කව්රුත් කතා වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීගේ සුපිරි කාර් එක

0
10

ලෝකයේ දැනට ඇති ඉතාමත් සුපිරි සහ අති සුපොපභෝගී මෝටර්රථ කිහිපයක් ශ්‍රී ලංකාව තුළ ඇති බව අපි කාටත් නොරහසක්. එහෙත් පසුගිය දිනක ලංකාවේ මින් පෙර දැක නැති සුපිරි මෝටර් රථයක් බොහෝ දෙනෙකුගේ නෙත ගැටී තිබුනා.

ඇත්තටම මොකද්ද මේ… කාගේද මේ කාර් එක ?

Image Copyright: Newshub.lk

ලෝකප්‍රකට මෝටර්රථ සන්නමයක් වන “ඇස්ටෝන් මාර්ටින්”(Aston Martin) සමාගමේ නිෂ්පාදනයක් වන සුපිරි “Aston Martin DB11” නම් මෙම මොටර් රථය ලංකාවේ අපිට නුපුරුදු දෙයක් උනාට එහි අයිතිකරු ලංකාවේ අපිට පුරුදු, ප්‍රසිද්ධ චරිතයක් . ඔහු හිටපු අමාත්‍ය, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ‘ කුමාර වෙල්ගම ‘ මහතායි.

මෙම මෝටර් රථයේ ආරම්භක නිෂ්පාදන මිල ලෙස ඇ.ඩො 250,000 ක් ලෙස දැක්වෙන අතර එය ශ්‍රී ලංකානු රුපියල් කොටි 4.5 කට ආසන්න මිලක් වෙනවා. එමෙන්ම මෙම මොටර් රථය ශ්‍රී ලංකාවට ආනයනයේදී අයකරනු ලබන තීරුබදු සමඟින් අවසාන මිල ලෙස ආසන්න වශයෙන් රුපියල් කොටි 6 – 7 ත් අතර වෙන බව අනුමාන කල හැකිය. තවද මෙම “Aston Martin DB11” මෝටර් රථ වර්ග කිහිපයකින් සමන්විත අතර ලංකාව තුල ඇති මෙම මෝටර් රථය අශ්ව බල 630 එන්ජින් ධාරිතාවකින් (630 horsepower) යුක්ත වනු ඇති බවට අනුමාන කල හැකිය.

බොහෝ පිරිස් ශ්‍රී ලංකාව තුල සාමාන්‍ය මොටර්රථයක් පවා මිලදී ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වන කාල වකවානුවක මෙවැනි සුපිරි මෝටර්රථ අපේ මහාමාර්ග වල දකින්නට ලැබීමද බොහෝ දෙනෙකුට වෙනස් අත්දැකීමක් වනු ඇත.

මෙවැනි තොරතුරු දැනගැනීමට අපිත් සමඟින් එකතුවන්න. මේ පිළිබඳව ඔබේ අදහස අනිත් යටත් දැනගන්න පහතින් අපිට කියන්න.