ස්මාර්ට් ෆෝන් සහ සෙක්ස්: Smart Phone & Sex

, , Leave a comment

තාක්ෂණය ඔබව වඩාත් කාර්යක්ෂම පුද්ගලයෙකු කරනවා මෙන්ම තාක්ෂණය විසින් මිනිසුන්ව මිනිස් ගතිගුණ හැසිරීම් රටා වලින් වෙනස් පුද්ගලයෙක් බවට පත් කිරීමටත් හේතු වී ඇති බව නොරහසක්.

FinancesOnline.com විසින් පවත්වන ලද සමීක්ෂනයකදී හෙලිවී ඇති පරිදි 26%ක පමණ පිරිසකට සිය ස්මාර්ට් ජංගම දුරකථනය නොමැතිව ජීවත් වීම අපහසු බව පවසා ඇති නමුත් තමන්ට sex නොමැතිව ජීවත් විය නොහැකිව බව පවසා ඇත්තේ 20% පමණ අඩු පිරිසකි. එමෙන්ම ස්මාර්ට් ෆෝන් භාවිතකරන්නන්ගෙන් අඩකටත් වඩා පිරිසක් නිදාගන්නේ සිය ජංගම දුරකථනය සමඟ බවද හෙළිවී ඇත. පුදුමයට කරුණ නම් ස්මාර්ට් ෆෝන් භාවිතකරන්නන් 10කින් 7ක්ම පමණ කිසිදු කෙටි පණිවුඩක් පිළිබඳව සංඥාවක් හෝ ශබ්දයක් නොමැතිව නිකරුනේ සිය දුරකථනය අතට ගෙන පරික්ෂා කරන බවයි.

තවද අප සෑම විටම රැගෙන යන මේ පුංචි පරිගණකය නිසාවෙන් සාමාන්‍ය ජීවිතයේදී සිදුකරන අන්තර්පුද්ගල සම්බන්ධතා සඳහා මැලිකමක් දක්වන බවද හෙළිවී ඇත.

පහතින් දැක්වෙන්නේ එම සමීක්ෂණ වාර්ථාව ඇසුරෙන් නිර්මාණය කරන ලද සටහනකි. මෙම සමීක්ෂණය ඇමරිකානු සමාජය පදනම් කරගනිමින් කෙරුනු සමීක්ෂණයකි.

w640

 

Leave a Reply