How to Back Up Your Smartphone: ඔබේ ජංගම දුරකථනය පහසුවෙන් backup කරගන්නේ මෙහෙමයි

, , 2 Comments

ඔබගේ ජංගම දුරකථනය ඉතා සියුම්ව නිමවන ලද්දකි. ඔබගේ දින දර්ශනය විවිධ වර්ණයෙන් යුත් ඔබේ වැදගත් දින හා සටහන් වලින් සැදුම් ලද්දකි. ඔබගේ සංගීත එකතුව ඉතා සුක්ෂමව මිශ්‍ර වූ ඔබගේ වඩාත් ප්‍රියකරන නාද එකතුවකි. ඔබ ඔබගේ home screen එක මත විවිධ icons නිසි ස්ථානය මුණ ගැසෙන තුරු එහා මෙහා හසුරවමින් කාලය ගත කරනවා විය හැක. එය වැසිකිලියේදී ඔබ අතින් බිම වැටුනහොත් කෙතරම් ඛේදජනක අත්දැකීමක් විය හැකිද? එය ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි සම්භාවිතාවයක් ඇත.ඔබට අලුත් දුරකතනයක් මිලදී ගැනීමේ හැකියාවක් ඇතත් ඔබ දින ගණනක් වෙහෙස වී සැකසූ හා දත්ත ඇතුලත් කළ ආකාරයට එය සකස් කිරීමට කෙතරම් කාලයක් ගතවිය හැකිද?

ඔබ සිතනවාටත් වඩා ජංගම දුරකතනයක් සතු ඔබේ පෞද්ගලික දත්ත සංඛ්‍යව ඉතා ඉහලයි. alarm clock එකේ සිට text message දකවා ඔබගේ සියලුම දෛනික රටාවන් පෞද්ගලික තොරතුරුද එහි සාක්ෂි සහිතව ඇතුලත්වේ. දුරකථනය back up කිරීමෙන්,හුදෙක් ඔබගේ තොරතුරු සොරකුගෙන් හා ආපදාවකින් ආරක්ෂා වනවා පමණක් නොව, devices upgrade වීමේදී සියුම් ස්ථාන මාරු වීමද ඇති විය හැක. ඔබ භාවිත කරනුයේ iOS වුවද Android වුවද ,ඔබට දැනටමත් දුරකතනයේ music, photos, email වැනි වැදගත් දත්ත back up කරගැනීමේ පහසුකම ඇත. ඔබ තවදුරටත් වඩා සැලකිය යුතු backup options සොයනවා නම් , එසේ බය වීමට අවශ්‍ය නොමැත. සියලුම දුරකථන පරිශීලනය කරන්නන්ට මෙම පහසුකම පොදුය.

iPhone භාවිත කරන්නන් සඳහා

Apple දුරකථන භාවිත කරන්නන් සදහා Apple දුරකථන භාවිත කරන ඔබ සදහා backup options පහසුකම් දෙකක් වේ. එනම් iCloud හා iTunes මඟිනි.

iCloud

iCloud යනු Apple app එකක් වන අතර ඒ හරහා ඔබට ඔබේ දත්ත cloud එකෙහි ස්ථාපිත කර ආරක්ෂාකිරීමට අවස්ථාව ඇත. iCloud හරහා Back up කිරීම ස්වයංක්‍රීය හා Wi-Fi සම්බන්ධතාවයකින් රැහැනි රහිතව (wirelessly) සිදු කල හැකිය. (ඔබට 3G භාවිතයෙන් iCloud හරහා back up කල නොහැක.) එමෙන්ම ඔබට iCloud හරහා නොමිලයේ ලබා දෙන්නේ 5GB වැනි සුළු ඉඩ ප්‍රමාණයක් නිසා වැඩිපුර ඉඩක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ගෙවීමට ඔබට සිදුවේ.

Turn on iCloud to wirelessly sync your data.

Image: Mashable

iCloud හරහා Backup කිරීමේදී Settings > iCloud > Storage & Backup පිළිවෙල අනුගමනය කරන්න. මීලගට iCloud Backup, turn on කරන්න.එවිට ඔබ මින් පෙර install කල Apple apps screen එක මත පෙනෙනු ඇත.

Select your phone to determine what apps to sync.

Image: Mashable

 

මෙහිදී ඔබට back up කල යුතු හා නොකළ යුතු apps තෝරාගත හැක. scroll down කර “Storage & Backup” ලබාගෙන පසුව “Manage Storage.”වෙත යන්න.දැන් ඔබගේ iPhone එකට අදාල option තෝරාගන්න.

Select which apps you'd like to sync.

Image: Mashable

 

Turn off වූ app සදහා, iCloud හි “Turn Off and Delete” option එක ලබාගන්න. මෙමගින් ඕනෑම දත්තයක් ඔබගේ දුරකථනය තුල ගබඩා වනු ඇත. iCloud backup තුලින් Data delete කිරීමේදී apps මගින් clouds තුල ගබඩා වූ (Google apps) දත්ත save කිරීම ගැන නොතකන්න. එය හුදෙක් වටිනා ඉඩක් අහිරීමක් පමණි.

ඔබගේ iPhone දුරකථනය Wi-Fi signal වෙත සම්බන්ද කර, power source එකක් වෙත plug කර screen එක lock අවස්ථාවේ තැබීමෙන් (භාවිත නොකර සිටීමෙන්) දුරකථනය auto backup වේ.

iTunes

කිසිදු මුදලක් නොගෙවා back up සඳහා වැඩි ඉඩක් ලබා ගැනීමට අවශ්‍ය අය සඳහා සෘජුවම ඔබගේ දත්ත ඔබගේ පරිගණකයේ තැම්පත් කරගත හැකි මෘදුකාංගයකි iTunes. නමුත් මෙලෙස back up කරගත්තද ඔබගේ පරිගණකය බොහෝවිට තිබෙන්නේ නිවසේ ය.( එසේත් නැත්නම් ඔබගේ කාර්යාලයේ විය හැක.) ඒ නිසාවෙන් යම් හෙයකින් ඔබගේ පරිගණයේ දෘඩ මතකයට (Hard Drive) හානියක් සිදුවුව හොත් ඔබට ඔබගේ ජංගම දුරකථනයේ දත්ත අහිමි විය හැක. ඒ නිසා Mozy හෝ Carbonite වැනි මෘදුකාංගයක් භාවිතයෙන් ඔබගේ පරිගණකයද backup කරගැනීමට සඔබට සිදුවනු ඇත.

Backup කිරීමට මත්තෙන් iTunes මෘදුකාංගය ආසන්නතම version එක සඳහා update කර තිබීමද වැදගත් වේ. ඒ සඳහා Help > Check for Updates වෙත පිවිසෙන්න.

ඔබ wi-fi හරහා රැහැන් රහිතව sync කරන්නේ නම් iCloud off කර Wi-Fi on කර තිබිය යුතුය. එමෙන්ම ඔබගේ පරිගණකය හා iPhone දුරකථනය එකම ජාලයකට (network) සම්බන්ධව තිබීමද වැදගත් වේ. ඔබගේ දුරකථනයෙන්  Settings > General > iTunes Wi-Fi Sync වෙත පිවිසී ලැබෙන මෙනුවෙන් ඔබගේ පරිගණකය තෝරා Sync Now ඔබන්න.

 

Android භාවිත කරන්නන් සඳහා

ඔබ android භාවිත කරන්නෙක් නම් ඔබේ ජංගම දුරකථනයේ බොහෝමයක් data වල ආරක්ෂාව පිළිබඳව වගකීම google විසින් දරයි. Google හරහා ආවරණය නොවන දත්ත ඔබට වෙනත් ක්‍රම මඟින් ආරක්ෂා කරගත හැක.

Google

Apple හි මෙන්ම Google ද ඔබගේ දත්ත වලින් බොහෝමයක් ඔබගේ අනුදැනුම ඇතිව backup කරගනු ලබයි. ඒ සඳහා ඔබේ අවසරය ලබා දීමට ඔබේ ජංගම දුරකථනයේ Settings > Backup & Reset හි Backup My Data සහ Automatic Restore යන්න තෝරාගත හැකිය. ඒ මෙනුව තුලින්ම ඔබට backup කිරීමට අවශ්‍ය ගිණුමද තේරිය හැක.

Android can automatically back up most of your data.

Image: Mashable

ඔබ Google සේවා ලබාගැනීම වැඩි වන තරමට Google තුලම ඔබගේ දත්ත වලින් බොහෝමයක් සුරක්ෂිත කරනු ඇත. ඔබගේ ජංගම දුරකථනයේ තැම්පත්ව ඇති දත්ත ප්‍රමාණය වැඩි වන විට පළමු වර backup වීම සඳහා වැඩි වේලාවක් ගතවන නමුත් පසුව ඒ සඳහා ගතවන කාලය බොහෝමයක් කෙටිය.

Manual Transfer

එමෙන්ම ඔබට manual ලෙස ඔබගේ ගීත, චිත්‍රපට, ඡායාරූප වැනි දෑ ඔබගේ පරිගණකයේ තැම්පත් කර ගත හැකි වන අතර ඒ සඳහා USB කේබලයක් මඟින් ඔබගේ පරිගණකයට ජංගම දුරකථනය සම්බන්ධ කළ යුතුය. Windows මෙහෙයුම් පද්ධතිය සඳහා ඔබගේ ජංගම දුරකථනය ස්වයංක්‍රීයවම memory storage එකක් ලෙස ක්‍රියාත්මක වනු ඇති නමුත් iOS මෙහෙයුම් පද්ධතියේ දී ඒ සඳහා Android FileTransfer මෘදුකාංගය install කළ යුතුය.

My Backup Pro

 

My Backup Pro saves personal data from your Android Phone

Image: Google Play

Google මඟින් පිරිනමන backup සේවාව ඔබේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නැති නම් ඒ සඳහා හොඳම විසඳුමක් ලෙස My Backup Pro හැඳන්විය හැක. Photos, app data, browser bookmarks, contacts, system settings, home screen shortcuts, alarms, calendars, MMS messages, SMS messages, music playlists වැනි විවිධ පහසුකම් වලින් සහිතයි.

 

SMS Backup+

 

SMS Backup+ will keep a record of your texts in your email inbox.

Image: Google Play

 

ඔබගේ SMS backup කරගැනීම සඳහා පහසුවෙන් භාවිත කළ හැකි නොමිලයේ භාවිත කළ හැකි තවත් app එකකි SMS Backup+ මෘදුකාංගය.

ඔබ දන්නවාද ඔබටත් ඔබේ දැනුම අපගේ වෙබ් අඩවිය හරහා බෙදා හදාගන්නට දැන් අවස්ථාව හිමිවී ඇති බව. මෙවැනි වැදගත් ලිපි, වීඩියෝ පට අප හරහා ලාංකික අන්තර්ජාල පාඨකයින් සමඟ බෙදාගන්නට ඔබටත් හැකිනම් අපගේ වෙබ් අඩවිය සමඟ මෙතනින් ලියාපදිංචි වන්න.

 

2 Responses

Leave a Reply