ඔලිම්පික් ක්‍රීඩකයින්ගේ අරුම පුදුම උදෑසන ආහාර වේල

0

ඔලිම්පික් ක්‍රීඩකයෙක් වගේ ජවසම්පන්නවෙන්න නම් මුළු ජීවිත කාලයම ක්‍රීඩාව වෙනුවෙන් කැපකරන්න වෙනවා කියන දේ අනිවාර්යයි. ඒ විතරක් මදි උදේ ආහාරයට මාංශමය ආහාර සහ ධාන්‍ය වර්ග විශාල ප්‍රමාණයක් ලබාගන්නත් වෙනවා. හැබැයි මේ මාංශමය ආහාර සාමාන්‍ය එදිනෙදා වෙළඳපලෙන් ලබාගන්නට පුළුවන් මස් වර්ග නම් නෙවෙයි.

පහතින් දැක්වෙන්නේ සතියක කාලයක් සඳහා වෘත්තීමය කායවර්ධන පුහුණුකරුවන් විසින් අනුමත කරන ලද සුවිශේෂී උදෑසන ආහාර සැලැස්මයි. එහි දැක්වෙන ආහාර වර්ග අතර මීහරක් මස් පෙති එකක් හෝ දෙකක්, මැකඩැමියා ධාන්‍ය වර්ගය සහ හරක් මස් ගාතයක් සමඟ රටකජු හෝ කුකුල් මස් සොසේජස් 8ක් 10ක් අතර ප්‍රමාණයක් අන්තර්ගතයි. එහි සතියක් සඳහා නියමකර ඇති මාංශමය ආහාර ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙක් මාසයකටවත් සිය උදෑසන ආහාර වේල සඳහා එක්කරගන්නවාද යන්න සැක සහිතයි.

Olympic Breakfast

මේ බර ආහාර සැලැස්ම නියම කර ඇත්තේ වෘත්තීමය ක්‍රීඩා පුහුණුකරුවකු හා ඔලිම්පික් ක්‍රීඩාකයින් ගණනකගේ පුහුණුකරුවකු වූ Charles R. Poliquin විසිනි.

ඔහු පවසන අයුරින් මස් හා ධාන්‍ය වර්ග උදෑසන ආහාරයට එක්කර ගැනීමෙන් මානසික ඒකගතාවය සහ ජවය වැඩීම සඳහා අත්‍යාවශ්‍ය සාධක වන ඩෝපමින් හා ඇසිතයිල් කෝලින් මට්ටම ඉහළ යන බවයි. ඒ වගේම මාංශ ආහාර මඟින් ශරීර රුධිර සීනි ප්‍රමාණය සෙමින් ස්ථාවර ලෙස ඉහළ යන අතර ධාන්‍ය වල ඇති සුවිශේෂී මේද රුධිර සීනි ප්‍රමාණය දිගු කාලයකට ස්ථාවර මට්ටමක පවත්වාගැනීමට උපකාරී වනවා.

ඒ විතරක් නෙවෙයි උදෑසන ආහාර වේලෙන් පසුව මත්ස්‍ය තෙල් තේ හැන්දක් පානය කිරීමෙන් මාංශපේෂී ඉදිමුම සහ ඉනිසියුලින් බලපෑම අඩුකරනවා.

ඉහත දැක්වූ මාංශ වර්ග නොමැති නම් බිත්තර සහ මාළු උදෑසන ආහාරය සඳහා උචිත බවත් ඔහු පවසනවා. බිත්තර සිය ප්‍රියතම ආහාරයක් බවත්, බිත්තර ආහාරයට ගැනීමෙන් හෘද රෝග පාලයන කරන අතර ඉන්සියුලින් ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමෙන් රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වන බවත් ඔහු සඳහන් කරනවා.

මේ කෙසේ වෙතත් ඔබ Michael Phelps වගේ ඔලිම්පික් ශූරයෙක් වන්නට උත්සාහ කරන කෙනෙක් නොවෙයි නම් ප්‍රෝටීන්, කාබොහයිඩ්‍රේට සහ මේදය සහිත සමබර ආහාර වේලක් උදෑසන ආහාර වේල හැටියට ලබාගැනීම වඩාත් උචිතයි.

cropped-The-Little-Chef-Olympic-Breakfast