අමුතු කැමරාවක් සමඟින් Vivo V15Pro වෙළඳපොළට

ස්මාර්ට් දුරකථන ලෝකයේ ඉහළින්ම වැජඹෙන සමාගම් කිහිපයක් අතරින් කැපීපෙනෙන සමාගමක් විදිහට Vivo සමාගම හඳුන්වන්න පුළුවන්. නවතම තාක්ෂණයෙන් සමන්විත ඉතා ඉහළ මට්ටමේ දුරකථන නිෂ්පාදනය සඳහාම විශේෂ කීර්තිනාමයක් දිනාගෙන සිටින Vivo සමාගමේ අලුත්ම දුරකථන මාදිලිය වන Vivo V15 Pro ඊයේ දිනයේදී (2019.03.13) ලාංකේය වෙළඳපොළට හඳුන්වාදෙනු ලැබුවා.

නවතම Vivo V15 Pro දුරකථනය

මෙම නවතම Vivo V15 Pro දුරකථනයේ ඇති සුවිශේෂී ගුණාංග කිහිපය අතරින් ප්‍රධාන තැනක් ගන්නේ මෙහි ඇති “Elevating Front Camera” තාක්ෂණයෙන් යුක්ත සෙල්ෆි කැමරාවයි.  Vivo V15 Pro දුරකථනයේ බැලු බැල්මට සෙල්ෆි කැමරාවක් දකින්නට පුළුවන්කමක් නැති අතර අපිට මේ සෙල්ෆි කැමරාව දකින්න පුළුවන් වෙන්නේ සෙල්ෆි කැමරාව ඔන් (ON) කළ විටදී පමණයි. ඒ කියන්නේ Vivo V15 Pro දුරකථනයේ සෙල්ෆි කැමරා එක තියෙන්නේ දුරකථනයේ වටේ ඇති දාරයේ ඉහළ කොටසෙයි. සෙල්ෆි කැමරාව සාමාන්‍ය පරිදි ඕන් කළ විට කැමරාව උඩට එන අතර කැමරාව OFF කළ විට පහළට ගොස් නොපෙනී යනවා.

මෙවැනි කැමරාවක් Vivo සමාගම විසින් හඳුන්වාදෙනුයේ Vivo NEX දුරකථන මාදිලියට පසුව වෙන අතර මෙවර මෙම කැමරාව සඳහා 13MP ප්‍රමාණයේ කාචයක් සහ AI තාක්ෂණය යොදාගෙන තිබීමත් Diurability එක අතින් ඉතා උසස්ව නිමවා තිබීමත් කැපිපෙනෙන කරුණු වශයෙන් හැඳින්විය හැකිය.

Vivo V15 Pro දුරකථනයේ අනෙකුත් සුවිශේෂී ගුණාංග

මෙම දුරකථනය සතුව අඟල් 6.39 ක “Super Super AMOLED UltraFullView” තිරයක් ඇති අතර එය සමස්ථ දුරකථනයේ බඳ කොටසින් 91.64% ක් වෙනවා.  මෙහි තිරය මත කිසිඳු Notch එකක් හෝ සෙල්ෆි කැමරාවක් නැති නිසා Movie එකක් බලනකොට, Game එකක් Play කරනකොට වඩාත් සුපිරි අත්දැකීමක් ලබාගන්න පුළුවන්.

Vivo V15 Pro දුරකථනය සතුව 48MP ක ප්‍රධාන කැමරාව, 8MP Ultrawide කැමරාව සහ 5MP Depth Sensor එක ඇතුළු “Triple Camera” විශේෂාංගය ඇතුළත්ව තිබෙන අතර මේ සියළුම කැමරාවන් AI තාක්‍ෂණයෙන් බලගැන්වී තිබෙනවා. මෙහි ඇති තවත් සුවිශේෂී ගුණාංග කිහිපය අතරින් Mobile Games සඳහාම වැඩිදියුණු කර ඇති Game Mode 5.0 සහ Dual-Turbo තාක්ෂණය නිසා කිසිඳු Lag වීමකින් තොරව සුපිරි Mobile Games භාවිතා කිරීමට හැකියාව පවතිනවා.

මෙම දුරකථනය නවතම Snapdragon 675 AIE Octa-core ප්‍රොසෙසරයකින් බලගැන්වී ඇති අතර මෙය 6GB RAM එකක් සහ 128GB Memory එකකින්ද සමන්විත වෙනවා. තවද මෙම දුරකථනය සඳහා “Dual-Engine Fast Charging” තාක්ෂණය භාවිත කර තිබෙන නිසා මිනිත්තු 15 වැනි කෙටි කාලයකදී බැටරිය 25% දක්වා ආරෝපණය කරගැනීමටද හැකියාව පවතිනවා.

මෙම නවතම Vivo V15 Pro දුරකථනය Topaz Blue වර්ණයෙන් යුතුව අද සිට ලාංකේය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත අතර මෙම දුරකථනය රුපියල් 89,990 කට අලෙවි කිරීමටත් නියමිතයි.

Vivo V15 Pro දුරකථනය ගැන අනිත් යටත් දැනගන්න Share කරන්න. මේ දුරකථනය ගැන ඔබේ අදහස් පහතින් අපිට කියන්න.

Image Copyright: The Verge
Image Copyright: Digital Trends
Image Copyright: Gadgetbyte Nepal