Google I/O Extended Sri Lanka හීදී ඔබට අත්දැකිය හැකි දේ..!

, , Leave a comment

Google I/O දැවැන්ත තාක්ෂණික උළෙල සඳහා  මේ වන විට සියල්ල සූදානම් වි තිබෙනවා. Google I/O ප්‍රධාන සමුළුව ඇමරිකාවේ කැලිෆෝනියා හීදී පැවැත්වෙන අතර ඊට සමගාමීව ලොව පුරා Google I/O Extended සමුළු පැවැත්වෙනවා. මේ අතරින් පසුගිය වසරේ ලංකාවේ Dialog Ideamart හා GDG කණ්ඩායම් සංවිධාන දායකත්වයෙන් පැවැත්වුනු සමුළුව ඇමරිකාවෙන් පිට පැවැති වැඩිම පිරිසක් සහභාගී වූ Google I/O Extended සමුළුව වුනා. මේ බව Google සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Sundar Pichai සිය ප්‍රධාන කතාව අතරතුර පවසා සිටියා. ඉතින් මෙවරත් Dialog සමාගමේ අනුග්‍රහයෙන් සහ Dialog Ideamart හා GDG සංවිධාන ශක්තියෙන් Google I/O Extended Sri Lanka සමුළුව හා ප්‍රදර්ශණය මැයි මස 17 වන දින දහවල් 12 සිට BMICH හීදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

මේ උත්සවය ප්‍රධාන අංග 2කින් සමන්විතයි. ඒ, ලංකාවේ නම ජාත්‍යන්තරයට පවා ගෙන ගිය තරුණ තරුණියන්ගේ දක්ෂතා ඇතුලත් ප්‍රදර්ශණය (Innovation Exhibition) සහ Google I/O ප්‍රධාන සමුළුවට සමගාමීව පැවැත්වෙන තාක්ෂණික සමුළුව (Main Conference) ලෙසයි.

Google I/O Sri Lanka – Innovation Exhibition

මැයි 17 වන දින දහවල් 12 සිට BMICH හී Hall B තුල පැවැත්වෙන මේ අංගය සඳහා ඕනෑම කෙනෙකුට සහභාගී වීමට හැකියාව තිබෙනවා. එහිදී රොබෝ සටන්, පරිගණක ක්‍රීඩා, ඩ්‍රෝන යානා මෙන්ම තවත් බොහෝ තාක්ෂණික නවෝත්පාදනයන් දැක බලාගන්නටත් අත් විඳිමටත්, තෑගි දිනාගැනීමටත් හැකියාව තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදර්ශණය සඳහා ඕනෑම කෙනෙකුට නොමිලයේ ඇතුල්වීමට හැකියාව තිබෙන නිසා තාක්ෂණය ගැන ඇල්මක් ඇති හැමෝටම අප ආරාධනා කර සිටිනවා.

Google I/O Extended Main Conference

එදිනම හවස 6 සිට ආරම්භ වන Google I/O ප්‍රධාන සමුළුවට සහභාගී වීමට නම් ඔබට Invitation ලැබී තිබිය යුතුයි. මෙහිදී Google විසින් එළිදක්වන නවතම තාක්ෂණික තොරතුරු, නිපැයුම් පිළිබඳ දැනුවත් වීමට අමතරව ලංකාවේ අපේ සමාගම් හා නිර්මාණකරුවන් විසින් නිපදවා ඇති තාක්ෂණික නිර්මාණ දැක බලාගන්නට ඔබට හැකියාව ලැබේවි. තාක්ෂණික දේවල වලට අමතරව පොඩ්ඩා, ජනයි ප්‍රියයි සහ ඉරාජ් වගේ නිර්මාණකරුවන් ඉදිරිපත් කරන විනෝදාත්මක අංග අත්විඳීමට ඔබට හැකියාව ලැබේවි.

මෙහිදී WSO2 සමාගමේ නිර්මාතෘ සංජීව වීරවර්ණ සහ සමීර ජයසෝම දෙපල තම සමාගම විසින් හඳුන්වාදුන් නව ක්‍රමලේඛ භාෂාවක් වන Ballerina පිළිබඳවත්, කංඡායුඨ පරිගණක ක්‍රීඩාව නිර්මාණය කළ Arimac සමාගමේ නිර්මාතෘ චමීර ජයසිංහ තම සමාගම ආ ගමන් මග පිළිබඳවත් කතාබහ කරනු ඇති. මීට අමතරව ඩයලොග් අායතනය නියෝජනය කරමින් ෆාරික් ඛාඩර්, රොෂාන්ත් ගාඩිආරච්චි, ෂෆ්රාස් රහීම්, මිචෙලා තලගල, කසුන් විතානාච්චි, මලින්ද ප්‍රසාද් සහ Google Developer Group නියෝජනය කරමින් තාරක දේවින්ද, රවීන් හේරත් හා Google ආයතනය නියෝජනය කරමින් ප්‍රාශ් බාලක්‍රිෂ්ණන් සමඟ මිකා ඉගරාෂි ත්, Google Business Group නියෝජනය කරමින් සජිනි ජයවර්ධනත් අංග ඉදිරිපත් කිරීමට නියමිතයි.

තවද භාෂා ආයතනය නියෝජනය කරමින් ධනික පෙරේරාත්, CakeLabs නියෝජනය කරමින් හසිත ලියනගේ, SLASSCOM නියෝජනය කරමින් ශෙවාන් ගුණතිලක ත්, PickMe ආයතනයෙන් ජිෆ්රි සුල්ෆර් සහ HypeHash නියෝනයෙන් රවිහාන්ස් වැටකේපොත යන අයත් තාක්ෂණික හා ව්‍යාපාරික සංවාදයන් සඳහා දායක වෙනු ඇත.

යම් විදියකින් ඔබට මේ සමුළුවට සහභාගීවීමට Invitation ලැබී නැතිනම් ඔබට Live වීඩියෝව හරහා නැරඹීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා TechGuru.lk සමඟ රැඳී සිටින්න.

පහතින් දැක්වෙන්නේ ප්‍රධාන සමුළුවේ පැවැත්වීමට සූදානම් කර ඇති අංග පිළිබඳ විස්තරයයි.

Time Session Speaker
5 PM – 6.45 PM Registration (Developers / Enterprises)
6.50 PM – 7 PM Event Opening
7 PM – 7.15 PM Keynote by Dialog and Google Fariq Cader & Prash Balakirshnan
7.15 PM – 7.45 PM GDG Sri Lanka, Google and you Tharaka Devinda,Michela Thalagala & Roshanth Gardiarachchi
7.45 PM – 8.25 PM Ballerina by WSO2 Dr.Sanjiva Weerawarana & Sameera Jayasoma
8.25 PM – 8.30 PM Enternainment Segment Janai Priyai
8.30 PM – 8.45 PM Dinner starts
8.45 PM – 9.05 PM Arimac Story Chamira Jayasinghe
9.05 PM – 9.25 PM
9.25 PM – 9.45 PM A Good Way to Stay Connected Shafraz Rahim
9.50 PM – 9.55 PM Enternainment Segment Podda
10 PM – Midnight Keynote Live Streaming
12.00 AM – 12.15 AM Enternainment Segment Iraj
12.15 AM – 12.45 AM Google Cloud Platform Mika Igarashi
12.45 AM – 1.15 AM ideamart Gone Global Kasun Withanarachchi
1.15 AM – 1.45 AM Do or Die Malinda Prasad
1.45 AM – 2 AM Entertainment Segment Akunu
2 AM – 2.20 AM Product Launches
2.20 AM – 2.50 AM Real World Fullstack Engineering Hasitha Liyanage
2.50 AM – 3.10 AM SLASSCOM Speech Shevan Goonethilake
3.10 AM Onwards Snacks will be served
3.10 AM – 3.15 AM Entertainment Segment
3.15 AM – 3.30 AM Getting in with Google for your Startup Sajini Jayawardena
3.30 AM – 3.50 AM PickMe Zulfers
3.50 AM – 4.15 AM Speech by Bhasha Dhanika Perera
4.15 AM – 4.35 AM Speech by HypeHash
4.35 AM – 5.05 AM TensorFlow Raveen Harith
5.05 AM – 5.10 AM Vote of Thanks Kasun Withanaarachchi
5.10 AM Group Photograph
 

Leave a Reply