ලොව ප්‍රථම සිදුරු රහිත දුරකථනය ” Meizu Zero “

0
172

චීනයේ ප්‍රධාන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන Meizu, සම්ප්‍රදායික දුරකථන නිර්මාණ රටාව බිඳ දමමින් ලොව ප්‍රථම සිදුරු රහිත ( Holeless ) දුරකථනය නිර්මාණය කර තිබෙනවා. Meizu Zero වශයෙන් නම්කර තිබෙන මෙම දුරකථනය පිළිබඳව මේ වනවිට ලොවපුරා කතාබහට ලක්වී තිබෙනවා.

ඇයි මේ Holeless Phone කියන්නේ ?

Image Copyright: Android Authority

සම්ප්‍රදායික ස්මාර්ට් ජංගම දුරකථනයක දැකිය හැකි ප්‍රධාන අංග කිහිපයක් ලෙස Buttons, Charging ports, Speaker halls සහ USB ports  දැක්විය හැකිය. නමුත් මෙම Meizu Zero දුරකථනයේ කිසිදු Physical key එකක් දැකගන්නට පුළුවන්කමක් නැත. එමෙන්ම මෙම දුරකථනය සඳහා Inscreen Finger Print සහ Wireless charging එක්කොට තිබෙන අතර සම්ප්‍රදායික Sim slot එක වෙනුවට E-Sim පහසුකම ලබාදී තිබීම නිසා Sim එක සඳහා විවරයක් නොමැති වීම මෙහි ඇති තවත් විශේෂත්වයක්  ලෙස දැක්විය හැකිය. තවද දැනට දුරකථන සඳහා ඇති ඉහළම ආරක්ෂණය වන IP68 මට්ටම ද අභිබවා යාමට මෙම දුරකථනයට හැකිවී තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ මෙම දුරකථනය කිසිදු සිදුරක්වත් නොමැති නිසාවෙනි.

Image Copyright: MSPoweruser

මෙම දුරකථනය සම්පුර්ණයෙන්ම සෙරමික් ( Ceramic ) යොදාගෙන නිර්මාණය කර තිබීම මෙහි පෙනුම තවත් වර්ධනය කිරීමට උපකාරී වි තිබෙන අතර කිසිඳු Physical key එකක් නොමැති නිසා මෙම දුරකථනය සම්පුර්ණ වීදුරු කොටසක් ලෙස දිස්වේ. මෙම දුරකථනය අඟල් 5.99 ක කවාකාර AMOLED දර්ශණ තිරයකින් යුක්ත වන අතර Snapdragon 845 ප්‍රමාණයේ ප්‍රොසෙසරයකින් ද සමන්විතයි. තවද මෙම දුරකථනයේ ඉදිරිපස එක් කැමරාවක් සහ පසුපස කැමරා ද්විත්වයක්න් යුක්ත වෙනවා.

ලොව ප්‍රථම සිදුරු රහිත දුරකථනය වෙළඳපොළට නිකුත්වන දිනය පිළිබඳ බොහෝදෙනෙකු උනන්දුවෙන් සිටින අතර මෙම දුරකථනය පෙබරවාරියේ දී නිකුත් වේයැයි අනුමාන කළ හැකිය.