එක්සත් රාජධානියේ Photoshop Creative Magazine සඟරාවේ Editor’s Choice සම්මානයෙන් පිදුම් ලැබීමට ලංකාවේ පරිගණක චිත්රශිල්පී බන්දුල සමරසේකරයන් සමත් වී ඇත. පසුගිය අගෝස්තු මස කලාපයේ පළවූ ‘L’Oreal Model’ නම් තාත්වික චිත්‍රය සඳහායි මේ සම්මානය හිමිව ඇත්තේ.
එක්සත් රාජධානියේ Photoshop Creative Magazine සඟරාව මාස්පතා එළිදැක්වෙන, ලොව පුරා පරිගණක චිත්රශිල්පීන්ගේ දායකත්යෙන් හැඩගැන්වෙන සඟරාවකි. මෙය ලොව විශාලතම හා හොඳම ෆොටෝෂොප් සඟරාවයි. ලාංකික ශිල්පියෙකු මෙවැනි අංශයකින් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර අප වැනි රටකට මෙවැනි අංශයකින් ඉහළම සම්මානය ලැබීම භාග්‍යයකි.
බන්දුලගේ චිත්‍රය පිළිබඳ Photoshop Creative Magazine වෙබ් අඩවියේ පළවූ සටහන
Amazing design work
Comments are closed.