඉස්ථාන්බුල් හි පැවැති TAD Summit සඳහා සහභාගී වී ඒ හරහා ජාත්‍යන්තර දුරකථන සේවා සපයන්නන් හා ඇප් නිර්මාණකරුවන් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීමට TADHack ඉවහල් විය.

මේ වන විට hSenid Mobile විසින් සිය API පිළිබඳ අවබෝධය ලබාදීම සඳහා වීඩියෝ මාලාවක් එළිදක්වා ඇති අතර කොළඹදී meetups 2ක් හා යාපනයේදී ද තවත් meetups 2ක් පවත්වා ඇත.

Developer සමාජය සඳහා මේ හරහා Internet of Things (IoT) සහ WebRTC (Web Real Time Communication) API භාවිත කිරීමට අවස්ථාව සැලසෙන තර ඒවා යොදාගනිමින් ඔබ නිර්මාණය කරන මෘදුකාංග සඳහා හොඳම නිර්මාණය ලෙස $35000ක මුදලක් දිනාගැනීමට අවස්ථාව ඔබට ලැබේ. මෙහි තෝරාගත් කණ්ඩායම් සඳහා අවසන් තරඟය කොළඹ OZO හීදීත් යාපනයේ Yarl IT කාර්ය්‍යාලයේදීත් ජුනි මස 13 හා 14 දිනයන්හීදී පැවැත්වේ.

වැඩි විස්තර සඳහා http://devspace.hsenidmobile.com/event-tadhack2015/

 

Leave a Reply