සෑම දෙයක්ම කුඩා ප්‍රමාණයෙන් පැමිණෙන මේ කාලයේ ජංගම දුරකථන වල පිහිටෙන් අපට ලැප්ටොප් පරිගණක නිවසේ තබා වුවත් සියළුම වැඩ ජංගම දුරකථනය හරහා කරගැනීමට හැකියාව ලැබී ඇත. සියළුම ඉලෙක්ට්‍රොනික උපකරණ ඉතා කුඩා ජංගම ප්‍රමාණයේ උපකරණ බවට පත්වෙද්දී ඉතිරිව පැවතියේ මුද්‍රණ යන්ත්‍රය එසේත් නැත්නම් Printer එක පමණයි.
නමුත් ඒ අඩුව පුරවමින් නව කුඩා ප්‍රමාණයේ මුද්‍රණ යන්ත්‍රයක් නිපදවීමට ඊශ්‍රායිල පිරිසක් සමත් වී ඇත. ඔබේ කලිසම් සාක්කුවේ බහා රැගෙන යා හැකි ඒ වගේම ඕනෑම ප්‍රමාණයේ කඩදාසියක් මත ඉක්මනින් මෙන්ම පහසුවෙන් මුද්‍රණය කළ හැකි printer එකක් වන මෙය, මුද්‍රණ ක්ෂේත්‍රෙය් අනාගතය වනු ඇති බවයි පැවසෙන්නේ. ZUtA Pocket Printer ලෙසින් හඳුන්වා ඇති මේ මුද්‍රණ යන්ත්‍රය ජංගම දුරකථනය, ටැබ්ලට් පරිගණකය හෝ ඕනෑම පරිගණකයක් හා සම්බන්ධ කර මුද්‍රණ කටයුතු කළ හැකි අතර එක් වරක් තීන්ත පිරවීමෙන් A4 ප්‍රමාණයේ කඩදායි 1000ක් පමණ මුද්‍රණය කළ හැක.
[signoff predefined=”Syco Me Facebook Like” icon=”icon-star”][/signoff]