Xiaomi සුපිරි දුරකථනයකින් 2019 වසර අරඹයි

0
244

Xiaomi සමාගම 2019 වසරේ ප්‍රථම ජංගම දුරකථනය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. Xiaomi Redmi Note 7 ලෙස නම් කර ඇති මෙය Redmi Note දුරකථන පෙළේ දැනට ඇති සිත් ඇදගන්න සුළු දුරකථනය වශයෙන් හැඳින්වීමට පුළුවන්. Budget දුරකථන ඝනයට අයත් දුරකථනයක් ලෙස මෙය නම් කර තිබෙනවා.

Image Copyright: NoypiGeeks

අඟල් 6.3 ක Bezel less තිරයක් සහිත මෙම දුරකථනය සඳහා Mega Pixel 48 ක ඩුවල් කැමරා පද්ධතියක් තිබෙනවා. තවද මෙම දුරකථනය නවතම Qualcomm Snapdragon 660 ප්‍රමාණයේ Chipset එකින් යුතු වෙනවා. පෙර Redmi දුරකථන සඳහා භාවිත කළ Finger Print පහසුකම සුපුරුදු ලෙස මෙම දුරකතනයේ ද පිටුපසින් දැකගැනීමට හැක. මෙවර Xiaomai සමාගම ඔවුන්ගේ Redmi උප සන්නාමය මෙම දුරකථනය පිටුපස සඳහන් කිරීම විශේෂත්වයක් ලෙස දැකිය හැකිය.

Image Copyright: The Verge

මෙම දුරකථනය Xiaomi Redmi Note 6 Pro දුරකථනයට සාපේක්ෂව පැහැදිලි වෙනස්කම් කිහිපයකින් සමන්විත වෙනවා. ඒ අතර ප්‍රෝසෙසරය, කැමරාව සහ පෙනුම ප්‍රධාන තැනක් ගන්නවා. නවතම Note 7 දුරකථනය සඳහා එක් සෙල්ෆි කැමරාවක් පමණක් සහ Type C USB පහසුකම වැනි සුවිශේෂී ගුණාංග කිහිපයක් තිබෙන බව සඳහන් වෙනවා. තවද මෙම දුරකථනය සඳහා 4000mAh ප්‍රමාණයේ බැටරියක් තිබෙන අතර Note 7 දුරකතනය Blue, Black සහ Twilight Gold ලෙස වර්ණ කිහිපයකින් නුදුරේදීම වෙළඳපොළට පැමිණීමට නියමිතයි.

Image Copyright: Android Headlines

නවතම Xiaomi Redmi Note 7 දුරකථනය වෙළඳපොළට නිකුත්වූ පසු එහි සවිස්තරාත්මක ලිපියක් ඔබ වෙත ගෙන ඒමට අපි සුදානම්.  මෙවැනි තොරතුරු රැසක් දැනගැනීමට අප සමඟින් එකතු වන්න.