Computer Games වැඩ්ඩො කෙල්ලෝද?

මුල් අවදියේදී පරිඝණක ක්‍රීඩා සඳහා පිරිමි ළමුන්ගේ වැඩි නැඹුරුවක් තිබුණු අතර මීට වසර කිහිපයකට ඉහතදී සිට ගැහැණු ළමුන්ගේ වැඩි සහභාගීත්වයක් පරිඝණක ක්‍රීඩා සඳහා ලැබී තිබෙනවා එයට හේතුවක් වශයෙන් බොහෝ “e-Sports” තරඟ සඳහා ඉදිරිපත්වන කණ්ඩායම් වල ගැහැණු ළමුන්ගේ නියෝජනය දැකගැනීමට පුළුවන්. මෙම දෙපාර්ශවයෙන්ම වඩා “e-Sports” සඳහා දක්ෂතාවයක් දක්වන්නේ කව්රුන්ද යන්න පිලිබඳ GOSU.AI නැමති ආයතනය විසින් පරීක්‍ෂණයක් සිදුකර තිබෙනවා.

GOSU.AI  මුහුණුවර

GOSU.AI කියන්නේ පරිඝණක ක්‍රීඩාව සඳහා පුහුණුව ලබාදෙන Platform එකක්. GOSU.AI විසින් මෙම පරීක්ෂණය සඳහා ඔවුන් විසින් නිර්මාණය කළ virtual assistant කෙනෙකුගේ, තවත් විදිහකට කියනවනම් පරිඝණක ක්‍රීඩා සඳහා භාවිතා කරන්න පුළුවන් කෘතීම සහකරුවෙකුගෙන් දත්ත ලබාගෙන තිබෙනවා. GOSU.AI හරහා බොහෝ ප්‍රසිද්ධ Dota 2 , PUBG සහ CS:GO ආදී පරිඝණක ක්‍රීඩාවන් වල නිරතවිය හැකි අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම පරිඝණක ක්‍රීඩාවන් සඳහා virtual assistant කෙනෙකුගේ සහය ලබාගැනීමට හැකිය.

එහිදී ක්‍රීඩකයන් හට පරිඝණක ක්‍රීඩාවන් සඳහා ඔවුන්ගේ ධනාත්මක සහ ඍණාත්මක තොරතුරු ලබාගත හැකි අතර නිවැරදිව ක්‍රීඩාව සිදුකිරීමට අවශ්‍ය Tips ආදිය මෙම GOSU.AI විසින් නිර්මාණිත virtual assistant ගෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මෙමගින් පරිඝණක ක්‍රීඩා සඳහා ඇති හැකියාවන් වර්ධනය කරගැනීමට ද හැකියාව පවතිනවා.

Image Copyright: Tech Crunch

මෙම පරීක්ෂණය සඳහා 5000 ක GOSU.AI Users ලා ප්‍රමාණයක් සහ Progress Analysis සඳහා මිලියන 3.5 ක “Dota 2” පරිඝණක ක්‍රීඩකයන් පිරිසක් යොදාගෙන තිබෙනවා. මෙම ක්‍රීඩාව සඳහා කාන්තා නියෝජනය 4% ක් වුවත් ඔවුන් ක්‍රීඩාව තුළ ජයග්‍රහණයන් ලබාගැනීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ බව GOSU.AI දත්ත සාක්ෂි සපයනවා. එය පිරිමි ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණ ප්‍රමාණයන්ට වඩා 44% ගුණයක් ඉහළ බව වැඩි දුරටත් සඳහන්.

මෙම පරීක්ෂණය මඟින් තව දුරටත් පෙන්වා දෙන්නේ Travel නොකරන පිරිස් සඳහා පරිගණක ක්‍රීඩා කිරීමට වැඩි හැකියාවක් තිබෙන අතර රැකියාවක් ඇති පිරිස් හට සහ විවාහකයන් හට පරිගණක ක්‍රීඩා සඳහා ඇති හැකියාව අඩු බවයි.

Image Copyright: VideoHive

කෙසේ වෙතත් ඉහත තොරතුරු විද්‍යාත්මක තොරතුරු නොවන අතර මේ ආකාරයෙන් පරිඝණක ක්‍රීඩාවන් සහ ක්‍රීඩකයන්ගේ වාර්තාවන් සපයන නොයෙකුත් වෙබ් අඩවි ඇති අතර ඔවුනොවුන්ට සාපේක්‍ෂව මේ ආකාරයේ දත්ත සපයනු ලබයි. එමෙන්ම මෙම දත්ත වාර්තා සහ අනෙකුත් මෙවැනිම දත්ත සපයන ආයතන වල වාර්තා අතර විවිධ වෙනස්කම් තිබිය හැකිය.