මයික්‍රොසොෆ්ට් නවතම මෙහෙයම් පද්ධතිය Windows 10 සම්පූර්ණයෙන්ම නොමිලේ

, , 1 Comment

මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය Windows 10 හඳුන්වා දීමේ උත්සවයක් ඊයේ දිනයේදී පැවැත්වුණා. එම සමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී ගියා. ඒ අනුව Windows 10 නිකුත් කිරීමෙන් පසුව පළමු වසර තුලදී දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති භාවිත බව උපකරණ සඳහා නොමිලේ ලබා දෙනු ඇත.

කෙසේ වෙතත් තවමත් මොන ආකාරයකට මේ නොමිලයේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත්දැයි පැහැදිලි නැති වුවත්, විශේෂයෙන්ම වින්ඩෝස් 7 ධාවනය වන පැරණි පරිගණක සඳහා යම් විදියක දෘඩාංග පිළිබඳව සීමා ඇති විය හැකි බවයි අපගේ මතය.

මීට පෙර පැවති මෙහෙයුම් පද්ධති සංස්කරණ සඳහා එක් එක් මෙහෙයුම් පද්ධතියට වෙන වෙනම මුදල් ගෙවා මිලදී ගැනීමට සිදු වූවත් වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියට පසුව නිකුත් කළ වින්ඩොස් 8.1 අනු සංස්කරණය නොමිලයේ ලබා දෙමින් මයික්‍රොෙසාෆ්ට් සමාගම සිය නව සේවා විලාශය ආරම්භ කලා. ඒ අනුව මින් මතුවට වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය සේවාවක් ලෙස ලබා දෙනු ඇත. ඔබ වරක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මිලදී ගත් පසු ඉදිරි මෙහෙයුම් පද්ධති සංස්කරණ වලටත්, විවිද යාවත්කාලීනයන් සඳහාත් ඔබ සුදුසුකම් ලබනු ඇත. කෙසේ නමුත් මේ සේවාවන් සඳහා දෘඩාංග වල තත්වය, පරිගණකයේ සේවා සපයන කාල සීමාව වැනි විවිධ සීමා මායිම් බලපානු ඇති බවයි පැවසෙන්නේ.

[alert]හැබැයි අමතක කරන්න එපා ඔබ නීත්‍යානුකූල නොවන විදියට (Torrents හෝ Cracks මඟින්) ලබාගත් වින්ඩෝස් සඳහා මේ වගේ වාසි ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒක ඔබේ පරිගණකයේ හා ඔබේ වටිනා දත්ත වල ආරක්ෂාවටත් තර්ජණයක්.[/alert]

SEE ALSO: Windows 10 හඳුන්වා දීමේ උළෙලේ පෙරළිකාර නිර්මාණ මෙන්න

 

[signoff predefined=”Tech Guru Facebook Like”][/signoff]

 

One Response

Leave a Reply