සෑම වසරකම ලෝකයේ දුරකථන පාරිභෝගිකයන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දුරකථන කිහිපය අතරට අයත්වන Samsung Falgship දුරකථනය පසුගිය දිනක ලෝකයට එළිදක්වනු ලැබුවා. එයට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුරකථන සන්නිවේදන ආයතනයක් වන Dialog ආයතනය විසින් ඊයේ දිනයේදී (2019.03.12) නවතම Samsung දුරකථනය මාදිලි ද්විත්වයක් වන Samsung Galaxy S10 සහ Samsung Galaxy S10 Plus ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වාදෙනු ලැබුවා. අද මෙම ලිපියෙන් නවතම Samsung Galaxy S10 Plus ගැන විමසා බලමු.
නවතම Samsung Galaxy S10 Plus දුරකථනය

Samsung Galaxy S මාදිලියේ දුරකථන වල මෙතෙක් නිකුත් වූ දුරකථන ගැන බැලුවම එකින් එකට සාපේක්ෂව පැහැදිලි වෙනස්කම් දැකගන්න පුළුවන්. ඒ හේතුව නිසාම සෑම වසරකම Samsung Galaxy S දුරකථනය මොනවගේ වෙයිද කියලා දැනගන්න සෑම කෙනෙකුම වගේ උනන්දුවක් දක්වන කරුණක්.
මෙවර Samsung Galaxy S මාදිලියේ දුරකථන පිළිබඳව බොහෝදෙනා පළකරපු අනාවැකි රැසක්ම සැබෑ කරමින් නිකුත් වූ Samsung Galaxy S10 Plus ඇතුළු අනෙකුත් දුරකථන ද්විත්වය මේ වනවිට බොහෝ දෙනා අතර කතාබහට ලක්වී තිබෙන අතර මේ වනවිට Samsung Galaxy S10 Plus සහ Samsung Galaxy S10 දුරකථන ශ්‍රී ලංකාවේ දී මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.
Samsung Galaxy S10 Plus – Body එක සහ Design එක

Samsung Galaxy S10 Plus දුරකථනය ඉදිරිපස සහ පසුපස වීදුරු යොදාගෙන නිර්මාණය කර තිබෙන අතර එම වීදුරු පිළිවෙලින් Gorilla Glass 6 සහ Gorilla Glass 5 ආරක්ෂණයෙන් නිමවා තිබෙනවා. තවද මෙම දුරකථනයේ වටේ ඇති දාරයන් සඳහා ඇලුමිනියම් යොදාගෙන තිබෙන නිසාත් මෙම දුරකථනය 198 g වගේ බරකින් යුක්ත වෙනවා. මේ දුරකථනය අතට පහසුවෙන් තබාගන්න පුළුවන් උනත් මෙහි ඇති පසුපස වීදුරු නිමාව නිසා දුරකථනය අතින් ලිස්සා වැටීමට ඇති ඉඩකඩ තරමක් වැඩි.

මෙම දුරකථනයේ වම්පස දාරයේ Volume Rocker එක සහ Bixby Button එක දැකගැනීමට පුළුවන් අතර දකුණුපස දාරයේ Power Key එක දැකගැනීමට පුළුවන්. මෙම දුරකථනය ප්‍රමාණයෙන් තරමක් විශාල නිසා තනි අතකින් මෙම දෙපස ඇති Buttons ක්‍රියාකරවීම තරමක් අපහසුයි. මෙයට තවත් හේතුවක් වශයෙන් මෙම Buttons දුරකථනයේ දෙපස තරමක් උඩින් තිබීම පෙන්වාදෙන්න පුළුවන්.

තවද Sim Card Slot එක දුරකථනයේ ඉහළ දාරයේ පිහිටා තිබෙන අතර ඉහළ දාරයේම ඉදිරිපස Speaker එක දැකගන්න පුළුවන්. ඒ වගේම 3.5 mm Jack එක සහ Type-C USB පහසුකමත් මේ දුරකථනයට එක්කොට තිබෙන අතර ප්‍රධාන Speaker එකත් පහලින් දැකගන්න පුළුවන්. සමස්තයක් විදිහට ගත්තම Samsung Galaxy S10 Plus දුරකථනයේ නිමාව අතින්නම් ඉහළයි. මෙයට අමතරව මෙම දුරකථනයේ පසුපස කැමරා ත්‍රිත්වයක් සහ LED Light එකක් මෙන්ම Depth Sensor එකක්ද දැකගැනීමට පුළුවන්.
Samsung Galaxy S10 Plus – Screen එක සහ Cameras

මෙම S10 Plus දුරකථනය සතුව අඟල් 6.4 ක AMOLED තාක්ෂණයෙන් යුක්ත වක් තිරයක් ඇති අතර එය 1440 x 3040 pixels ප්‍රමාණයේ Resolution එකකින් සමන්විත වෙනවා. ඒ නිසා දැඩි එළියක් සහිත ස්ථානයකදී පවා තිරය මත ඇති දේ පැහැදිලිව දැකගැනීමට පුළුවන්.මෙම තිරයේ සුපුරුදු Notch එක දැකගැනීමට පුළුවන්කමක් නැති අතර මෑත කාලයේ හඳුන්වාදුන් Hole Punch තාක්ෂණය මෙහි අඩංගු වෙනවා.

මෙම දුරකථනය සතුව 10MP ක සෙල්ෆි කැමරාවක් සහ Depth Sensor එක “Hole Punch” තුල ඇතුළත්ව තිබෙනවා. මෙම සෙල්ෆි කැමරා ද්විත්වය ඉතාමත් හොඳ මට්ටමක තිබෙන බව කියන්න පුළුවන්, එකට හේතුව විදිහට Image Stabalizer පහසුකම සහ මෙම කැමරා ද්විත්වයම Wide Lence වීම හැඳින්විය හැකිය. මෙමගින් එකවර වැඩි ප්‍රමාණයක විහිදී තිබෙන දෙයක් උනත් එකවර Capture කිරීමට මෙන්ම සෙලවෙන්නේ නැතුව Video එකක් වුවත් Capture කරගන්න පුළුවන්.

ඒ වගේම මෙහි පිටුපස අපිට කැමරා ත්‍රිත්වයක් දැකගැනීමට පුළුවන්. එම කැමරා පිළිවෙලින් 12MP (wide Lense එකක්), 12MP (Telephoto Lense එකක්) සහ 12MP (Ultrawide Lense එකක්) විදිහට දැකගැනීමට පුළුවන්. මෙමගින්ද ඉහත සඳහන් ආකාරයේ සුපැහැදිලි ඡායාරූප ලබාගැනීමට හැකියාව ඇති අතර වෘත්තීය මට්ටමේ කැමරාවකට සමාන මට්ටමේ අත්දැකීමක් මෙයින් ලබාගැනීමට පුළුවන්.
Samsung Galaxy S10 Plus – Software සහ Battery Performance

මෙම දුරකථනය Android 9.0 (Pie) මත Samsung නිර්මාණය කරන ඔවුන්ගේ නවතම “One UI” මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත මෙහි Snapdragon 855 ක Chipset එකක්ද අඩංගු වෙනවා. Galaxy S10 Plus සතුව Octa-core ප්‍රොසෙසරයක්, 12GB RAM එකක් සහ 1TB Internal Storage එකක්ද සමන්විත අතර එය 1.5 TB දක්වා වැඩි කරගැනීමටද හැකියාව තිබෙනවා.
මෙම දුරකථනය සතුව Li-Ion 4100 mAh ප්‍රමාණයේ සුපිරි බැටරියක් ඇති අතර Quick Charging පහසුකම නිසා බැටරිය 50% දක්වා විනාඩි 30 කට අඩු වෙලාවකින් ආරෝපණය කර ගැනීමට පුළුවන්. මෙහි ඇති විශේෂම කරුණ වෙන්නේ මේ දුරකථනය Power Bank එකක් විදිහටත් භාවිතා කරන්න පුළුවන් වීමයි. ඒ කියන්නේ Wireless Charging තියෙන දුරකථනයක් මේ Galaxy S10 Plus මත තියලා Charge කරගන්න පුළුවන්.
මොනවද Samsung Galaxy S10 Plus බොක්ස් එකේ තිබෙන දේවල්

- නවතම Samsung Galaxy S10 Plus දුරකථනය.
- User Manual එක.
- Charging Adapter එක.
- USB Cable එක.
- Headset එක.
- USB Converter එක.
- Sim Removal Tool එක.
ඇත්තටම Samsung Galaxy S10 Plus දුරකථනය කොහොමද…?

මේ දුරකථනය වීදුරු යොදාගෙන නිර්මාණය කර තිබීම නිසා පාවිච්චි කිරීමේදී වැඩි සැළකිල්ලක් දක්වන්නට වීමත් සහ දුරකථනය අතින් ලිස්සන්න වැඩි ඉඩකඩක් තිබීමත් පෞද්ගලිකව මට තරමක් අපහසුයි. Samsung සමාගම විසින් නිර්මාණය කර ඇති One UI මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමේදී පහසු වුනත් පෙනුම අතින් එතරම් සිත්ගන්නාසුළු පෙනුමක් නොමැති අතර එහි ඇති ප්‍රධානම කරුණ වශයෙන් Icons ප්‍රමාණයෙන් විශාල වීම දැකිය හැකිය. මෙහි ඇති RAM එක Memory එක නිසා දැනට ඇති සුපිරි Mobile Games භාවිතා කරන්නත් පුළුවන්.

ඒ වගේම බැටරි ධාරිතාව වැඩි නිසා වැඩි දින ප්‍රමාණයක් දුරකථනය භාවිත කිරීමට හැකිවීමත් සුපිරි මට්ටමේ කැමරා නිසා උසස් මට්ටමේ ඡායාරූප ගැනීමේ හැකියාවත් නිසා මේ දුරකථනයෙන් අනිත් දුරකථන වලට සාපේක්ෂව හොඳ පාරිභෝගික අත්දැකීමක් ලබාගැනීමට පුළුවන්. මෙහි ඇති සුවිශේෂිතා අතරින් In Screen Fingerprint පහසුකම ප්‍රධාන තැනක් ගන්නා අතර එය සඳහා Ultra Sound තාක්ෂණය උපයෝගී කරගෙන තිබෙනවා. එම නිසා දුරකථනයට ඉතා ඉක්මණින් අපගේ ඇඟිල්ලේ රටාවන් හඳුනාගන්නවා.
Samsung Galaxy S10 Plus – හොඳ සහ නරක

මෙහි ඇති ගුණාත්මක දෑ වශයෙන් කරුණු කිහිපයක්ම දැකිය හැකි අතර එයින් ප්‍රධාන වශයෙන් දුරකථනයේ ඉහල නිමාව , සුපිරි කැමරා , බැටරි ධාරිතාවන් සහ ඉහල ක්‍රියාකාරීත්වය පෙන්වාදිය හැකි අතර ඍණාත්මක කරුණු වශයෙන් Control Buttons තනි අතින් ක්‍රියාකරවන්න ඇති අපහසුකම, Low Light වලදී සෙල්ෆි කැමරා වල ඇති කුඩා කුඩා අඩුපාඩු ආදිය පෙන්වාදිය හැකිය.
මේ නවතම Samsung Galaxy S10 Plus දුරකථනය පිළිබඳව ඔබේ අදහස අපිට කියන්න. දැනට ශ්‍රී ලංකාව තුල මෙම දුරකථනය මිලදී ගැනීමට ඇති ස්ථාන සහ මිල ගණන් පහත link එක මඟින් ඔබට ලබාගත හැකිය.