2019 යේ ප්‍රථම Xiaomi දුරකථනය Mi 8 Lite මෙන්න

0
58
Image Copyright: Root Nation

Xiaomi, ගුණාත්මක දුරකථන හඳුන්වාදීමේ ප්‍රමුඛයා වෙතින් තවත් අළුත් දුරකථනයක් හඳුන්වාදීමට සුදානමින් සිටින අතර Xiaomi Mi 8 Lite ලෙසින් නම් කර ඇති මෙම දුරකථනය එළඹෙන 28 වෙනිදා ලාංකේය භාරිභෝගිකයන් සඳහා නිකුත් කරන බව සඳහන්.

නවතම Xiaomi Mi 8 Lite

අඟල් 6.26 ක ප්‍රමාණයේ IPS LCD තාක්ෂණයේන් යුතු තිරයක් සහිත මෙම දුරකථනය 169g  බරකින් යුතු අතර මෙහි ඉදිරිපස සහ පසුපස වීදුරු යොදාගෙන නිර්මාණය කර තිබෙනවා. Xiaomi Mi 8 Lite හි වටේ ඇති දාරයන් ඇලුමිනියම් යොදා නිර්මාණය කර ඇති අතර මෙම දුරකථනය Hybrid Dual SIM පහසුකමින් යුතු වෙනවා. ඇන්ඩ්‍රෝයිඩ් 8.1  මත Xiaomi විසින් නිර්මාණය කරන MIUI 10 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත මෙම දුරකථනය Octa-core ප්‍රොසෙසරයකින් සහ Qualcomm Snapdragon 660 ක චිප්සෙට් එකකින් ද සමන්විතයි.

Image Copyright: china-gadgets.com

Xiaomi Mi 8 Lite දුරකථනය 4GB ලෙස RAM ධාරිතාවකින් සහ 64GB ලෙස ප්‍රධාන මතක ධාරිතාවකින් වෙළඳපොළට නිකුත් වීමට නියමිතයි. මෙම දුරකථනයේ ප්‍රධාන කැමරාව 12 MP සහ 5 MP ලෙස කාච යුගළයකින් සහ 24 MP ප්‍රමාණයේ සෙල්ෆි කැමරාවකින් යුතු වෙනවා. තවද මෙම දුරකතනයේ USB C, Quick Charge 3.0 සහ 3350 mAh ප්‍රමාණයේ බැටරිය ආදී වශයෙන් පහසුකම් දැකගැනීමට හැකියාව තිබෙනවා.

Mi 8 Lite සඳහා 3.5mm jack එක දැකගැනීමට පුළුවන්කමක් නැති අතර Fingerprint පහසුකම සහ අනෙකුත් ප්‍රධාන Sensors වර්ග කිහිපයකින්ම මෙම දුරකථනය සමන්විත වෙනවා. නවතම Xiaomi Mi 8 Lite දුරකථනය Midnight Black, Aurora Blue සහ Twilight Gold යන වර්ණ කිහිපයකින්ම නුදුරේදීම ලාංකේය වෙළඳපොලේ දී මිලදී ගැනීමට හැකි වන අතර මෙම දුරකථනය ඉතා ඉක්මනින් පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වේයැයි අපගේ මතය වේ.

මෙම ලිපිය අවසානයේ ඇති ලින්ක් එක භාවිතයෙන් ඔබට මෙම දුරකථනය මිලදීගැනීමට හැකි ස්ථාන, මිලගණන් සහ මෙම දුරකථනය, අනෙකුත් දුරකථන සමඟ සංසන්දනය කර බැලීමට ද පුළුවන්.