කෘතිම බුද්ධිය පිළිබඳ සාකච්ඡා කෙරෙන Colombo AI Meetup වැඩසටහනේ නවතම සමුළුව පසුගිය දා Orian City හි Virtusa Polaris දේශණාගාරයේදී පැවැත්වුනා. මෙහිදී භාෂා භාවිතය සහ වෙළඳකරණය හා බැඳුනු කෘතිම බුද්ධිය සම්බන්ධ තොරතුරු පිළිබඳව කතාබහට ලක්වුනා. ශ්‍රී ලංකා කෘතිම බුද්ධිය පිළිබඳ සංගමය සහ Virtusa සමාගම එක්ව සංවිධානය කළ මේ හමුවේදී කෘතිම බුද්ධිය හා බැඳුනු නව තාක්ෂණය පිළිබඳ විද්වත් මණ්ඩලයක විසින් සාක්ච්ඡාවට ලක්කෙරුනා.
Informatics Institute of Technology ආයතනයේ පීඨාධිපති සහ කොළඹ වීශ්ව විද්‍යාල පරිගණක අංශයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන රුවන් වීරසිංහ මහතා සහ Zone24x7 ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු රෂාන් අනුශ්ක පීරිස් ප්‍රධාන කථිකයින් ලෙස එක්වූ අතර Virtusa Polaris හි අධ්‍යක්ෂක ජානක පිටදෙනිය මහත විද්වත් මණ්ඩල සාකච්ඡාවට එක්විය. ICTA ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික, විවෘත විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක අංශයේ ප්‍රධානී සහ මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ හිටපු පීඨාධිපති අජිත් මාන්නප්පෙරුම මහතා විසින් සමුළුව මෙහෙයවන ලදී.



Leave a Reply