ඔබ තවමත් සුපිරි වෙළඳසැල් වලින් ෂොපින් කරනවාද?

0

ගෙදරට අවශ්‍ය කරන බඩු ලැයිස්තුවක් හදාගෙන ඒ ලැයිස්තුව අරගෙන වෙළඳ සැලට හෝ සුපිරි වෙළඳසැලට ගිහින් කකුල් කැක්කුම එනකං රාක්ක වල බඩු හොය හොයා අමාරුවෙන් ට්‍රොලියට දාගෙන තල්ලු කරගෙන ඇවිත් පෝලිමේ කට්ට කාලා භාණ්ඩ මිලදී ගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඉතින් අපි අද කතා කරන්නේ මෙහෙම කටු කන්නේ නැතුව ඔන්ලයින් ෂොපින් කරන එකේ වාසි මොනවාද කියන එකයි.

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීම, එහෙමත් නැත්නම් ඔන්ලයින් ෂොපින් කිරීම ලංකාවේ අපිට දැන් අලුත් දෙයක් නෙවෙයි. ගෘහ විදුලි උපකරණ, ඇඳුම් පැළඳුම් මෙන්ම අප එදිනෙදා පරිහරණය කරන සිල්ලර භාණ්ඩ (Grocery) හා ආහාර පාන පවා දැන් දැන් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා. මේ වෙනසට හේතු වෙලා තියෙන්නේ සාම්ප්‍රදායික භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ තිබෙන යම් යම් අඩු පාඩු නිසායි.

අඩු මිලකට භාණ්ඩ මිලදී ගැනීමට හැකිවීම

සාමාන්‍යයෙන් ඕනෑම භාණ්ඩයක මිල තීරණය කරන සාධකයක් තමයි ඒ ඒ භාණ්ඩය වෙළඳසැල් වල ප්‍රදර්ශණය කර තැබීමට වැය වන වියදම. මේ වියදමට සුපිරි වෙළඳසැල් පවත්වාගෙන යාමට වැයවන මුදල, සේවක සේවිකාවන්ගේ වැටුප් ආදී දහසකුත් වියදම් ඇතුලත් වනවා. මීට අමතරව විවිධ සුපිරි වෙළඳසැල් වල වැඩි පිරිසකගේ ඇස ගැටෙන රාක්කවල භාණ්ඩ ප්‍රදර්ශණය කිරීමට භාණ්ඩ නිෂ්පාදකයා විසින් තවත් විශාල වියදමක් දරණු ලබනවා. ඉතින් මේ හැම වියදමක්ම අවසානයේ අය වන්නේ පාරිභෝගිකයාගේ මුදල් පසුම්බියෙන්.

ඒත් අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන සේවාවන් සඳහා ඉහත වියදම් 80%ක් දක්වා අවම වනවා. ඉතින් ඒ වාසිය සෘජුවම පාරිභෝගිකයා වෙතයි ලැබෙන්නේ.

භාණ්ඩ සොයාගැනීමේ හා සසඳා බැලීමේ පහසුව

සුපිරි වෙළඳසැල් වල  භාණ්ඩ අසුරා තිබෙන්නේ පිළිවෙලකට පහසුවෙන් භාණ්ඩ සොයාගැනීමට හැකි ආකාරයටයි. ඒත් හදිස්සියකදී මොනවා හරි පොඩි දෙයක් හොයාගන්න මුළු සුපිරි වෙළඳසැල පුරාම ඇවිදපු නැති කෙනෙක් නැතුව ඇති. මොකද බොහෝ සුපිරි වෙළඳසැල් පාරිභෝගිකයාට නිතර නිතර අවශ්‍ය වෙන භාණ්ඩ හැකි තරම් අෑතින් තබන්නට පෙළඹෙනවා. එසේ වන්නේ බිත්තර වගේ නිතර අවශ්‍ය වන දේවල් මිලදී ගන්නට වැඩි දුරක් ඇවිදින ඔබ නොදැනීම ඒ අතරමගදී දකින තවත් දේ ඔබේ බඩු මල්ලට දමාගන්නට පෙළඹෙන නිසයි.

හැබැයි අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබට පහසුවෙන් Search කර අවශ්‍ය භාණ්ඩයම සොයාගැනීමට හැකියාව තිබෙනවා. මීට අමතරව වැඩි දෙනෙක් මිලදී ගන්නා භාණ්ඩ සහ වැඩි වට්ටම් සහිත භාණ්ඩ නිදහසේ සොයා බලා මිලදී ගැනීමට ඔබට අවස්ථාව හිමි වනවා.

වාහන නැවැත්වීමේ අපහසුතා මඟහැරීම හා පෝලිම් වල සිටීමට අවශ්‍ය නොවීම

දැන් දැන් කොළඹ වැඩිවන වාහන තදබදයත්, වාහන නවත්වා තැබීමේ පහසුකම් හිඟ වීමත් නිසා එදිනෙදා ගෙදරට අවශ්‍යකරන භාණ්ඩ මිලදී ගැනීමට වැඩි වේලාවක් ගත කිරීමට අපට සිදු වනවා. ඒ වගේම දිග පෝලිම් වල රැඳෙමින් භාණ්ඩ වල මිල ගෙවීමට සිදු වීමත්, එසේ මිලදී ගන්නා භාණ්ඩ නැවත නිවසට ගෙන ඒමට සිදු වීමත් මේ තරඟකාරී ලෝකයේ අපගේ වටිනා කාලයත්, මුදලුත් වැයවන අනවශ්‍ය ක්‍රියාවලියක් හැටියට හඳුන්වන්නට පුළුවන්.

ඉතින් දැන් ඔබේ නිවසේ සෝෆා් එකේ සිට වුවත් ජංගම දුරකථනයෙන්  මාසික භාණ්ඩ ලැයිස්තුව ගෙදරටම නොමිලයේම ගෙන්වා ගැනීමට හැකියාව ඇති Mogo Super වැනි සේවාවන් නිසා අද කාලයේ එදිනෙදා සිල්ලර බඩු නිවසට ගෙන්වා ගැනීම පහසු මෙන්ම ලාබදායක දෙයක් වී තිබෙනවා.

ආරක්ෂාකාරී මුදල් ගණුදෙනු ක්‍රමයක් වීම

අන්තර්ජාල භාණ්ඩ මිලදී ගැනීමෙදී බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක් වන්නේ අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කටයුතු සිදුකිරීමයි. කෙසේ නමුත් බොහෝ අන්තර්ජාල සුපිරි වෙළඳසැල්, භාණ්ඩය ලැබීමෙන් පසු මුදල් ලබාදීමේ (Cash On Delivery) පහසුකම ලබාදී තිබෙන නිසා අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනු දෙනුවක් සිදුකිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ නිවසට හෝ කාර්යයාලයට භාණ්ඩ ගෙනවිත් බාර දීමෙන් පසුව, ඔබ මිලදී ගත් භාණ්ඩ වලට ගෙවිය යුතු මුදල ගෙවීම කල හැක.  කෙසේ වුවත් ආරක්ෂිත බැංකු සේවාවක් හා සම්බන්ධ ගෙවීම් දොරටුවක් (Payment Gateway) ඔස්සේ ක්‍රෙඩ්ට් හෝ ඩෙබිට් කාඩ් හරහා මුදල් ගනුදෙනු සිදුවන බැවින් අවශ්‍යනම් ඔබට ඒ හරහාත් මුදල් ගනුදෙනු සිදුකල හැකියි.

හැබැයි ඉතින් මේ වගේ වාසි රැසක් තිබුනත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේ අවාසිත් නැතුවම නොවේ. ඒ අතරින් ප්‍රධාන අවාසිය වන්නේ කොළඹ හා කොළඹ අවට ප්‍රදේශ හැරුණුකොට තවමත් මේ බොහෝ සේවාවන් දුර පළාත් සඳහා නොමැති කමයි. හැබැයි ඉතින් නුදුරේදීම මේ සේවාවන් ලංකාව පුරාම පැතිර යන බව නම් විශ්වාසයි.

Shop Groceries Online: https://mogosuper.com

Mogo Super Site
MogoSuper.lk