ඔබත් ATM Card පත් හිමියෙක්ද? එහෙනම් මේක බලන්න

0
166

අතීතයේ සිට පැමිණි ගණුදෙනු කිරීමේ ක්‍රමයේ නුතන පරිනාමය ලෙස බැංකු කාර්ඩ් පත් (ATM Card) හඳුන්වන්න පුළුවන්. වර්තමාන කාර්යබහුල ජන සමාජයේ බොහෝ දෙනෙකු මුදල් ගණුදෙනු සඳහා ATM Card යොදාගන්නා අතර එම මුදල් ගණුදෙනු සිදු කිරීමේ පහසුව සහ ආරක්ෂාව යන කරුණු ද්විත්වය මුලික කරගෙන දිවයින පුරා ATM යන්ත්‍ර (Automated Teller Machine) රාශියක් දැකගැනීමට පුළුවන්. නමුත් මේ වනවිට ශ්‍රී ලංකාව තුල ATM Card සහ ATM යන්ත්‍ර අවභාවිතා කිරීම් පිලිබඳ පුවත් කිහිපයක් වාර්තා වී තිබෙනවා.

මේ දිනවල මහත් ආන්දෝලනාත්මක ලෙස ව්‍යාප්ත වී යන ATM Card සහ ATM මඟින් සිදුකරන මුදල් වංචාවන් වැලැක්වීම සඳහා  ශ්‍රී ලංකා මහා බැංකුව, ලංකා ක්ලියර් සමාගම සහ වාණිජ බැංකු එක්ව නොයෙකුත් විදිවිධාන සකස්කරමින් සිටින බව සඳහන් වනවා. කෙසේ වෙතත් ATM Card සහ ATM යන්ත්‍ර භාවිත කරන ගණුදෙනුකරුවන් වන ඔබත් මෙවැනි විවිධ වංචාවන් වලින් ආරක්ෂාවීමට සිදුකළ හැකි පියවරයන් කිහිපයක් තිබෙනවා.

ATM Card සහ ATM යන්ත්‍ර ආරක්ෂාකාරීව භාවිත කරන්නේ කොහොමද ?

ATM යන්ත්‍රය ආරක්ශිතද කියා සැළකිලිමත් වීම
  • විශේෂයෙන්ම ඔබ විසින් හැකි සෑම විටම බැංකුවත් සමඟින්ම ඇති ATM යන්ත්‍රය මඟින් මුදල් ලබා ගැනීමට උනන්දු වන්න.
  • මුදල් ගනුදෙනු කිරීමට ඇති ATM යන්ත්‍රය අවට CCTV (ආරක්‍ෂිත කැමරා) ඇතිදැයි අවදානය යොමු කරන්න.
  • හැකි සෑම විටම ඔබගේ මුදල් ගනුදෙනු කිරීමට උදය කාලයේ සහ දිවා කාලය යොදාගන්න.
  • විශේෂයෙන්ම ATM යන්ත්‍රයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිළදාරියෙක් සිටිනවද කියා පරික්ෂාකර බලන්න.
ATM Card පත ආරක්ෂාකාරීව භාවිත කිරීම
  • ඔබගේ මුදල් ගනුදෙනුව ආරම්භ කිරීමට ප්‍රථම ඔබ වටා කව්රුන් හෝ සිටියිදැයි පරික්ෂාකර බලන්න. කව්රුන් හෝ සිටිනම් ඒ පිළිබඳව අවදානයෙන් සිටින්න.
  • හැකි සෑම විටම ඔබගේ රහස් අංකය ඇතුලත් කිරීමේදී, හැකි තරම් අතින් මුවාකරගෙන ඔබගේ රහස් අංකය ඇතුලත් කරන්න.
  • ඔබගේ ATM යන්ත්‍රයේ මුහුණත (UI: User Interface) වෙනදාට වඩා වෙනස්නම් ඒ පිළිබඳව ඔබගේ මුල්‍ය ආයතනය මගින් විමසා දැනුවත් වන්න.
  • අනෙකුත් දින වලදී ඔබ ගණුදෙනු සඳහා අනුගමනය කරන පියවරයන් වෙනස් නම් , සැක සහිතනම් ඒ පිළිබඳව වහාම ඔබගේ මුල්‍ය ආයතනය දැනුවත් කරන්න.
  • වරකට ඔබගේ ATM පත භාවිත කරන වාර ගණන අඩු කිරීමට වගබලා ගන්න.
  • මුදල් ලබාගත් පසුව ATM පත ආරක්ෂිතව නැවතත් ලබාගැනීමට අමතක නොකරන්න.
ATM පත සම්බන්ධ කටයුතු වලදී යාවත්කලීන(Update) වීම
  • ඔබගේ ATM පතට යොදා ඇති රහස් කේතය අවම වශයෙන් මසකට දෙවරක්වත් වෙනස් කරන්න.
  • සෑම ගණුදෙනුවක් අවසානයේදීම ඔබගේ ගිණුමේ ශේෂය පරික්ෂාකර බලන්න.
  • ඔබගේ ATM පත් සම්බන්ධ ගණුදෙනු සඳහා SMS Alert සේවාවන් ක්‍රියාත්මක කර ගන්න. (මෙය ඔබගේ මුල්‍ය ආයතනය මඟින් සිදුකර ගැනීමට හැකියාව තිබෙනවා).
  • ඔබ සතුව ඇති ATM පත යාවත්කාලීන කරගැනීම.
  • ඔබගේ ATM පත නැති වුවහොත් වහාම ඔබගේ මුල්‍ය ආයතනය වෙත දැනුම් දෙන්න.

ATM යන්ත්‍ර මඟින් මෙවැනි වංචා සිදුවිය හැක්කේ කෙසේද?

  • ATM Card skimmers

මෙම උපකරණ මඟින් ඔබගේ ATM පතේ සියලුම තොරතුරු , උදා :-  ATM පතේ අංකය , ඔබගේ රහස් අංකය වැනි දෑ පටිගත කර ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් මෙම උපකරණ සාමාන්‍ය ATM පත ඇතුල් කරන ස්ථානයේ සහ ATM යන්ත්‍රයේ යතුරු පුවරුවට (Keypad) ඉහලින් තිබීමට පුළුවන් අතර එහි බැලූ බැල්මට කිසිඳු වෙනසක් සොයාගැනීමට නොහැකි තරම් සූක්ෂමව නිර්මාණය කර තිබෙනවා. මෙම හේතු නිසා ඔබ ATM යන්ත්‍ර මඟින් මුදල් ගණුදෙනු සිදු කිරීමේදී මේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න.

  • Cash Trapping

මෙය සාමාන්‍ය ATM යන්ත්‍රයක මුදල් ගැනීමට ඇති ස්ථානයේ තිබිය හැකිය. මෙහිදී ඔබ විසින් මුදල් ලබා ගැනීමේ පියවරයන් සම්පුර්ණ කලත් මුදල් ඔබට ලැබීමක් සිදුවන්නේ නැත. මෙම “Cash Trapping” යන්ත්‍රය ලාච්චුවක් ලෙස තිබෙන අතර  සාමාන්‍ය පරිදි ඔබගේ ගිණුමෙන් නිකුත් වන මුදල් “Cash Trapping” යන්ත්‍රයට වැටෙනවා.

ඔබට මුදල් නොලැබුනත් ඔබගේ ගණුදෙනුව සම්පුර්ණ වී ඇති බව තිරයේ දිස්වෙනම් වහාම මේ පිළිබඳව ATM යන්ත්‍රය අයත් ඔබගේ මුල්‍ය ආයතනයට දැනුම්දෙන්න.

ඉහත සඳහන් පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබටත් ආරක්ෂාකාරී ලෙස ATM පත් සහ ATM යන්ත්‍ර භාවිතයෙන් ගණුදෙනු සිදු කිරීමට හැකි වේයැයි අපගේ මතය වේ. මෙවැනි යවත්කාලීන සහ අධ්‍යාපනික තොරතුරු රැසක් දැනගැනීමට අපත් සමඟින් එකතු වන්න.

මේ පිළිබඳව අනිත් අයටත් දැනගන්න Share කරන්න.