Website Loading Time එක අඩුකරගන්න වැදගත් හේතු 4ක්

0

දැන් ගොඩක් අය අන්තර්ජාලයෙන් මුදල් හොයන්න උත්සහා කරනවා. ඉතින් ගොඩක් දෙනා Blogging තොරගන්නවා. වෘත්තිමය බ්ලොග් එකක් කරන්න නම් ඉතින් හොන්දම බ්ලොග් ප්ලැට්ෆෝම් එක වෙන්නේ WordPress Self-Hosted Solution. මේක තවත් WordPress ගැන ලිපියක් නෙමෙයි. කෙටියෙන් කිව්වොත් මේක WordPress බ්ලොග් එකක් ඇයි වේගවත් කළ යුත්තේ කියලා තමයි කියන්න යන්නේ.

Google ගොඩක් වෙහෙසෙනවා අන්තර්ජාලයේ වේගවත් Websites & Blogs වලට ලොකු තැනක් දෙන්න. ඉතින් ඔයත් ඒ අදහසෙම හිටියොත් ඔයාට මෙන්න මේ ප්‍රතිලාභ ලබන්න පුලුවන් නිසැකවම.

1. Killing Your Bounce Rate

එක Bounce එකක් කියන්නේ ඔයාගේ බ්ලොග් එකට ඇවිල්ලා වෙනත් එක පිටුවක්වත් නොබලා පිට වෙලා යන එකට වගේම ඔයාගේ බ්ලොග් එකට ඇවිත් තත්පර 2න් 3න් පිටවෙල යන අයටයි. ඉතින් Bounce Rate කියන්නේ එහෙම ඔයගේ බ්ලොග් එකෙන් පිටවෙලා යන අයගේ ප්‍රතිශතයයි. මේක ගැන වැඩි විස්තර ඉස්සරහට මගේ බ්ලොග් එකෙන් දාන්න ඉන්නේ. අනිත් එක මේක Bounce Rate ගැන ලිපියක් නෙවෙයිනේ.!

ඔයාගේ බ්ලොග් එක වේගවත් කලාම, බ්ලොග් එකට එන Visitorsලට වැඩි වෙලා බලන් ඉන්න දෙයක් නෑනේ. ඒක නිස Bounce Rate අඩු වෙනවා ගොඩක් දුරට. කවුද කමැති ඉක්මනින් Load වෙන වැදගත්(වෘත්තිමය බ්ලොග් එකක් නම් අනිවා වැඩගත්) බ්ලොග් එකක් දාල යන්න. අන්න ඒ විදිහට තමයි වේගවත් බ්ලොග් එකක් Bounce Rate එක මරන්නේ.

2. Rewards by Google Search Engine

Google නිතරම උත්සහා කරන්නේ ස්පෑම් නැති හොන්ද වැදගත් තොරතුරු තියෙන අන්තර්ජාලයක් හදන්න. ඒක නිසා වේගවත් වැඩි බ්ලොග් වලට Google ගෙන් වැඩි සැලකිළි ලැබෙනවා.

➠ Google PageRank එක වැඩිවෙන්න බලපානවා. PageRank වැඩිවෙන්න බලපාන ලොකුම Factor එක තම්යි Backlinks කියන්නේ. හැබැයි ඒක නෙමෙයි බලපාන එකම Factor එක වෙන්නේ. ඉතින් මේ බලපාන චූටී චූටී Factors වලින් එකක් තමයි මේ වේගවත් බ්ලොග් එකක් කියන්නේ.

➠ Google SE වෙබ් සයිට්, බ්ලොග් රෑන්ක් කරන්න එක එක ජතියේ Signals & Factors 200 ගානක් වගේ පාවිච්චි කරනවා. ඉතින් වේගවත් බ්ලොග් එකක් කියන්නේ එක සාදකයක්. මේ නිසා Search Rankings ඉහළ යනවා. කොහොමත් ඵ්ර්‍ වැඩිවෙද්දි තරගය වැඩි Keyword එකකට උනත් ටිකක් හරි ඉහළට එනවා.

මගේ Blog එකේ වේගය වැඩි කරනකොට ඒකෙන් ලැබෙන Improvement එක හොඳට පේනවා. මොකද Google SE එකෙන් එන Organic Traffic එක වැඩිවෙනවා.

3. Art of Building Trust

ඔයා මොනාහරි සේවයක් හෝ නිෂ්පාදනයක් අලෙවි කරනවනම් ඔයාගේ බ්ලොග් එක හරහා, ඔයාට සිදුවෙනවා බ්ලොග් එකට එන Visitorsලව බ්ලොග් එක කියවන්නන් බවට පත්කරන්න. ඒ වගේම ඔයාගේ සේවය හෝ නිෂ්පාදනය මිලදී ගන්නන් එහෙම නැත්තම් ගණුදෙනුකරුවන් බවට හරවන්නත් සිදුවෙනවා.

මේ පරිවර්තනය කිරීම ඔයා හිතන තරම් ලේසි නැහැ. ඔයාට බ්ලොග් එකට එන සාමාන්‍ය වගේම First Time Visitorව තමයි Customer දක්වා ගේන්න වෙන්නේ. ඒ නිස මුලින්ම ඔයා ඒ එන පුත්ගලයගේ විශ්වාසය ලබාගන්න ඔනා. ඉතින් බ්ලොග් එක ඉක්මනින්ම Load වෙනවා කියන්නෙත් විශ්වාසය ගොඩනගා ගැනීමේ උපක්‍රමයක්. මේ වගේ තව ගොඩක් ක්‍රම තියෙනවා මේ කියන Conversion Optimization පද්ධතිය සාර්ථක කරගන්න. ඒවා ගැනත් ඉදිරියෙදි ලියන්න හිතන් ඉන්නවා.

කොහොමනමුත් වේගවත් වැඩි බ්ලොග් එකක් කියන්නේ විශ්වාසය ගොඩනගා ගැනීමේ සාධකයක්.

4. Matter of Expanded Audience

ඔයා මොනවද ලෝකයේ අන්තර්ජාල Usage එක ගැන හිතන්නේ? ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන්නේ බොහොම පොඩ්ඩයි, නමුත් පිටරටවල එහෙම මේ ප්‍රතිශතය ගොඩක් ඉහලයි. ඔයා හිතනවද, මේ අන්තර්ජාලය පාවිච්චිකරන හැමෝම අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා පරිහරණය කරන අය කියලා..? එහෙම වෙන්නේ නෑ. මොකද ඒ ඒ කෙනාගේ ආර්ථික තත්වය අනුව තමයි ගන්න අන්තර්ජාලයේ වේගය ගැන හිතන්න වෙන්නේ.

ඉතින් ගොඩක් දෙනා තමන්ගේ ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා, තවත් සමහර අය සාමාන්‍ය Dial-up අන්තර්ජාල සබධතා පාවිච්චි කරනව. ඔයාගේ බ්ලොග් එක වේගවත් වෙන්න, ඔයාට මේ Broadband Connection නැති පිරිසවත් ඔයාගේ Visitorsල අතරට, කියවන්නන් අතරට ගන්න පුලුවන්.

Check Your Website Speed

දැන් ඉතින් ඔයාගේ Blog එකේ වේගය මැනලා බලමු. මං ඕනම Blog එකක Performance එක මනින්න පාවිච්චිකරන්නේ Online Tools දෙකයි.

1. Google PageSpeed Insights
මං කලින් කිව්වනේ Googleගේ එක පරමාර්ථයක්. ඉතින් Google ඔයාට උදව් කරන්න කැමතියි ඔයාගේ බ්ලොග් එකේ වේගය වැඩිකරන්න. මේ ටූල් එකෙන් කරන්නේ වේගවත් කරන්න පුලුවන් ක්‍රියමාර්ග ඔයා කරලනම් ඒ අනුව ඔයාට ලකුනු ලබාදීමක්. මේකෙදි Load වෙන්න ගන්න වෙලාව ගැන සඳහන් කරලා නෑ. ඒ කියන්නේ මේකෙන් බලන්නේ අර ක්‍රියාමාර්ග පිළිපැඳලද කියලා.

ගොඩක් වෙලාවට සාමාන්‍ය WordPress Blog එකකට මේකෙන් ලැබෙන Score එක වෙන්නේ 70% වගේ. ඒත් මේ කියන උපක්‍රම ඔක්කොම ටික කලොත් එහෙම 98% වගේ Score එකක් උනත් ගන්න පුලුවන්. පහලින් තියෙන්නේ මගේ SLMarketer.com එකේ Score එක. ඔයාට පේනවා ඇති ඒක 94% කියලා. icon wink ඔයාගේ Website Loading Time එක අඩුකරගන්න වැදගත් හේතු 4ක්

SLMarketer PageSpeed 94 ඔයාගේ Website Loading Time එක අඩුකරගන්න වැදගත් හේතු 4ක්

2. Pingdom Loading Time Checker
මේක තමයි මං පාවිච්චිකරන අනිත් Tool එක. මේකෙන් කරන්නේ Loading Time එක මනින එක. හැබැයි මේකෙන් තව ගොඩක් දේවල් බලන්න පුලුවන්.

➠ Load වෙන තත්පර ගාණ බලාගන්න පුලුවන්.
➠ වැඩිම බරක් තියෙන Files or Requests බලාගන්න පුලුවන්.
➠ Loading Speed Score එක බලාගන්න පුලුවන්.
➠ සම්පූර්න Requests සයිට් එක Load කරන්න අවශ්‍ය.

පහළින් තියෙන්නේ SLMarketer එකේ Loading Time එක.

SLMarketer Pingdom Loading Time ඔයාගේ Website Loading Time එක අඩුකරගන්න වැදගත් හේතු 4ක්

What Next?

ඔයා මෙච්චරකල් Website Speed එක ගැන හිතුවේ නැත්නම් දැන් හිතන්න ඕනා ඇයි කියලා හොඳටම දන්නවා.

ඉතින් ඔයාගේ Blog එකේ Performance Results අපිටත් දැනගන්න කියන්නකෝ පහළ Comment වලින්. සමහරවිට ඔයාට තවත් විස්තර මේ ගැන දැනගන්න ඕනා ඇති. ඒවුනත් මේ ගැන වැඩි විස්තර ඉස්සරහට එන ලිපියකින් තමයි කියන්න වෙන්නේ.