Huawei Y9 2019 ගැන හැමදෙයක්ම

0
22

Huawei Sri Lanka ආයතනය 2019 වසර සඳහා හඳුන්වාදුන් ‘Y’ මාදිලියේ දුරකථන කිහිපය අතරින් සුපිරි Huawei Y9 2019 කාගේත් අවධානයට ලක්ව තිබෙනවා. බොහෝ ජනප්‍රිය වෙමින් පවතින මෙම දුරකථනය ඇත්තටම කොහොමද කියලා අපි විමසා බලමු.

නවතම Huawei Y9 2019 දුරකථනය

Image Copyright: GIZGUIDE

Mid Range ඝනයට අයත්වන මෙම දුරකථනය ප්ලාස්ටික් යොදාගෙන නිර්මාණය කර ඇති අතර මෙහි වටේ ඇති දාරයන් පොලිකාර්බනේට් ( Polycarbonate ) යොදාගෙන නිර්මාණය කර තිබෙනවා. එමගින් සුපිරි පෙනුමක් මෙම දුරකථනයට ලැබී ඇති අතරම මෙහි වක්‍ර කොණ හේතුවෙන් දුරකථනය අතේ පහසුවෙන් තබාගැනීමට පුළුවන්. තරමක් සිහින් මෙම දුරකථනය ග්‍රෑම් 173 ක බරකින් යුතු වෙනවා.

මෙහි පහළින් ස්පිකර් එක, USB Port එක සහ 3.5 mm Headphone Port එක දැකගැනීමට පුළුවන්. දුරකථනයේ පිටුපස ද්විත්ව කැමරා පද්ධතිය සමග LED Light එකක් දැක ගැනීමට පුළුවන්. එම කැමරාවන් පිළිවෙලින් 16 MP සහ 2 MP වශයෙන් දැක්වීමට හැකිය. මෙම කැමරාවන් AI තාක්‍ෂණයෙන් සමන්විත නිසා ඉතා හොඳ ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා. මෙයට අමතරව Finger Print එක ද මෙම දුරකතනයේ පිටුපස දැක ගැනීමට පුළුවන්.

Image Copyright: Gadgetbyte Nepal

මෙහි තිරය අඟල් 6.5 ක IPS LCD තාක්ෂණයෙන් සමන්විත වෙනවා. මෙම දුරකථනයේ ඉදිරිපස උඩ කොටසේ ද්විත්ව සෙල්ෆි කැමරා පද්ධතියකින් සමන්විත කුඩා Notch එකක් ඇති අතර එම කැමරාවන් පිළිවෙලින් 13 MP සහ 2 MP වශයෙන් දැකගැනීමට පුළුවන්. මෙම කැමරාවන් ද AI තාක්‍ෂණයෙන් සමන්විත නිසා ඡායාරූප වල තිබෙන කුඩා කුඩා අඩුපාඩු සකස් කොට ඉතා හොඳ ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා. තවද මෙහි Accelerometer, Gyro, Proximity සහ Compass ආදී සෙන්සර්ස් වර්ග කිහිපයද දැකගැනීමට පුළුවන්.

Image Copyright: gizguide.com

මෙම දුරකථනය Android 8.1(Oreo) මත Xiaomi නිර්මාණය කරන ලද EMUI 8.2 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත වෙනවා. Hisilicon Kirin 710 ක Chipset එකකින් සමන්විත මෙම දුරකථනය Octa-core ප්‍රොසෙසරයකින් ද යුක්ත වෙන අතර 128 GB, 6 GB RAM සහ 64 GB, 4 GB RAM ලෙස ධාරිතාවන් ද්විත්වයකින් සමන්විත වෙනවා. මෙම දුරකථනය සඳහා 4000 mAh ප්‍රමාණයේ බැටරියක් ඇති අතර එමගින් දින දෙකක් පමණ හොඳින් දුරකථනය භාවිත කිරීමේ හැකියාව පවතිනවා. මෙම දුරකථනය Midnight Black, Sapphire Blue සහ Aurora Purple යන වර්ණ ත්‍රිත්වයෙන් මේ වනවිට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

මොනවද Huawei Y9 2019 බොක්ස් එකේ තිබෙන දේවල්,

  • නවතම Huawei Y9 Pro දුරකථනය.
  • Silicone Back Cover එක.
  • User Manual එක.
  • Charging Adapter එක.
  • USB Cable එක.
  • Head Set එක.
  • Sim Removal Tool එක.
Image Copyright: GIZGUIDE

ඇත්තටම Huawei Y9 2019 දුරකථනය, කොහොමද…?

Image Copyright: GadgetMatch

මෙම දුරකථනය ප්ලාස්ටික් යොදාගෙන නිර්මාණය කර තිබුනත් පෙනුම අතින් Flagship දුරකථනයකට සමාන සුපිරි පෙනුමක් දැකගන්න පුළුවන්. ඒ වගේම මෙය අතේ පහසුවෙන් තබාගන්නත්, පහසුවෙන් හසුරුවන්නත් පුළුවන්. තරමක් ලිස්සන සුළු වුවත් Back Cover එකක් තිබෙන නිසා එය එතරම් සැලකිය යුතු දෙයක් නොවෙයි. මෙහි ඇති Notch එක ON / OFF කළ හැකි වුවත් එය මඟින් තරමක් තිරය කුඩා වීම අවාසි සහගත වෙනවා. Huawei Y9 තුළ AI තාක්ෂණය සමන්විත නිසා ඡායාරූප ගැනීම වැනි කටයුතු තවත් පහසු වී තිබෙනවා.

නමුත් කැමරා වල ප්‍රමාණය අනෙකුත් Mid Range දුරකථන වලට සාපේක්ෂව තරමක අඩුවීමක් දැකගන්න පුළුවන්. තවද මේ වනවිට ඇති ඉහළ මට්ටමේ Mobile Games (උදා :- PUBG, Asphalt 9) මෙහි ඉතා පහසුවෙන් භාවිත කිරීමට පුළුවන්. සමස්තයක් වශයෙන් ගෙවන මිලට සාපේක්ෂව හොඳ අත්දැකීමක් ලබාගැනීමට හැකි දුරකථනයක් ලෙස Huawei Y9 2019 හැඳින්විය හැකිය.

Image Copyright: gadgetmatch.com

Huawei Y9 2019 හී ඇති ගුණාත්මක කරුණු වශයෙන් පෙනුම, ඉහළ බැටරි ධාරිතාව සහ AI තාක්ෂණයෙන් යුතු කැමරා පෙන්වාදිය හැකි අතර තරමක් ලිස්සන සුළු වීම සහ Top Notch එක මෙහි ඇති ඍණාත්මක කරණු වශයෙන් පෙන්වාදිය හැකිය.

Image Copyright: GadgetMatch

මෙම ලිපිය මගින් ඔබට Huawei Y9 2019 දුරකථනය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙයියැයි අපගේ මතය වේ. කෙසේ නමුත් මෙම Huawei Y9 2019 දුරකථනය පිළිබඳව ඔබට ගැටළුවක් ඇත්නම් අපිට කියන්න. මෙම ලිපිය අවසානයේ ඇති ලින්ක් එක භාවිතයෙන් ඔබට මෙම දුරකථනය මිලදීගැනීමට හැකි ස්ථාන, මිලගණන් සහ මෙම දුරකථනය, අනෙකුත් දුරකථන සමඟ සංසන්දනය කර බැලීමට ද පුළුවන්.