ඇගේ නම Lammily (ලැම්ලි). ඇය 19 හැවිරිදි සුන්දර යුවතියක්. ලැමිලිව නිෂ්පාදනය කර ඇත්තේ අන්තර්ජාලය තුල නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා නමක් දිනාගත් Nickolay Lamm නම් නිර්මාණකරුවෙකු විසිනි. ඇයව නිර්මාණය කර ඇත්තේ සාමාන්‍ය යුවතියන් ගණනාවකගේ විවිධ මිනුම් ගෙන ඒවා ප්‍රසිද්ධ බෝනික්කන් වර්ග හා සසඳා බලා ලබාගත් දත්ත මත පදනම්වයි. ඒ අනුව දිගින් හා සිහින් බවින් අසාමාන්‍ය බොනික්කන්ට වඩා සාමාන්‍ය ප්‍රමාණයේ බෝනික්කන් නිර්මාණයට ඔහු තීරණය කර ඇත.
එලෙස සාමාන්‍ය හැඩැති, පිරිපුන් සිරුරැති බෝනික්කන් කුඩා දරුවන්ට ලබා දීමෙන් ඔවුන් තුල විවිධ වැරදි ආකල්ප ඇති වීම වැලකී යනු ඇති බවත්, ඒ හරහා වඩා නීරෝගී හා සෞඛ්‍ය සම්පන්න තරුණ පරම්පරාවක් බිහිකිරීමටත් හේතු වනු ඇතැයි ඔහුගේ මතය වී ඇත.
පළමු වටයේ දී බෝනික්කන් 5000ක් පමණ නිෂ්පාදනය කර ඇති අතර ඔවුන්ගේ අත පය එහා මෙහා කර විවිද ඉරියම් සැකසිය හැකිය. එමෙන්ම මේ බෝනික්කන් සරල චාම් ඇඳුමින් සැරසී සිටින අතර විලාසිතා ද අවම යි.