දැනට නැති, ඒත් තිබුනනම් හොඳ Facebook වැඩ කෑලි

, , Leave a comment

ඔබට මතකද අපි ෆේස්බුක් ආගමනයට කලින් පැරණි පෙම්වතුන්/පෙම්වතියන් ගැන ඔත්තු බලපු හැටි. එහෙමත් නැත්නම් අපේ සතුරන් ගැන දැනගත්ත හැටි. ඒත් ෆේස්බුක් එක්ක ඒ දේවල් වෙනස් වෙලා. ඒත් දැන් අපිට වෙනස් වෙන්න අමාරුයි. අපි දැන් මේ පාරේ යන්න පටන් අරන් ඉවරයි. ඒත් දැන් අපි දැනගන්න දේවල් ඇත්තටම මදි කියලා හිතෙන්නේ නැත් ද?දෙන්නෙක් යාළු වෙලා ලු. ඒත් ඒ අය යාළු වුනේ කොහොමද? කලින් ඒ ගොල්ලෝ කොහොමද? කවුද අපි ගැන හොයලා බලන්නේ. අපේ ෆේස්බුක් මිතුරන් ඇත්තටම කොයි වගේද? මේ වගේ දේවලුත් දැන ගන්න තිබුනානම් කියලා හිතෙන්නේ නැත්ද?
පහතින් තියෙන්නේ ඒ වගේ ෆේස්බුක් වල දැනට නැති ඒත් තිබුනනම් හොඳයි කියලා හිතෙන දේවල් 8ක්.මේක උපුටා ගත්තේ Mashable වෙබ් අඩවියෙන්. ඉතින් ඒ සමාජයත් එක්ක අපේ අදහස් නොගැලපෙන තැනුත් තියෙනවා හැබැයි.


1. ඒ දෙන්නා වෙන් වුනේ ඇයි!

කැතී රයන්ව අතහැරියා. ඒ රයන් කේට් එක්ක ඉන්නවා අහුවුන නිසා.

Kathi-dumped-ryan-big_0


2. ආවේගශීලී status එකක කවුරු වෙනුවෙන්ද?

මේ ආවේගශීලී පණිවුඩය බ්‍රිට්නි වෙනුවෙනි.

Britney


3. පුද්ගලයෙකුගේ පෙර සම්බන්ධතා

ඔබ චාලී සමඟ සම්බන්දතාවයක් පටන් ගත්තා. ඔහුට මීට ප්‍රථම පිස්සු කෙල්ලෙක් හිටියා. 🙂

Crazy-ex


4. ඔබ ගැන විපරම් කරන අය.

ඔබේ පෙර පෙම්වතා ඊයේ රෑ ඔබ ගැන විපරම් කරලා බැලුවා.

Ex-stalking


5. දෙයක් වෙන්න කලින් නිසි පියවර

ඈෂ්ලි ට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. මාස 9 අල්ට්‍රා සවුන්ඩ් පින්තූර බලන්න ඔන නැත්නම් ඈෂ්ලිව බ්ලොක් කරන්න.

Expecting-big_0


6. ඔයාගේ සාදයේදී වුණු දේවල්

ඊයේ පාටියේදී කෙල්සි – ස්කොට් සෙට් වුනා.

Hooked-up-big


7. එයා ඇත්තටම ඒ වගේද?

මේ ඡායාරූපය පොටෝෂොප් කරන ලද්දකි.

Profile-picture


8. ඔයාට අන්ෆ්‍රෙන්ඩ් කරේ කවුද? ඒ ඇයි?

ජෙසිකා ඔයාට අන්ෆ්‍රෙන්ඩ් කරා, ඒ ඔයා නිතර නිතර පූස් පින්තූර දාන නිසා.

Friends

 

Leave a Reply