මේ වගේ Tv එකක් Samsung එකෙන්?

0
1944
Image Copyright: 4KFilme

ලෝකයේ ලොකුම Tech සමාගම් අතලොස්සක් අතරින් Samsung සමාගමට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. එයට හේතුව ඔවුන්ගේ නවතම මාදිලියේ නිෂ්පාදන බව කාටත් නොරහසක්. ඉතින් සෑම වර්ෂයකම Samsung සමාගම එම වර්ෂයේදී නිකුත් කිරීමට නියමිත ඔවුන්ගේ අලුත්ම නිෂ්පාදන CES හීදී එළිදැක්වීම සිදුකරනවා. ඉතින් මෙවර Samsung සමාගම විසින් මෙම ප්‍රදර්ශණයට ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින රූපවාහිනි යන්ත්‍රයක් පිළිබඳව නිල නොවන තොරතුරු කිහිපයක් වාර්තා වෙනවා.

ඉතින් මෙම රූපවාහිනිය දෙස බැලූ බැල්මට එහි කිසිඳු දාරයක් බලාගැනීමට නොහැකි අතර මෙය එතෙක් මෙතක් බිහි වූ ප්‍රථම දාරයන් රහිත (completely bezel-less) රූපවාහිනිය ලෙස අනාගතයේදී Samsung සන්නාමය යටතේ නිකුත් වීමට බොහෝ ඉඩකඩ පවතිනවා. මෙම රූපවාහිනිය “8K QLED” තාක්ෂණයෙන් යුක්තව නිපදවා ඇති බව තොරතුරු සොයාගැනීමට පුළුවන්. අන්තර්ජාලය තුල ඇති තොරතුරු වලට අනුව මෙවැනි රූපවාහිනි ද්විත්වයක් CES හීදී Samsung සමාගම එළිදැක්වීමට බොහෝදුරට ඉඩකඩ පවතිනවා. ඉතිං දැනට මේ පිළිබඳව නිල වශයෙන් තොරතුරු වාර්තා නොවන අතර නුදුරේදීම මේ පිළිබඳව සවිස්තරාත්මකව දැනගැනීමට හැකිවේයැයි බලාපොරොත්තු විය හැකිය.

Image Copyright: 4KFilme

CES කියන්නේ ලෝකයේ තියෙන විශාලතම Tech Exhibition එකක්. ඉතින් ගොඩක් සමාගම් ඔවුන්ගේ නවතම නිෂ්පාදන මෙහිදී ලෝකයට එළිදක්වනු ලබන අතර සෑම වර්ෂයක් වගේම CES මෙවරත් ඇමරිකාවේ ලාස් වේගාස් හිදී පැවැත්වීමට නියමිතයි. මේ ගැන අප විසින් පලකරන ලද ලිපියක් ඔබට පහත Link එක මාර්ගයෙන් ලබාගැනීමට හැකිය.