2018 වසරේ සුපිරි දුරකථන 10ක්

2018 වසර නව තාක්ෂණයෙන් යුතු ස්මාර්ට් දුරකථන සඳහාම වෙන් වූ වසරක් වශයෙන් හැඳින්වීමට පුළුවන්. 2018 වසරේ Flagship මෙන්ම Midrange දුරකථන රාශියක් අපට දැකගැනීමට පුළුවන්. ඒ අතරින් කාගේත් අවදානය දිනාගත් හොඳම දුරකථන දහයක් මෙසේ දැක්වීමට හැකිය.

Apple iPhone XS / XS Max

Image Copyright: hardwarezone.com.sg

මේ වසරේ නිකුත් වූ නවතම Apple දුරකථන දෙක වන මෙය දැනට ලෝකයේ ඇති ජනප්‍රියතම දුරකථනයක් වශයෙන් හැඳින්වීමට පුළුවන්. Flagship දුරකථන ඝනයට අයත්වන මෙම දුරකථන ද්විත්වයම පෙනුමෙන් සමාන වෙනවා. තාක්ෂණය අතින් අනෙකුත් Apple දුරකථන වලට වඩා එතරම් ලොකු වෙනස්කමක් මේ දුරකථන ද්විත්වයේම දැකගන්නට පුළුවන්කමක් නැත. මෙහි ඉතා හොඳ ගුණාංග වශයෙන් සුපිරි කැමරා ද්විත්වය, බැටරි ධාරිතාව සහ තිරය හැඳින්විය හැකිය. මෙහි දුර්වලතා වශයෙන් පෙනුමෙන් සහ තාක්ෂණය අතින් එතරම් දියුණුවක් නොවීම යනාදී කරුණු හැඳින්විය හැකිය.

207,218.00
Daraz.lk
227,837.00
Daraz.lk

Samsung Galaxy Note 9

Image Copyright: TechRadar

Samsung සමාගම විසින් ඔවුන්ගේ Note දුරකථන මාදිලි අතරට හඳුන්වාදුන් නවතම දුරකථනය Galaxy Note 9 වශයෙන් නම් කෙරුණා. මෙම දුරකථනය ප්‍රධාන වශයෙන්ම ප්‍රචලිත වීමට Samsung සමාගම හඳුන්වාදුන් නවතම “S Pen” එක හේතුවක් විය. මෙහි ඉතා හොඳ ගුණාංග වශයෙන් සුපිරි කැමරා තාක්ෂණය, බැටරි ධාරිතාව, තිරය සහ දුරකථනයේ සුපිරි ක්‍රියාකාරීත්වය හැඳින්විය හැකිය. මෙහි දුර්වලතා ලෙස පෙනුම Note 8 දුරකථනයට සමාන වීම සහ බරින් වැඩිවීම ආදී කරුණු හැඳින්විය හැකිය.

127,900.00
Dialcom.lk

Google Pixel 3 / 3XL

Image Copyright: Cnet

Google සමාගම විසින් Pixel දුරකථන මාදිලියේ නවතම සාමාජිකයන් යුගලය ලෙස Google Pixel 3 සහ 3XL  මේ වසරේ ඔක්තෝම්බරයේ හඳුන්වාදෙනු ලැබුවා. මෙම දුරකථන යුගලයම එකිනෙකට බොහෝ සමානකම් දක්වනවා. දැනට දුරකථන ලෝකයේ ඇති සුපිරිම කැමරාව මෙය සතු බව බොහෝදෙනා මත පළකර සිටි. මෙහි ඉතා හොඳ ගුණාංග වශයෙන් සුපිරි කැමරා තාක්ෂණය, බැටරි ධාරිතාව, තිරය සහ දුරකථනයේ සුපිරි ක්‍රියාකාරීත්වය හැඳින්විය හැකිය. මෙහි දුර්වලතා ලෙස පෙනුම පෙර Pixel දුරකථනයනට සමාන වීම සහ ඉහළ මිල ආදී කරුණු හැඳින්විය හැකිය.

166,860.00
Daraz.lk
186,430.00
Daraz.lk

Huawei Mate 20 Pro

Image Copyright: Ausreise Info

Huawei සමාගම විසින් දුරකථන රාශියක් මේ වසරේදී හඳුන්වදෙනු ලැබුවා. ඒ අතර Huawei Mate 20 Pro දුරකථනයට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. එයට හේතුව වශයෙන් ත්‍රිත්ව කැමරා පද්ධතියකින් සමන්විත වීම සහ තිරය මත Finger print තාක්ෂණයෙන් සමන්විත වීම හැඳින්වීමට පුළුවන්, මෙහි ඉතා හොඳ ගුණාංග වශයෙන් සුපිරි කැමරා තාක්ෂණය, බැටරි ධාරිතාව, තිරය සහ දුරකථනයේ සුපිරි ක්‍රියාකාරීත්වය හැඳින්විය හැකිය. මෙහි ප්‍රධාන දුර්වලතා ලෙස ස්පීකර් පිහිටා ඇති ස්ථානය සහ 3.5 mm Headphone පහසුකම නොමැති වීම හැඳින්විය හැකිය.

151,900.00
157,900.00
Dialcom.lk

Xiaomi Pocophone F1

Image Copyright: AndroidPIT

Xiaomi සමාගම ද මේ වසරේ දුරකථන කිහිපයක් හඳුන්වාදෙනු ලැබුවා. ඒ අතර නවතම Pocophone සන්නාමය යටතේ හඳුන්වාදෙනු ලැබූ  Xiaomi Pocophone F1 ලොව පුරා ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වූවා. මෙම දුරකථනය Midrange ඝනයට අයත් වෙනවා. මෙම දුරකතනයේ ඇති විශේෂතා වශයෙන් සුපිරි ක්‍රියාකාරිත්වය සහ උසස් මට්ටමේ බැටරිය හැඳින්විය හැකි අතර, ප්ලාස්ටික් නිමාව සහ කැමරා වල ඇති කුඩා අඩුපාඩු මෙම දුරකතනයේ ඇති දුර්වලතා වශයෙන්  හැඳින්විය හැකිය.

Oneplus 6T

Image Copyright: PCMag.com

Oneplus සමාගම විසින් ඔවුන්ගේ නවතම Flagship දුරකථනය ලෙස Oneplus 6T මේ වසරේ නොවැම්බරයේ නිකුත් කරනු ලැබුවා. මෙහි ඇති සුපිරි ක්‍රියාකාරීත්වය නිසා මෙම දුරකථනය ලොව පුරා ඉතාමත් ජනප්‍රියත්වයට පත්විය. මෙම දුරකතනයේ ඇති විශේෂතා වශයෙන් සුපිරි නිමාව සහ තිරය මත Fingerprint තාක්ෂණය හැඳින්විය හැකි අතර, LED Notification පහසුකම නොමැති වීම සහ Water Resistance පහසුකම නොමැති වීම මෙම දුරකතනයේ ඇති දුර්වලතා වශයෙන්  හැඳින්විය හැකිය.

102,750.00
115,999.00
Wasi.lk

Samsung Galaxy S9 / S9 Plus

Image Copyright: Cnet

Samsung සමාගම විසින් ඔවුන්ගේ ” S ” දුරකථන මාදිලියේ නවතම දුරකථන යුගලය වශයෙන් Samsung Galaxy S9 සහ Samsung Galaxy S9 Plus මේ වසරේ මුලදී ලොවට හඳුන්වාදෙනු ලැබුවා. පෙනුමෙන් මෙම දුරකථන එකිනෙකට බොහෝ සමානකම් දක්වනවා. මෙම දුරකථන යුගලයේ දැකිය හැකි ප්‍රධාන වෙනස්කමක් ලෙස තිරයේ ප්‍රමාණය හැඳින්විය හැකිය. මෙම දුරකතනයේ ඇති විශේෂතා වශයෙන් සුපිරි නිමාව සහ සුපිරි ක්‍රියාකාරීත්වය හැඳින්විය හැකි අතර, පෙර පැවති Samsung Galaxy S8 හි පෙනුම ඒ ආකාරයෙන්ම මෙම දුරකතනයේ දී දැක ගැනීමට හැකි වීම මෙහි ඇති දුර්වලතාව වශයෙන්  හැඳින්විය හැකිය.

99,800.00
Dialcom.lk
112,900.00
Dialcom.lk

Xiaomi Redmi Note 6 pro

Image Copyright: firstpost.com

Midrange දුරකථන ඝනයට අයත්වන මෙම දුරකථනය Xiaomi සමාගම විසින් මේ වසරේ ඔක්තොම්බරයේදී ලොවට  හඳුන්වාදෙනු ලැබුවා. අඩු මිලට ඉතා උසස් අත්දැකීමක් ලබාගැනීමට හැකිවීම නිසා Xiaomi Redmi Note 6 pro බොහෝ ජනප්‍රිය වී තිබෙනවා. මෙම දුරකතනයේ ඇති විශේෂතා වශයෙන් සුපිරි නිමාව, සුපිරි ක්‍රියාකාරීත්වය සහ අවම මිල හැඳින්විය හැකි අතර, මෙහි භාවිත වන ප්‍රොසෙසරය යාවත්කාලීන නොවීම මෙහි ඇති ප්‍රධාන දුර්වලතාව වශයෙන්  හැඳින්විය හැකිය. මෙම දුරකථනය ගෙවන මිලට සාපේක්ෂව වඩා වැඩි අත්දැකීමක් ලබාගැනීමට හැකියාව පවතිනවා.

Huawei Nova 3 / 3i

Image Copyright: Mobilescout.com

Huawei සමාගම විසින් හඳුන්වාදුන් Nova දුරකථන මාදිලි අතරට එකතු වූ නවතම දුරකථන යුගළය Huawei Nova 3 සහ Huawei Nova 3i මේ වසරේ සැප්තැම්බරයේ ලොවට නිකුත් කරනු ලැබුවා. මෙම දුරකථන යුගලය ද පෙනුමෙන් බෙහෙවින් සමානකම් දක්වනවා. මෙම දුරකතනයේ ඇති විශේෂතා වශයෙන් සුපිරි නිමාව, සුපිරි ක්‍රියාකාරීත්වය සහ අවම මිල හැඳින්විය හැකි අතර, Type C පහසුකම සහ කැමරාවේ ඇති කුඩා අඩුපාඩු මෙහි ඇති දුර්වලතා වශයෙන් හැඳින්විය හැකිය. Midrange ඝනයට අයත්වන මෙම දුරකථන ගෙවන මිලට ඉතා හොඳ වටිනාකමකින් යුතු වෙනවා.

67,900.00
68,800.00
Dialcom.lk
43,300.00
Dialcom.lk

Oppo F9

Image Copyright: GSMArena.com

Oppo සමාගම විසින් හඳුන්වාදුන් මෙම දුරකථනය Midrange ඝනයට අයත්වනවා. මෙහි ඉදිරිපස තිරයේ කැමරාව පමණක් දැකගැනීමට හැකියාව පවතිනවා. මෙම සෙල්ෆි කැමරාව හේතුවෙන් Oppo F9 දුරකථනය බොහෝ ජනප්‍රිය වී තිබෙනවා. මෙම දුරකතනයේ ඇති විශේෂතා වශයෙන් සුපිරි නිමාව සහ අවම මිල හැඳින්විය හැකි අතර, අවම බැටරි ධාරිතාව මෙහි ඇති ප්‍රධාන දුර්වලතාවයක් වශයෙන් හැඳින්විය හැකිය. මෙම දුරකථනය ගෙවන මිලට සාපේක්ෂව වඩා වැඩි අත්දැකීමක් ලබාගැනීමට හැකියාව පවතිනවා.

47,900.00
Dialcom.lk

ඔබත් මෙම දුරකථනයක් භාවිත කරනවානම්, ඔබේ අත්දැකීම අනිත් යටත් දැනගන්න අපිට කියන්න.