ඔබත් Subtitles එක්ක චිත්‍රපට බලන්න ඕනේ මේ නිසයි

0
206

Movies සහ TV Series ලෝකයේ වගේම අපේ රටෙත් බොහොම ජනප්‍රිය මාතෘකා දෙකක් වන අතර ලංකාව තුල නම් තවමත් බහුතරයක් චිත්‍රපට සහ TV Series ලබාගැනීම සිදුකරන්නේ Torrent මගින් ඩවුන්ලෝඩ් කිරීමෙන්. මෙම ඩවුන්ලෝඩ් කරගන්නා චිත්‍රපට සඳහා Subtitles එහෙමත් නැතිනම් සිංහල උපසිරැසිය භාවිතයත් අපේ රටේ විශේෂයෙන්ම සිදුවන දෙයක්.

බොහෝ විට Subtitles යොදා ගැනෙන්නේ වෙනත් භාෂාවක චිත්‍රපටයක් නැරඹීම සඳහා වන අතර එමගින් චිත්‍රපටයේ භාෂාව තේරුම් ගැනීමේ අපහසුතාවය මගහරවා ගැනීමට පුළුවන්. මේ අතර තමන් දන්නා භාෂාවක චිත්‍රපටයක් වුවත් Subtitles යොදාගෙන නැරඹීම තුලින් වාසි කිහිපයක් ලබාගැනීමට හැකි බව නවතම වාර්තාවලින්  තහවුරු වී තිබෙනවා.

උදා:- ඉංග්‍රීසි චිත්‍රපටයක් සඳහා ඉංග්‍රීසි Subtitles යොදාගැනීම.

මෙහිදී වචන ශ්‍රවණය වීමේදී ඇතිවන ගැටළු මග හැරීම, වචන උච්චාරණය නිවැරදිව හඳුනාගැනීමට හැකියාව සහ භාෂාවේ නිපුණත්වය ලබාගැනීමට හැකි වීම ආදී කරුණු කිහිපයක් හැඳින්විය හැකිය. තවද වෙනත් භාෂා වල චිත්‍රපට Subtitles යොදා නැරඹීමෙන් විවිධ භාෂා කතාකිරීමට පවා හැකියාව තිබෙන බොහෝ පිරිස් ලෝකය පුරා මෙන්ම ලංකාවේද  දැකගැනීමට පුළුවන්.

උදා:- හින්දි චිත්‍රපට Subtitles යොදාගෙන නැරඹීම මඟින් හින්දි භාෂාව කතාකිරීමට හැකි පිරිස්.

Subtitles එක්ක චිත්‍රපට බලන එක ඇත්තටම හොඳද…?

Image Copyright: newssting.in

අපේ සමාජයේ බොහෝ දෙනෙකු චිත්‍රපට නැරඹීමේදී Subtitles යොදාගැනීම කරනු ලබනවා. ඇත්තටම වෙනත් භාෂාවන් වලින් ඇති චිත්‍රපට නැරඹීමේදී සිංහල Subtitles යොදාගැනීම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම ඉංග්‍රීසි සහ අනෙකුත් භාෂා වල චිත්‍රපට සිංහල Subtitles සමඟින් නැරඹීමේදී චිත්‍රපටයේ සියුම්  කොටස් පවා හොඳින් ග්‍රහණය කර ගැනීමේ හැකියාව තිබෙන අතර එමගින් අළුත් වචන, එම වචන යොදා ගන්නා විදිහ සහ වචන උච්චාරණය ඉගෙනගැනීමට හැකියාව ලැබෙනවා.

Subtitles භාවිතා කරමින් චිත්‍රපට නරඹන බොහෝ පිරිස් පවසන ආකාරයට, ඔවුන් හට Subtitles මඟින් භාෂාවේ නිපුණත්වය සහ චිත්‍රපටයේ හරයන් නිවැරදිව තේරුම් ගැනීමට පුළුවන් වන බවත් Subtitles භාවිත නොකරන පිරිස් ප්‍රකාශ කරන අන්දමට චිත්‍රපටය නරඹන අතරතුර Subtitles කියවීම ඔවුන්ගේ රසවින්දනයට බාධාවක් වන බවත් ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වෙතත් Subtitles භාවිතය සාපේක්ෂව පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වන අතර Subtitles භාවිතය යම්තාක් දුරකට රසවින්දනයට බාධා වූවත් එය ප්‍රයෝජනවත් වන බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙනවා.