ජංගම දුරකථන ක්ෂේත්‍රෙය් මුල් තැන සිටින Sony සමාගම විසින් සිය Sony Xperia පවුලේ තවත් අලුත්ම සාමාජිකයා අද දවසේ දී එළිදක්වනු ලැබුවා. ඒ Sony Xperia Z1 Compact ජංගම දුරකතනයි. Sony Xperia Z1 ජංලම දුරකථනයේ කුඩා සංස්කරණයක් ලෙසින් නිකුත් වූ මේ ජංගම දුරකථනය Xperia Z1 තරමටම බලගතු වුවත් තිරයේ විභේදනය (Resolution) තරමක් අඩු බවක් ගන්නවා.
Xperia Z1 Compact ජංගම දුරකතනය 720p අගල් 4.3 තිරයකින් හා Snapdragon 800 ප්‍රොසෙසරයකින් බලගැන්වේ. පහතින් දැක්වෙන්නේ Xperia Z1 Compact විශේෂාංගයි.
- 2.2GHz Qualcomm Snapdragon 800 CPU
- Adren 330 GPU
- 2GB of RAM
- 20.7MP camera with Carl Zeiss optics, OIS, autofocus, LED flash
- 2MP front-cam
- Video recording:1080p @ 30fps video capture, both cameras
- Storage: 16GB with microSD for expansion
- Battery: 2300 mAh
- 4.3-inch Triluminous IPS display with 720p resolution, 341 ppi
- WLAN (2.4/5Ghz) a/b/g/n/ac, NFC, A-GPS+GLONASS, microUSB 2.0 (MHL), BlueTooth 4.0 LE
- Dimensions: 127 x 64.9 x 9.5 mm, 137g
- Android 4.3 Jelly Bean, planned upgrade to Android 4.4 KitKat
- 2,300 mAh battery
- multi-touch input, proximity sensor, FM Radio, built-in accelerometer
- Black, White, Pink, Lime, Yellow
නමුත් මේ වන තෙක් මේ ජංගම දුරකථනයේ මිල ගණන් හා නිකුත් කරන දිනයන් පිළිබදව තවමත් නිල වශයෙන් සදහන් කර නැහැ. Sony Xperia Z1 ජංගම දුරකථනයේ වැනි විශේෂතා සහිත ජංගම දුරකථනය කුඩා ප්‍රමාණයෙන් නිකුත් වීම, කුඩා අත් සහිත හෝ විශාල ජංගම දුරකථන ප්‍රිය නොකරනන ඔබට හොඳ ආදේශකයක් වනු ඇත.