Galaxy S20, Note 20, Z Fold 2 සහ Z Flip phones වලට අලුත් features කිහිපයක්.

0
477

ඔන්න දැන් Samsung සමාගම ඔවුන්ගේ අලුත්ම update announce කරලා තියෙනවා, ඒ  තමයි One UI 3.1 software update. ඉතින් මේ update එකෙන්  Galaxy S21 lineup එකේ software features කිහිපයක් ගිය අවුරුද්දේ Samsung flagships වලට දීලා තියෙනවා, ඒ phones තමයි Galaxy S20, Galaxy Note 20, Galaxy Z Fold 2 සහ Galaxy Z Flip කියන phones. ඉතින් මේ අලුත් features ගොඩක් ගේන්නේ software enhancement features වෙනවා, ඒ වගේම  S21 lineup. එකේ තිබුණු camera features ගොදක්ද මේ update එකට ඇවිල්ල තියෙනවා.

ඉතින් මේ camera features තමයි “enhanced single take” option එක, ඉතින් මේ feature එකෙන් එක click එකකින් still images සහ videos automatically capture කරගන්නවා. ඒ වගේම අනිත් feature එක තමයි smart object eraser tool එක, මේ tool එකෙන් photos වල තියෙන unwanted parts quickly remove කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැන් separate Bluetooth microphone use කරගෙන audio වෙනම record කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අලුත්  update එකෙන් S20 / S20 Plus and S21 / S21 Plus models වල overall functionality එක තමවත් closer කරනවා.

ඒ උනත් තාමත් අලුත් device වල unique features ගදක් බලාගන්න පුළුවන්, මේකට හොදම උදාහරණයක් තමයි director view feature එක. ඉතින් මේ update එකේ ඔක්කමෝම features පරණ device වලට දීලා නෑ. ඉතින් මේ update එකෙන් තවත් පොඩි පොඩි features කිහිපයක් දීල තියෙනවා, ඒ තමයි Eye Comfort Shield සහ Private Share (Samsung’s blockchain-based encryption option for more securely sending files and photos) කියන features.