නවතම Xiaomi Budget Phone එක මෙන්න

Xiaomi කියන්නේ මෑතකදී දුරකථන ලෝකයේ කැපී පෙනෙන වෙනසක් සිදුකරණු ලැබූ දුරකථන සන්නාමයක්. එයට ප්‍රධානම හේතුව අවම මිලට ගුණාත්මක දුරකථන නිර්මාණයට ඔවුන් දක්වන විශේෂිකරණයයි. මේ වසරේ මුල Xiaomi සමාගම විසින් මෙම දුරකථනය පිළිබඳව ප්‍රකාශයට පත්කළ අතර මීට දින කිහිපයකට පෙර Xiaomi Sri Lanka ආයතනය ලාංකේය වෙළඳපොළට නවතම Xiaomi Redmi Note 7 සහ Xiaomi Redmi 7 ලෙස Budget දුරකථන ද්විත්වයක් හඳුන්වාදුන්නා. ඒ අතරින් අද ලිපිය Xiaomi Redmi Note 7 ගැනයි.

Xiaomi Redmi Note 7 දුරකථනය

Image Copyright: Unbox PH

ඉතාමත් සුපිරි පෙනුමකින් යුක්ත මෙම දුරකථනය ඉදිරිපස මෙන්ම පසුපසද වීදුරු වලින් නිර්මාණය කර තිබෙන අතර එයට “Gorilla Glass 5” ආරක්ෂණය ද එක්කොට තිබෙනවා. අඟල් 6.3 ක IPS LCD තිරයක් මෙම දුරකථනය සතුයි. එයද “Gorilla Glass 5” අරක්ෂණයෙන් සමන්විතයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම තිරය “dot drop” තාක්ෂණයෙන් නිර්මාණය කර තිබීම නිසා තිරයේ වැඩි ප්‍රමාණයක අත්දැකීමක් ලබාගැනීමට පුළුවන්. මෙම දුරකථනය Android 9.0 (Pie) මෙහෙයුම් පද්ධතිය මත Xiaomi නිර්මාණය කරන නවතම MIUI 10 මෙහෙයුම් පද්ධතියෙන් යුක්තයි.

Xiaomi Redmi Note 7 දුරකථනය සඳහා “Qualcomm SDM660 Snapdragon 660” Chipset එකක් සහ “Octa-core” CPU එකක්ද තිබෙනවා. තවද මෙම දුරකථනය 64 GB ප්‍රධාන මතක ධාරිතාවකින්, 4/6 GB ලෙස RAM ධාරිතාවන් ද්විත්වයකින් සහ 32 GB ප්‍රධාන මතක ධාරිතාවකින්, 3 GB RAM ධාරිතාවන් වශයෙන් දුරකථන කිහිපයක් දැකගැනීමට පුළුවන්. එමෙන්ම මෙම දුරකථනයේ Storage එක 256 GB දක්වා වැඩි කරගැනීමටද පුළුවන්.

Image Copyright: The Indian Wire

මෙම දුරකථනය කැමරා ප්‍රමාණයන් අනුවද දෙයාකාරයකින් දැකගැනීමට පුළුවන්. ඒ අනුව 48 MP ප්‍රධාන කැමරාවකින් සහ 5 MP “depth sensor” එකක් සහ 12 MP ප්‍රධාන කැමරාවකින් සහ 5 MP “depth sensor” එකක් ලෙසද දැකිය හැකිය. මීට අමතරව 13 MP ප්‍රමාණයේ සෙල්ෆි කැමරාවක්ද මෙහි දැකගැනීමට පුළුවන්. තවද මෙහි USB 2.0 Type-C පහසුකම ඇතුළුව Fingerprint (rear-mounted), accelerometer, gyro, proximity සහ compass ආදී Sensors ද දැකගැනීමට පුළුවන්. මෙම දුරකථනය සතුව “Quick Charge 4” පහසුකම සමඟින් 4000 mAh බැටරියක් ද දැකගැනීමට පුළුවන්.

Image Copyright: GSMArena.com

මෙම Xiaomi Redmi Note 7 දුරකථනය Blue, Black සහ Twilight Gold යන වර්ණයන්ගෙන් මේ වනවිට මිලදී ගැනීමට පුළුවන් අතර මෙම දුරකථන ද්විත්වයේම සම්පුර්ණ තොරතුරු වෙන වෙනම Review ලිපියකින් ඔබ වෙත ගෙන ඒමට අපි සුදානම්.

පහත සඳහන් ලින්ක් එක මාර්ගයෙන් මෙම දුරකථනයේ මිලගණන් සහ මිලදී ගත හැකි ස්ථාන පිලිබඳ තොරතුරු ලබාගත හැකිය.