Start up ව්‍යාපාරයක ප්‍රගතිය පවත්වා ගැනීමට උපදෙස් හතක්

, , 1 Comment

Startup ව්‍යාපාරයක් ආරම්භ කරන විට ප්‍රාරම්භකයාගේ අදහස වන්නේ තම සංකල්පය පාරිබෝගිකයා විසින් පිළිගනු ලැබෙන අතර, එහි සාර්ථකත්වය ඉබේ සිදු වන බවය. නමුත් ව්‍යාපාරයක සාර්ථකත්වය මෙතරම් පහසු වේ නම් ලොවේ සැම දෙනෙක්ම ස්වයං රැකියාවක වල නියතු වෙනු ඇත.

යතාර්ථය මීට හාත්පසින් වෙනස්ය. විවිධ හේතුන් නිසා සාර්ථකත්වය කාඩාකප්පල් විය හැක.

Carmudi යනු ශ්‍රී ලංකාවේ අරම්භ කරන ලද start-up ව්‍යාපාරයකී. අනාගත ව්‍යාපාරියකයන්ට අනුගමනය කල හැකි පියවර කිහිපයක් Carmudi වෙතින් ඉදිරිපත් කර ඇත. පහත සදහන් උපදෙස් හත ඔබගේ ව්‍යාපාරයේ සිදුවිය හැකි  බාධා අවම කිරීමට රුකුලක් වනු ඇත.

හුදෙකලා නොවන්න

තම අභියෝග තනිවම මුහුණ දීම ප්‍රාරම්භකයෙකු වශයෙන් ඔබට මහත් ප්‍රබෝධවත් හැගීමක් ලබාදෙයි. නමුත් තමා මෙන්ම නැගිටින්න උත්සහ කරන අනිත් ව්‍යාපාර ආරම්භකයන් හා සමග එක හා සමානව දැකීම ඔබට මහත් උපකාරයක් වනු ඇත.

ජර්නල් සටහන්, සන්නිවේදන මෙවලම්, තොරතුරු කණ්ඩායම්, වෙබ් අඩවි, සහ වෙනත් උපකාරක මාදිලි වර්තමානයේ ඔබට සොයා ගැනීමට පුළුවන්ය. හොද සබඳතා පවත්වා ගැනීම තුලින් ඔබට තම අභිප්‍රායනය ගොඩනගා ගත හැක.

කිසිවක් කල් නොදමන්න

සෑම දීර්ඝ ගමනක්ම ආරම්භ වන්නේ එක් පියවරකිනි. කිසියම් කටයුත්තක් සම්පාදනය කරන විට එය පියවර කිහිපයකින් කිරීම ඉතාමත් යෝග්‍යවේ.

වැදගත් වන්නේ: ආරම්භය, දැන් මේ මොහොතේ සිදු කිරීමය. ඕනැම කටයුත්තක ආරමිභය සිතූ මොහොතේ සිදු කිරීමෙන් එය පහසුවෙන් නිමා කල හැකිය.

පියවරෙන්, පියවර තම අරමුණ වෙත අර්ථවත් සහ සැලැස්මකට අනුව පිවිසීමෙන් එය පහසුවෙන් සපල කරගත හැක.

ආත්මවිශ්වාසය ගොඩනගා ගන්න

තමාගේ හැකියාවන් පිලිබඳ අවිනිශ්චිතභාවයෙන් සිටීම, තම සාර්ථකත්වයට බාධකයක් වේ. ඒ නිසා තමා පරාජය වන්නේ තමා කිසිවක් නොකලොත් පමණී. අනිකුත් සෑම අවස්තාවකදීම ඔබ ප්‍රතිලාභ හෝ අත්දැකීම් ලබාගනු ඇත.

මෙය යම් අවස්ථාවන් හිදී ඔබට සුළුකාලීන ලාභවලට වඩා වාසි වෙනු ඇත. වැදගත් වන්නේ තමා විසින් ලැබු අත්දැකීම් සහ උගත් පාඩම් මතක තබා ගැනීමය. එය පෙර කල වැරදි නැවත කිරීමෙන් ඔබට වැලකිමට හැක.

ප්‍රධානියා ඔබය

ඔබගේ start-up සමාගමේ බලය සතුවන්නේ ඔබට පමණය. කිසිම බැංකුවකට, පාරිබෝගිකයෙකුට, සේවකයෙකුට, හෝ තම කොටස්කරුවෙකුට තනි තීරණ ගැනීමට අයිතියක් නැත. තම බලය නිසි ලෙස භාවිත කිරීමට තමා වග බලා ගතයුතුයි.

නමුත් යම් දවසක ප්‍රාරම්භකයාගේ තීරණ ප්‍රතික්‍රියාවක් හා අනුබද්ධ වන බව අනිකුත් අයට පැහැදිලිවෙ. බාහිර බලපැම් තම වාසියට භාවිතා කිරීමට ඔබ දැනගත යුතුය. තම සාර්ථකත්වයේ විශාල කොටසක් මෙලෙස ලඟා කරගත හැක.

අවධානය යොමු කරන්න

තම සමාගමේ අයිතිකරු වශයෙන් ඔබට ඕනෑම දෙයක් කිරීමට නිදහස ඇත. නමුත් ඕනෑම දෙයක් කිරීම නිවැරදි බව මෙයින් හැග නොවේ. කළමනකරණයේ කාලාව වන්නේ නිවැරදි ලෙස කේන්ද්‍ර කිරීම හා මනා අභිනියොජනයයි. ඉතා කුඩා සමගමක් වුවත් සුළු ආයෝජනයේ පටන් සැලකිලිමත් විය යුතුයි. මෙය තමාට වාසි තත්වයක් සලසනු ලෑබේ.

අරමුණු සිත්හී තබා ගන්න

සාර්ථකත්වය නිසිලෙස හදුනන්නේ නැති කෙනෙකු ලෙසින් “එය ඉතා පහසු දෙයකි” යන මිත්‍යාවට රැවටේ. මේ ගැන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. තම ව්‍යාපාරික අදහසේ සාර්ථකත්වය, ඔබ ලද දේව වරමක් ලෙස නොසිතන්න

විකල්ප පිළිබඳ අවබෝධය

තම ව්‍යාපාරයට තිබෙන හොඳම විකල්ප තෝරගත යුතුය. මෙය සෑමවිටම ඔබට වාසිදායක නොවුනත්, තමාට තිබෙන විකල්ප ගැන අවබෝධයත්, ඒ පිලිබඳව විවෘතව සිටීමත් වැදගත්ය. තම ව්‍යාපාරයේ සාර්ථකත්වය තමා සතු බව ප්‍රාරම්භකයා දැනගත යුතුය.

 

One Response

Leave a Reply