හිසකට වෙනත් සිරුරක් බද්ධ කරන ලොව ප්‍රථම ශෛල්‍යකර්මය මෙන්න

, , 1 Comment

තිස් හැවිරිදි Valery Spiridinov නම් රුසියානු ජාතිකයා සිය හිස වෙනත් කෙනෙකුගේ ශරීරයකට බද්ධ කිරීම සඳහා සූදානමින් සිටින බව විදෙස් ප්‍රකාශ කර සිටිනවා. Werdnig Hoffman නම් රෝගී තත්වයෙන් පෙළෙන ඔහු මාංශ පේශී ක්ෂය වීම නිසා කායිකව දුබල තත්වයක සිටින රෝද පුටුවකට කොන්ව සිටින පුද්ගලයෙක්.

මේ හේතුවෙන් තම මොළය සහ හිස වෙනත් ශරීරයකට බද්ධ කරගන්න ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්වීමට වැලරි සිය කැමැත්ත පළකර සිටිනවා. ඉතාලි ජාතික ස්නායු වෛද්‍යවරයෙක් වන Sergio Canavero පවසන්නේ මේ විශ්වකර්ම ශල්‍යකර්මය දිනක් වැනි කෙටි කාලයකින් නිමකළ හැකි වුවත් ඒ සඳහා විශාල පූර්ව සූදානමක් අවශය වන බවයි.

ඒ වගේම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව තමන්ට 90%ක පමණ විශ්වාසයක් ඇති මුත් ශල්‍යකර්මයේ ඇති අවධානම් තත්වයත් නොසලකා හැරිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

තවත් වෛද්‍යවරු කණ්ඩායමකට මේ ශල්‍යකර්මය පිළිබඳව ඒ තරම් විශ්වාසයක් නොමැති වුවත් වැලරි නම් සිය ජීවිත අවදානම පවා නොතකා මේ ශල්‍යකර්මය පිළිබඳව දැඩි විශ්වාසයක් තබා ඇත. “මට මාගේ හිසට වෙනත් ශරීරයක් බද්ධ කිරීමට හැකිනම් මා දැනට සිටින තත්වයෙන් මිදී නිදහසේ තමන්ගේ වැඩකටයුතු කරගතහැකි වේවි”

29810B8500000578-3117029-Journey_Valery_Spiridonov_pictured_at_Moscow_airport_on_Wednesda-a-2_1433935359137

ශල්‍යකර්මයේ පළමු පියවර ලෙස දායකයාගේ සිරුර සහ වැලරිගේ ශරීරය ශිතකරණයට ලක්කරනු ඇත. ඒ මොළයේ සෛල මියයාම වැළැක්වීම සඳහායි. අනතුරුව ගෙල අසලින් අර්ධ වශයෙන් වෙන්කර රුධිර නාල කෘතිම නල මඟින් දායකයාගේ සිරුරට සම්බන්ධ කෙරෙනු ඇත. ඒ වගේම මේ ශල්‍යකර්මයේ සෑම පියවරක්ම දැනට වෛද්‍ය විද්‍යාෙව් ප්‍රායෝගිකව හෝ න්‍යායාත්මකව භාවිතාවේ පවතින වෛද්‍ය තාක්ෂණය ඇසුරෙන් සිදුකෙරේ.

මොළයට සම්බන්ධ රුධින නාල ඉවත් කර කෘතිම නල මඟින් මොළයට රුධිරය සැපයීම දැනටත් බහුලව පිළිගත් වෛද්‍ය ක්‍රමයක් බව ස්නායු ශෛල්‍ය වෛද්‍ය Matthew Crocker ස්කයි නිවුස් වෙත පවසා සිටියා.

head-transplant_3340531b

දෙවන පියවරේදී කශේරුකාව ඉතා තියුණු තලයකින් කපා වෙන්කරන්නේ හානිය අවමවන ලෙසයි. අනතුරුව හිස දායකයාගේ සිරුර හා සම්බන්ධ කරන්නේ කශේරාකා කොටස් දෙක පොලිතීන් ග්ලයිකෝල් වලින් සමබන්ධ කිරීමෙනි. තුන්වන පියවරේ දී සිදුකෙරෙනුයේ රුධිර නාලිකා සහ ස්නායු බද්ධ කිරීමයි. අනතුරුව සිරුර සති කිහිපයක් කෝමා තත්වයට පත්කර තබන්නේ කශේරුකාව හා රුධිර නාලිකා හොඳින් සම්බන්ධ වනතෙක් නොසෙල්වී තිබියු යුතු නිසායි.

මේ අපූරු විශ්මකර්ම ශල්‍යකර්මය 2017 වසරේදී සිදුකිරීමට නියමිතයි.

 

One Response

  1. Roshan Kumara

    November 10, 2015 8:25 am

    හැමෝම කියනවනේ අමාරු වැඩ ගැන..
    මෙන්න ලේසි වැඩක්.. දවස් 15න්
    16GB Pen එකක් ගෙදරටම ගෙන්න ගන්න
    පුළුවන්.. ලේසිම ලෙසි වැඩක් තියෙන්නේ.. මේ site එකට
    යනවට එයාල point එකක්
    දෙනවා.. දවසට ප්‍රශ්නයක් අහනවා (පට්ටම ලේසි ප්‍රශ්න). එකට හරි උත්තරේ දුන්නම තව point එකක් දෙනවා.. ඒ කියන්නේ
    දවසට අනිවා point දෙකක්
    ගන්න පුළුවන්.. 16GB Pen එක
    point 30යි . ඒ කියන්නේ දවස් 15න් Pen එක අතේ…. ඔයාලත් Try කරලම බලන්න…… http://www.gokano.com/ref/pM4Ck4Qc

    Reply

Leave a Reply