ප්‍රමාණයෙන් විශාල Samsung ජංගම දුරකතන මාලාවේ නවතම සාමාජිකයා ලෙස Samsung Galaxy Grand 2 අද දින එළිදක්වන ලදී. පෙනුමෙන් Galaxy Note 3 ට බොහෝ සෙයින් සමාන මෙම නව දුරකතනයේ පිටුපස කෘතිම ලෙදර් වලින් නිමවා ඇත.
අඟල් 5.25 ක 1280×720 LCD තිරයක් සහිත මෙය WVGA තිරයක් තිබූ පැරණි සංස්කරණයේ වැඩි දියුණුවකි. 1.2GHz quad-core processor කින් පණ ලැබෙන මෙහි 1.5 GB RAM මතකයක්ද, 8GB අභ්‍යන්තර ධාරිතාවක් (Internal Storage Space) ද අමතර microSD ද භාවිත කල හැක. නවතම 2,600mAh බැටරිය නිසාවෙන් බැටරි ජීව කාලයද වැඩි වී ඇත. කෙසේ වුවත් තවමත් මෙහි ඇත්තේ 8MP Camera වන අතර Grand 1 මෙන්ම මෙම ජංගම දුරකතනයද ද්විත්ව සිම්පත් (Dual Sim) සඳහා සක්‍රීය ය. Android 4.3 Jelly Bean මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වන මෙය ප්‍රධාණ වශයෙන් සුදු පැහැයෙන් යුතුව වෙළඳ පොළට පැමිණීමට නියමිත ය.