Xiaomi වෙතින් අළුත් Budget Phone එකක්

Xiaomi කියන්නේ ගුණාත්මක දුරකථන නිෂ්පාදනය පිළිබඳව ප්‍රකට සන්නමයක්. ඔවුන් විසින් විටින් විට අඩු මිලගණන් යටතේ ගුණාත්මක බවින් ඉහල දුරකථන වෙළඳපොළට හඳුන්වාදෙනු ලැබුවා. මෙවරත් Xiaomi ශ්‍රී ලංකා ආයතනය විසින් Budget දුරකථනයක් එළිදැක්වීමට නියමිත බව අපිට දැනුම්දෙනු ලැබුවා.

මෙම දුරකථනයේ ගුණාංග වශයෙන් අඟල් 5 ක HD තිරයක්, Qualcomm Snapdragon ප්‍රොසෙසරයක්, 8 MP ප්‍රමාණයේ ප්‍රධාන කැමරාවක්, 5MP ප්‍රමාණයේ සෙල්ෆි කැමරාවක් සහ LED Light එකක්ද මෙම දුරකථනය සතු බව සඳහන් වෙනවා. තවද මෙම දුරකථනය සතුව 1GB ප්‍රමාණයේ RAM ධාරිතාවක් , 8GB ප්‍රමාණයේ මතක ධාරිතාවක් සහ 3000mAh ප්‍රමාණයේ බැටරියක්ද අඩංගු බව සඳහන්.

එමෙන්ම Xiaomi ශ්‍රී ලංකා ආයතනය විසින් මෙම ස්මාර්ට් දුරකථනය “Redmi Go” ලෙසින් නම් කර තිබෙන අතර ධාරිතාවක් එහි මිලගණන් පිළිබඳව දැනට සඳහන් කර නොමැති නමුත් ඉහත සඳහන් Specs සහිත අනෙකුත් දුරකථන වලට වඩා අවම මිලකින් සහ ඉහළ ගුණාත්මක බවකින් යුක්තව නිකුත් වේයැයි බලාපොරොත්තු විය හැකිය.

තවද මෙම දුරකථනය අද දිනයේදී වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත අතර මෙම දුරකථනයේ ඇති හොඳ සහ නරක ආදී සියලුම තොරතුරු  “Tech Review” ලිපියකින් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්. මෙම දුරකථනයේ මිලගණන් කෙසේ විය යුතුදැයි, ඔබේ අදහස අපිට කියන්න.