Windows 1.01 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා නැතුව ඇතිනේ, එහෙනම් මෙන්න try කරන්න

0

Windows 1.01 එක්ක මොහොතක් අතීතයට ගිහින් අවුරුදු 30කට කලින් Notepad, Paint වගේ software’s වල පොඩ්ක් වැඩ කරල පොඩි experience එකක් ගන්න ක්‍රමයක් ගැනයි මම කියන්න යන්නේ. ඔයාලා කවුරුවත්ම try කරන එකක් නෑ ඔයාගේ PC එකට Windows 1.01 දාලා බලන්න. ඒ නිසා   PCJS කියලා site එකක් මඟින් Windows 1.01 මෙහෙයුම් පද්ධතිය Virtual Machine එකක් විදියට install කරලා තියනවා. ඔයාලට පුලුවන් Web browser එකෙන් site එකට ගිහින් use කරලා බලන්න. ඔයාටම හිතෙයි ඒ දවස්වල කොහොම වැඩකලාද කියලා.

මේ පහල තියෙන්නේ Windows 1.01 OS එක run වෙන Virtual Machine එක.
Full Screen දාලා වැඩකරලා බලන්න. (අයින්වෙන්න Keyboard එකේ ESC button එක ඔබන්න)