ලොව ප්‍රථම “Dual Elevating” කැමරාවක් සහිත Vivo V17 Pro දැන් වෙළඳපොලේ

0
724

Vivo කියන්නේ අලුත්ම තාක්ෂණයන්ගෙන් පරිපුර්ණ නවමු දුරකථන හඳුන්වාදීමේ ප්‍රමුඛ තැනක් හිමිකරගෙන තිබෙන සන්නමයක්. ඉතින් මේ අලුත්ම සන්නමය යටතේ තවත් නවතම දුරකථන ද්විත්වයක් Vivo “V” මාදිලිය යටතේ පසුගියදා ලාංකීය වෙළඳපොළට හඳුන්වා දුන්නා. Vivo V17 Pro ලෙස නම්කර ඇති මෙම දුරකථනය ලොව ප්‍රථම “32MP Dual Elevating Selfie Camera” පහසුකම සහිත දුරකතනයයි. මීට අමතරව මෙහි ඇතුළත් පෙරළිකාර විශේෂතා අතර FHD සහ  Super AMOLED Ultra FullView™ තිරය සහ වෘත්තිය මට්ටමේ 48MP AI Quad Camera ආදී පහසුකම් විශේෂ වෙයි. 

මෙම නවතම හඳුන්වා දීම පිළිබඳව අදහස් දැක්වූ  Vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි “Kevin Jiang” මහතා සඳහන් කළේ  V17 Pro ස්මාර්ට් ජංගම දුරකථනය සමඟ Vivo සමාගම නවතම ස්මාර්ට්ෆෝන් තාක්ෂණය මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකරන බවයි. මේ ආකාරයට අති නවීන කැමරා තාක්ෂණය සහිත ස්මාර්ට්ෆෝන්  මෙරට පාරිභෝගිකයා වෙත පිරිනැමීම Vivo හි එක් ප්‍රධාන මෙහෙවරක් කොට සලකන බව ද හෙතෙම සඳහන් කළේය.

Vivo V17 Pro දුරකථනයේ විශේෂතා

  • 32MP Dual Pop-Up සෙල්ෆි කැමරාව සමඟ අසීමාන්තික අත්දැකීමක්

පුළුල් පරාසයක් ආවරණය වන 32MP ද්විත්ව කැමරාව මඟින් අංශක 105ක් දක්වා ආවරණය වන බැවින් වැඩි පිරිසක් සෙල්ෆි ඡායාරූපයට හසු කර ගැනීමේ අවකාශය එමඟින් සැලසෙයි. එමෙන්ම රාත්‍රී කාලයේදී සහ අවම අලෝක තත්වයකදී ඉතා සුපැහැදිලි ඡායාරූප ලබාගත හැකි වීම ද විශේෂත්වයකි.

  • සුපිරි 48MP AI Quad පසුපස කැමරාව

V17 Pro හි ඇති 48MP AI Quad පසුපස කැමරා පහසුකම් මඟින් වඩා සවිස්තරාත්මක ඡායාරූප ගැනීමට අවකාශ සැලසෙයි. මෙම කැමරා අතර 48MP HD rear camera, 13MP Telephoto කැමරා, 8MP AI Super wide-angle සහ Super Macro (2.5cm) මෙන්ම 2MP Bokeh ආදී කැමරා පහසුකම් ඇතුළත් වෙයි. මෙම කැමරා මඟින් ඕනෑම ආලෝක තත්වයන්හි දී ලබාගන්නා ඡායාරූප වඩා තීව්‍ර ලෙස සවිස්තරාත්මකව දක්වයි. එමෙන්ම රාත්‍රි කාලයේදී HDR පහසුකම සහිතව ඡායාරූප සහ වීඩියෝ ලබාගැනීමේ හැකියාව නිසා මෙම කැමරා පහසුකම වැදගත් වෙයි. විශේෂයෙන් වීඩියෝකරණයේදී බාහිර ශබ්ද අවම කිරීම් පහසුකම් සහිතව මෙම ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර තිබේ. ලෝකය තවදුරටත් සමීප කරවයි.

  • V17 Pro හි අන්තර්ගත Super Macro විශේෂාංගය

මෙමඟින් ඉතා කුඩා වස්තූන් පහසුවෙන් ඡායාරූපයට නඟා ගැනීමට හැකියාව ලැබේ. සෙන්ටිමීටර් 2.5 ක් දක්වා එම වස්තූන් වඩා සමීපව කැමරාවට හසුකර ගැනීමට මෙමඟින් අවස්තාව සැලසෙයි. මීට අමතරව 2x Optical Zoom සහ 10x Digital Zoom පහසුකම තුළින් ඕනෑම වස්තුවක් සුපැහැදිලිව සමීප කර දැක්වීමේ හැකියාව ලැබේ. මෙම 13MP Telephoto Camera පහසුකම නිසා ඡායාරූපකරණයේ පෙර නොවිඳි අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සැලසෙයි. AI තාක්ෂණයෙන් යුතු පුළුල් පරාසයක් දැක්වෙන කැමරාව අංශක 120 ක පුළුල් පරාසයක් පැහැදිලිව ග්‍රහණය කර ගත හැකි කැමරාවක් සහිතව V17 Pro දුරකථනය නිමවා තිබීම නිසා වඩාත් නිර්මාණශීලි ලෙස සහ කලාත්මක ලෙස ඡායාරූප ලබාගැනීමේ හැකියාව සහිත වෙයි.

  • 20:9 Ultra FullView Display පහසුකම

V17 Pro ස්මාර්ට් ජංගම දුරකථනය 16.36cm (6.44 inches) Super AMOLED display සහිත වෙයි. මේ නිසා මෙම ස්මාර්ට් ජංගම දුරකථනය 91.65% ක පරාසයක් පුරා ඇති E3 OLED තිරය මඟින් DCI-P3 වර්ණ 100% කින් නැරඹිමේ පහසුව ලැබෙයි. වඩාත් තුනී නිමාවකින් යුක්ත V17 Pro ස්මාර්ට් ජංගම දුරකථනය වටේ දාරයන් වක්‍රාකාර හැඩයක් ගැනීම නිසා මනරම් පෙනුමකින් යුක්ත වෙයි. මෙම දුරකථනය සඳහා Finger Print තාක්ෂණය ඇතුළු අනෙකුත් දුරකථන සඳහා භාවිතා කරන ආරක්ෂාකාරී පහසුකම් ද මෙහි දැකගැනීමට පුළුවන්. වේගවත් fingerprint තාක්ෂණයෙන් යුතු V17 Pro දුරකථනය තත්පර 0. 39 ක් වැනි ඉතා කෙටි කාලයකින් unlock කරගැනීමේ හැකියාව සහිතව නිපදවා තිබේ.

  • සුමට ක්‍රිියාකාරීත්වය

අති නවීන AI තාක්ෂණය පාදක කරගනිමින් නිර්මාණය වූ V17 Pro ස්මාර්ට්ෆෝනය Qualcomm’s Snapdragon 675AIE ප්‍රොසෙසරයකින් සහ 8GB RAM සහ 128GB ROM ආදී පහසුකම් වලින් යුක්ත වීම නිසා වේගවත් සුමට ක්‍රියාකාරීත්වයකින් යුක්ත වෙයි. Funtouch OS 9.1 (based on Android 9) සහ Vivo හි Jovi AI Engine ආදී ක්‍රමවේද මඟින් ඕනැම සංකීර්ණ අවස්ථාවකදී වුව ද මෙහි මතක ධාරිතාව පුළුල් හා වේගවත් කරවයි. ද්විත්ව වේගයකින් ආරෝපණය වන බැටරිය දිගු වේලාවක් පවතින, ද්විත්ව වේගයකින් ආරෝපණයකළ හැකි සැහැල්ලු බරකින් යුතු 4,100mAh බැටරිය Fast Charging (18W) තාක්ෂණයෙන් යුක්ත වෙයි. මේ නිසා Power bank භාවිත කිරීමේ වුවමනාව අවම වී යයි.

  • සුපිරී ක්‍රීඩාමය අත්දැකීම

vivo හි මෙහෙයුම් පද්ධතිය හා බැඳනු Multi-Turbo acceleration technology පහසුකම නිසා බාධා රහිතව විනෝදාත්මක ක්‍රීඩා වල නිරතවීමේ හැකියාව සහිත වෙයි. AI Turbo, Center Turbo, Game Turbo, Net Turbo, සහ Cooling Turbo ආදී පහසුකම් නිසා අනවශ්‍ය රත්වීමකින් තොරව අඛණ්ඩව ඇසපිය ගසන වේගයෙන් වේගවත්ව ක්‍රීඩා කිරීමේ පහසුකම් වලින් මෙය සමන්විත වෙයි.

V17 Pro ස්මාර්ට් ජංගම දුරකථනය 8GB RAM සහ 128GB ROM සහිත වන අතර Crystal Black පැහැයෙන් යුක්තව නිමවා තිබේ. V17 Pro ස්මාර්ට් ජංගම දුරකථන අලෙවි සහකරු වශයෙන් ඩයලොග් ආයතනය කටයුතු කරන අතර තෝරාගත් ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන වෙතින් V17 Pro මිලදී ගන්නා ඩයලොග් පාරිභෝගිකයින් සඳහා මාස 03 ක කාලයක් සඳහා මාසිකව 10 GB ඩේටා ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට  කටයුතු යොදා තිබේන අතර අබාන්ස් වෙතින් සහ දිවයින පුරා පිහිටි Vivo බලයලත් නියෝජිතයින්ගෙන් 2019 ඔක්තෝබර් මාසයේ සිට වසරක වගකීමක් සහිතව රුපියල් 84,990.00 කට මෙම නවතම V17 Pro ස්මාර්ට්ෆෝනය මිළදී ගත හැකිය.