ඔයාලටත් පොඩිකාලේ මේවගේ ෆෝන් එකක් තිබුනනම් කොහොමද?

, , Leave a comment

පොඩ්ඩන්ට මොකටද ෆෝන්. එහෙම තමයි ඉස්සර අපි හිතුවේ. ඒත් දැන් දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක පොඩ්ඩන් අතරත් ජංගම දුරකථන ජනප්‍රියයි. කාර්ය බහුල දෙමාපියන්ට තමන්ගේ දරුවන් ගැන දැනගන්න, හදිසියකදී දරුවන්ට දෙමාව්පියන්ට කතාකරන්නට ෆෝන් එකක් තිබීම වැදගත්. ඒත් පොඩි අයට ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? දැන් වෙළඳපලේ තියෙන දියුණු සංකීර්ණ ජංගම දුරකථන පොඩ්ඩන්ට ලොකු වැඩියි. ඒ වගේම පරිස්සම් කරන්නත් අමාරුයි. අනික නැතිකරගන්නත් ඉඩ වැඩියි.

55e4b2c9877835a8ad3a9ff130ff3b14_large

මේ දේවල් ගැන හිතපු ස්වීඩන් ජාතිකයෙක් අපූරු නිපැයුමක් කලා. ඒ තමයි “Tinitell”. කලින් ඇතුලත් කරන ලද දුරකථන අංක කිහිපයකට එක් බොත්තමක් පමණක් එබීමෙන් call ගන්නට මේ පුංචි ජංගම දුරකථනයෙන් පුළුවන්. ඔබේ පුංචි පුතාට හෝ දියණියට ඔබට කතාකරන්නට අවශ්‍ය නම් තමන්ගේ අතේ ඔරලෝසුවක් ලෙස පළඳා ඇති දුරකථනයේ ලොකු බොත්තම ඔබා “Mom” හෝ “Dad” කියා ඇමතීමෙන් ඔබේ දුරකථනයට ඇමතුම ලැබෙනු ඇත. ඒ විතරක් නෙවෙයි දෙමාව්පියන්ට තමන්ගේ දරුවන් සිටින තැන ගැන දිනගන්නටත් මේ පුංචි දුරකථනය උපකාරී වනවා.

බැලූ බැල්මට සරල ලෙස පෙනුනත් නවතම තාක්ෂණයෙන් නිපදවා ඇති මෙය තෙතමනයට හා ජලයට පවා ඔරොත්තු දේ. ඒ වගේම මෙහි බැටරිය නැවත ආරෝපණය නොකර සතියක පමණ කාලයක් නොකඩවා Standby තබාගත හැක.

දැනට මේ නිෂ්පාදනය වෙළද පොළට නිකුත් කිරීම සඳහා kickstarter හරහා මුදල් රැස්කරන බැවින් ඔබටත් $99ක පමණ මුදලක් ඒ සඳහා වැය කිරීමෙන් මේ පුංචි දුරකථනය ඔබේ කරගත හැකියි.

0635fac044ebd46d49d82aeacdd6c894_large 1d076f84ea14904ecfb9d954a4c8fa19_large 5cce4790cf362d79e3cac4630697fa1f_large bef4b4cc880b8ae69a2e7dd56803700f_large dda8838a266eaf839e8c8002aa6d9bd5_large

[signoff predefined=”Syco Me Facebook Like” icon=”icon-flag”][/signoff]

 

Leave a Reply