මිලියනයක් වටිනා අදහසක් ඔබ සතුව පවතිනවාද?

, , Leave a comment

OMAK සමාගමේ නිර්මාතෘ ඔහුයි. OMAK සමාගම ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 2ක් ඔස්සේ සේවා සපයනවා. ඒ ආපනශාලා සඳහා මෘදුකාංග සේවා සැපයීම සහ ජංගම දුරකථන යෙදුම් නිර්මාණය යි. ආපනශාලාවල කළමණාකාරීත්ව සඳහා සහාය වන OMAK විසින් නිර්මාණය කරන ලද Vdine මෘදුකාංග පද්ධතිය මේ වන විට ලොව පුරා ස්ථාන 310ක සේවාදායකයින් 40කට අධික ප්‍රමාණයකට සේවා සපයනවා.

OMAK සිය සේවාවන් මේ වන විට ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ඉලක්ක කරගනිමින් ව්‍යාප්තකිරීමේ කටයුතු සිදුකරමින් පවතිනවා. දැනට සේවකයින් 30 දෙනෙකු පමණ සේවයේ නියතුවන එහාන්තගේ OMAK සමාගමේ ආරම්භක සේවක සාමාජිකයින් ගණන 7ක්.

එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ මෙන්ම ලංකාව තුලත් මේ වන විට OMAK වෙත තරඟයක් ලබාදීමට සමාගම් බිහිවෙමින් පවතිනවා. කෙසේ වෙතත් එහාන්ත සහ ඔහුගේ සේවක සේවිකාවන් දකින අයුරින් මේ තරඟකාරී වාතාවරණය ඔවුන්ගේ දියුණුවට අභියෝගාත්මක අත්වැලක් වී ඇත.

ඔබත් එහාන්ත මෙන් දිනෙන් දින දියුණු වන තාක්ෂණික ලෝකයේ නව මංමාවත් සොයමින් ලොව දිනන්න වෑයම් දරණ කෙනෙක් නම් අප සමඟ මේ මස 13 වනදා තෙක් රැඳී සිටින්න. ඔබේ නව නිපැයුම, අදහස හෝ නව ව්‍යාපාරය වැඩි දියුණු කරගැනීම උදෙසා ජනශක්ති රක්ෂණ සමාගම, එහාන්ත සිරිසේන සහ තවත් ක්ෂේත්‍රෙය් ප්‍රවීණයින් කිහිපදෙනෙකුම සූදානම්.

 

Leave a Reply