Venture Engine ජයගත් නව ව්‍යවසායකයන් මෙන්න

0
77

ව්‍යවසායකයන් සොයාගැනීමේ සහ නව අදහස් ප්‍රායෝගික තළයට ගෙන ඒමේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකරන “Venture Engine” ආයතනය විසින් 7 වන වරට සංවිධානය කරණු ලැබූ වාර්ෂිකව නව ව්‍යවසායකයන් සොයාගැනීමේ වැඩසටහන පසුගියදා නිමා වුවා, එහිදී ජයග්‍රහණය කරන ලද නව අදහස් පිළිබඳව සහ තවත් තොරතුරු පිළිබඳව අද ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමට අපි සුදානම්.

Venture Engine 2018/2019

Venture Engine දෙවන ස්ථානය “Porukki”

මෙම වාර්ෂික Venture Engine වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ “Lankan Angel Network” සංවිධානය විසින්. “Lankan Angel Network” යනු ශ්‍රී ලංකා ඒක පුද්ගල ආයෝජකයන්ගේ එකමුතුවයි. ඔවුන් විසින් Venture Engine වැඩසටහනට ඉදිරිපත් වන නව ව්‍යාපාර අදහස් වලට සහ එම අදහස් ප්‍රයෝගික මට්ටමට ගෙන ඒමට ආයෝජන කිරීම කරනු ලබනවා. මෙවර  Venture Engine වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස Aavishkaar, Venue Partner – Hatch, Telecommunications Partner – Dialog Axiata, Official Pay TV Partner – Dialog Television, Digital Media Partner – Roar and Technology Partner Microsoft and Microsoft for Startups යන ලාංකේය තාක්ෂණික සමාගම් රැසක් ඉදිරිපත් වී තිබුනා.

මෙවර Venture Engine 2018/2019 වැඩසටහනේ ජයග්‍රහණය “TravelSpends” විසින් දිනාගත් අතර එය ව්‍යාපාර සංචාරයන් පිළිබඳව සිදුවන කටයුතු කළමනාකරණය පහසු කිරීම සඳහා ගෙන ආ අදහසක් අනුව නිර්මාණය වුවකි. දෙවන ස්ථානය “Porukki” විසින් දිනාගත් අතර එය සමුද්‍රාසන්න ප්ලාස්ටික් කළමනාකරණය උදෙසා නිර්මාණය වුවක් අතර එය සඳහා AI (Artificial Inteligence) සහ AR (Augmented Riality) තාක්ෂණයන් යොදාගෙන තිබෙනවා. මෙහි තෙවැනි “LiveRoom” දිනාගෙන තිබෙනවා.

Venture Engine තෙවැනි ස්ථානය “LiveRoom”

විශේෂයෙන් “Kimbula Kithul” මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය කිතුල් පැණි නිෂ්පාදනය නගාසිටුවීම සඳහා ඉදිරිපත් වූ නව අදහසක් වන අතර මෙම අදහස “Venture Engine Impact Award” එක දිනාගැනීමට සමත් වීමද මෙහි ඉතා කැපිපෙනෙන අවස්ථාවක් විය. මෙයට අමතරව Loop Learning, Project 360, Niwadu Deals, Real Pixels (Avina), Tripmo, Strive.lk සහ SparkGrid ලෙස ඉදිරිපත් වූ ඉහළ මට්ටමේ නව අදහස් කිහිපයකි.

මෙම නව අදහස් ඉදිරිපත් කිරීමේ වැඩසටහනට අමතරව වැඩමුළු කිහිපයක් සහ සාකච්ඡා වට කිහිපයක්ද පැවත්වී ඇති අතර එම සාකච්ඡා සඳහා WSO2, Academy of Design and FashionMarket.lk සහ BoardPAC ආදී ලංකාවේ  දැවැන්ත තාක්ෂණික ආයතන කිහිපයක ප්‍රධානින් රැසක් සහභාගී වී ඇති අතර මේ සඳහා 100 කට ආසන්න දැවැන්ත ව්‍යාපාර චරිත ආරාධිතයන් ලෙස සම්බන්ධ වී තිබෙනවා.

Venture Engine Impact Award “Kimbula Kithul”

Venture Engine 2018/2019 මෙලෙස සාර්ථක ලෙස අවසන් වුයේ ශ්‍රී ලංකාවට රැකියා අවස්ථා නිර්මාණය කරන නව ව්‍යවසායකයන් සහ ව්‍යාපාර රැසක් නිර්මාණය කරමින්, මීළඟ Venture Engine වැඩසටහන සඳහා නව ව්‍යාපාර අදහස් ඇති ඔබටත් අවසථාව තිබෙනවා. ඔබත් මේ පිළිබඳව උනන්දුවක් දක්වනවානම්, මේ පිළිබඳව වැඩි විස්තර පහත ලින්ක් එක මාර්ගයෙන් දැනගැනීමට හැකියාව තිබෙනවා.

මේ වගේ නව අදහස් ඇති අනිත් අයටත් දැනගන්න මේ ලිපිය Share කරන්න, මේ පිළිබඳව ඔබේ අදහස් අනිත් යටත් දැනගන්න අපිට කියන්න.