යුගයක් නිමා කළ “Jony Ive”, Apple සමාගමෙන් සමුගනී

0
1536

Apple කිව්වම අදටත් බොහෝ දෙනෙකුගේ හිතට එන එකම දේ Apple නිෂ්පාදන වල ඇති අද්විතීය නිමාවයි. තවත් විදිහකින් කිව්වොත් Apple නිෂ්පාදන වල ඇති සුවිශේෂී බවයි. මේ හැම දෙයක් පිටුපසම සිටි පුද්ගලයා, ඔහු නමින් “Jonathan Paul Ive”. “Jony Ive” කියන්නේ Apple සමාගමේ හිටපු ප්‍රධානතම නිර්මාණකරුවා.

මේ ලිපිය කියවන විට ඔබට මතක් වෙන සෑම Apple නිෂ්පාදනයකම සැඟවී තිබෙන්නේ වසර 27 ක Apple සමාගමේ හදවත බඳු වූ “Jony Ive” නම් මහා නිර්මාණකරුවායි. මේ ලිපිය ඔහු විසින් Apple සමාගමෙන් නික්මයාම පිළිබඳවයි.

Image Copyright: Medium

“Jony Ive” ප්‍රමුඛ Apple සමාගමේ නිර්මාණකරුවන් කණ්ඩායම ගත වූ වසර 27ක කාලයේදී පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ක්ෂේස්ත්‍රයට නොමැකෙන නිෂ්පාදන රාශියක් හඳුන්වාදුන්නා. එතරම් විශාල නිර්මාණ කරුවෙක් වූ “Jony Ive” Apple සමාගමෙන් නික්ම යන්නේ අළුත්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි. “Jony Ive” පවසා ඇති ආකාරයට එය මේ වසරේ අග භාගයේදී ආරම්භ කිරීමට නියමිතයි. “LoveFrom” ලෙස නම් කර ඇති මෙම ව්‍යාපාරයේ නම පිළිබඳව “Jony Ive” කියා ඇත්තේ, මේ නම යොදාගැනීමට පසු කාලීන Apple ගවේශක “Steve Jobs” විසින් පවත්වන ලද දේශණයක් පාදක වූ බවයි.

“Jony Ive” වැඩි දුරටත් පවසා ඇත්තේ “තමන් තවදුරටත් Apple සමාගමේ සේවකයෙකු නොවූවද, Apple සමාගම සමඟ ඉදිරියේදීත් එකට එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, Apple සමාගමෙන් ඉවත්වයාමට ඔහුට මේ සුදුසුම කාලයත් බවයි.” 

Apple සමාගම විසින් මේ වනවිට “Jony Ive” Apple සමාගමෙන් නික්මයාම නිල වශයෙන් සනාත කර තිබෙනවා. කෙසේ නමුත් “Jony Ive” යනු තාක්ෂණික නිර්මාණ ලෝකයේ ඉතා සුවිශේෂී චරිතයක් වන අතර Apple පුනර්ජීවය සඳහා ඔහු විසින් ඉටුකළ මෙහෙය කිසිවෙකුටත් ඉක්මවා යාමට පහසු නොවනු ඇත.