ස්මාර්ට් ඔරලෝසුවට වින්ඩොස් 95 දැමූ අපූරු මෙහෙයුම (වීඩියෝ සහිතයි)

, , 3 Comments

ඔයාලට මතකද Windows 95 මෙහෙයුම් පද්ධතිය. මීට අවුරුදු 16කට කලින් නිකුත් වුණු මේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න අවශ්‍ය වුනේ බොහොම පොඩි ධාරිතාවක් හා රුම් මතකයක විතරයි. පුද්ගලිකව මා මිළඳි ගත් දෙවන පරිගණකය වුනෙත් වින්ඩොස් 95 පරිගණකයක්. එ් පරිගණකයේ මතක ධාරිතාවය 600MB වගේ සුළු මතකයක්. ඒ වගේම රැම් මතකයත් බොහොම සුළු ප්‍රමාණයේ රැම් මතකයක්. ඉතින් දැන්කාලේ නිකුත් වෙන කුඩා ජංගම දුරකථන වල ධාරිතාවයන් එක්ක සසඳන විට Windows 95 මෙහෙයුම් පද්ධතිය පහසුවෙන් ධාවනය කරන්න පුළුවන්. ඒත් මේ කියන්න යන්නේ ඊටත් වඩා පුදුම දෙයක් ගැන.

SEE ALSO: SIM දාලා Call ගන්න පුළුවන් එකම අත් ඔරලෝසුව – Samsung Gear S

අඟල් 1.63ක් වැනි කුඩා තිරයක් ඇති ස්මාර්ට් ඔරලෝසුවකට වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කලා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඒත් ඒක ඇත්තක්. Android Wear මෙහෙයම් පද්ධතිය සඳහා ඇති aDOSbox emulator එක මඟිනුයි මේ අපූරු මෙහෙයුම දියත් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් වැඩකරන මෙහෙයුම් පද්ධතියක් විදියට මේ වින්ඩොස් 95 සහිත ඔරලෝසුව භාවිත කරන්න බැරි වුනත් විනෝදයටත්, යාළුවෝ පුදුම කරන්නටත් මේක හොඳ විදියක්.

[signoff predefined=”Tech Guru Facebook Like”][/signoff]

 

3 Responses

Leave a Reply