Shure සමාගම ඔවුන්ගේ high-end SM7b mic එකට alternative mic එකක් දැන් දීල තියෙනවා.

0
213

ඕනෑම recording studio එකක් Shure microphone සමාගම products අපිට සොයග්කංන පුළුවන් ගේනවා. ඔන්න ඉතින් ඒ සමාගමෙන් අපිට ඔවුන්ගේ පලවෙනි hybrid USB / XLR dynamic microphone එකක් දැන් ලබා දීල තියෙනවා, ඒ තමනි  MV7 කියන microphone එක.

මේ MV7 microphone එක හදල තියෙන්නේ ඔවුන්ගේ standard radio broadcasting dynamic microphone එක වන SM7b කියන microphone එකට දැරිය හැකි විකල්පයක් ලෙසටයි. ඔබ ඕනෑම radio studio එකකට නැත්නම් higher-budget podcast studio එකකට ගියොත් ඔබට Shure SM7b microphone එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඒ උනත් අලුතෙන් podcast එකක් පටන් ගන්න කෙනෙකුට මේ SM7b microphone එකේ price එක ටිකක් වැඩි වෙන්න පුළුවන්. මේ SM7b mic එක $400 වෙනවා, ඒ වගේම මේ mic එක ඔබගේ computer එකට connect කරගන්න recording interface එකක්ද අවශ්ෂ් වෙනවා. මේ recording interface එක $100 පමණ වෙනවා. ඒ වගේම මේ SM7b microphone එක low sensitive microphone එකක් එනිසා අපිට pre-amplifier එකක් ඕන වෙනවා මේ microphone එකේ signal එක boost කරන්න. එකට අපිට Cloudlifter එක බාවිතාකරන්න පුළුවන්, එය $150 පමණ වෙනවා. 

ඉතින් මෙයට lower-budget option එකක් විතිහට all-in-one microphone, audio interface එකක් සමග plug-and-play experience එකක් මේ Shure MV7 එකෙන් $249 වැනි අඩු මුදලකට දැන් ලබාගත හැක.

මේ range එකේ තියෙන අනිත් microphone එක බැලුවම මේ MV7 microphone එක price එකෙන් ටිකක් වැඩි, ඒ උනත් මේ MV7 microphone එක dynamic microphone එකක් නිසා අනිත් USB mics වලට වැඩ MV7 microphone එක ඉතිරියෙන් සිටිනවා. මේ MV7 microphone එකේ built-in EQ සහ compression එනවා, මෙයට Shure සමාගමේ  MOTIV app එක බවිත කරලා මේ EQ සහ compression වල settings සහ presets control කරගන්න පුළුවන්. මේ MOTIV app එක use කරන්න පුළුවන් වෙන්නේ microphone එක USB හරහා connect කරම පමණයි. මේ MV7 microphone එක වෙනත් audio interface එකකට XLR output එක හරහා connect කර විට මෙයට Cloudlifter එක සහ  phantom power අවශ්ෂ් වන්නේ නෑ.