බලන්නම ඕනේ Movie Trailers ටිකක්

0
1097

Movies නැතිනම් TV Series කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් මේ නිසාම චිත්‍රපට ඉතාමත් පහසුවෙන් නැරඹීමට විවිධ සේවාවන් පවා මෑතකදී බිහි වුවා. ඉතින් මේ වසරේ අග භාගයේදී පමණ තිරගත වීමට නියමිත සුපිරි චිත්‍රපට පෙළක පුර්ව ප්‍රචාරක දර්ශන (Movie Trailors) කිහිපයක් නිකුත් වී තිබෙනවා.

Little Women

“Greta Gerwig” ගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙම චිත්‍රපටය එළඹෙන දෙසැම්බරයේ නිකුත් වීමට නියමිත අතර සුපිරි නිළි “Emma Watson” ඇතුළු සුපිරි නළු නිලියන් කිහිප දෙනෙකුම මෙහි රංගනයෙන් දායක වී තිබෙනවා.

Parasite

“Bong Joon-Ho” විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය එළඹෙන ඔක්තෝම්බරයේ තිරගත වීමට නියමිත අතර ත්‍රාසය කැටිවූ චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්වීමට හැකිය.

The Morning Show

Apple සමාගම විසින් හඳුන්වාදුන් නවතම apple TV සේවාවේ පළමුවන කතා මාලාව ලෙස මෙය නුදුරේදීම එළිදැක්වීමට නියමිත බව සඳහන්.

Dolemite Is My Name

ඉතාමත් හාස්‍යජනක චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි මෙම චිත්‍රපටය බොහෝවිට මේ සතියේදී පමණ තිරගත වේයැයි අනුමාන කල හැකිය.

Portrait Of a Lady on Fire

“Celine Sciamma” ගේ චිත්‍රපටයක් වන මෙය  මේ වසරේ “Cannes” හිදී හොඳම තිර රචනය වෙනුවෙන් ඉහළම ත්‍යාගය පවා හිමිකරගත් චිත්‍රපටයක්. මෙය එළඹෙන දෙසැම්බරයේදී තිරගත වීමට නියමිතයි. 1760 දී සිටි ප්‍රංශ ජාතික කාන්තාවන් දෙදෙනෙකු වටා මේ චිත්‍රපටය නිර්මාණය වී තිබේ.

The Death of Dick Long

මෙහි මාතෘකාව මඟින්ම හාස්‍යජනක බවක් පෙන්නුම් කලද මෙය හාස්‍ය මෙන්ම තරමක් කුතුහළ සහගත චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකිය. මෙම චිත්‍රපටයද එළඹෙන දෙසැම්බරයේදී නිකුත් වීමට නියමිතයි.

A Hidden Life

මෙම චිත්‍රපටය සත්‍ය සිදුවීම් කිහිපයක් පදනම් කොට නිර්මාණය කොට තිබෙන අතර ලෝකයේ පැවති යුධ සහ පාලන තත්වයන් සාමාන්‍ය ජන පවුලකට බලපාන අයුරු පිළිබඳව මෙයින් මනාව පෙන්නුම් කරයි. ඉතාමත් කුතුහලය දනවන චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටයද එළඹෙන දෙසැම්බරයේදී තිරගතවීමට නියමිතයි.