අන්තර්ජාලය පැතිරවීමට ෆේස්බුක් වෙතින් අපූරු වැඩපිළිවෙලක් !

0

Facebook නිර්මාතෘ  Mark Zuckerberg, Mobile World Congress 2014 හීදි පවසා සිටියේ තවමත් ලොව බිලියන ගනනක් වන අන්තර්ජාල පහසුකම් නොමැති පිරිසට අන්තර්ජාල පහසුකම ‍රැගෙන යන්නට තම ආයතනයේ අවධානය යොමුව ඇති බවකි. ඒ සඳහා මූලික පියවරක් ලෙස Feacebook  ආයතනය විසින් Titan Aerospace නම් solar-powered drones තාක්ෂනයන් දියුනු කරමින් සිටින ආයතනයක් මිලදී ගැනීමට කටයුතු යොදා ඇති බව වාර්ථා වේ.

අන්තර්ජාල භාවිත කරන්නන් අතර වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතර මුල් තැනේ සිටින Facebook ආයතනය Internet.org නම් සමාගම විසින් ක්‍රියාත්මක කරන ලොව පුරා අන්තර්ජාල භාවිතාව පැතිරවීමේ වැඩසටහනේ ද ක්‍රියාකාරී ප්‍රමුඛයෙකු වේ.

SEE ALSO: Facebook වෙතට අලුත් අංගයක් (කරදරයක්) එක්වේ.

මෙලෙස solar-powered drones සඳහා සුර්ය බල ශක්තිය යොදාගනිමින් වසර 5ක් පමණ එක දිගට පියාසැරිය හැකි බවයි වාර්ථා වන්නේ. එමෙන්ම අප්‍රිකාව ඉලක්ක කරගනිමින් මෙවැනි Drones 11000ක් යොදාගෙන අන්තර්ජාලය ලබාදීමේ වැඩපිළිවෙලකට මේවන විට සැලසුම් සකස් කරමින් සිටින බවද කියැවේ. එමෙන්ම මෙම යානා භාවිත කර අඩු මුදලකින් හා පහසුවෙන් පෘතිවියේ සිට අඩු උසකින් රැඳෙමින් අන්තර්ජාලය ලබාදීමට යොදාගන්නේ සාමාන්‍ය චන්ද්‍රිකා හරහා තොරතුරු හුවමාරු වන ආකාරයටයි.

Solara 50 හා 60 යන මාදිලි ද්විත්වය මේ සඳහා යොදාගැනීමට නියමිත අතර මුහුදු මට්ටමේ සිට 20km උසකින් ගමන් කරමින් දහවලේදී සෘජුවම සූර්ය බලයෙන්ද, රාත්‍රියේදී බැටරි තුල ගබඩා කරගන්නා සූර්ය ශක්තියෙන්ද ක්‍රියාත්මක වන ඇත.