Selfie විප්ලවයේ පුරෝගාමියා OPPO F1s ගැන කෙටියෙන්

, , Leave a comment

OPPO සමාගම සිය නවතම ජංගම දුරකථනය වන Selfie Expert F1s අගෝස්තු මස 3 වනදා ලොව පුරා එළිදක්වන ලැබුවා. මේ ජංගම දුරකථනය ලොව වැඩි පිරිසකගේ ජංගම දුරකථන කැමරාකරණය අවශ්‍යතාවයන් වලට අනුරූපවයි නිපදවා ඇත්තේ.

මෙහි විශේෂත්වයන් අතර ප්‍රධාන වන්නේ 16MP ඉදිරිපස කැමරාව, Beautify 4.0, තත්වයෙන් උසස් Screen Flash පහසුකම සහ හස්ත සංඥා හා කටහඬට හරහා පාලනය කල හැකි සෙල්ෆී කැමරාවයි. මීට ප්‍රථම Selfie Expert ජංගම දුරකථන වන F1, F1 Plus හරහා චීනය, ඉන්දියාව, දකුණු ආසියාව හා අනෙකුත් රටවල මිලියන 15කට අධික සෙල්ෆී ලෝලීන් සතුටු කරන්නට OPPO සමාගමට හැකියාව ලැබී තිබෙනවා.

oppo-f1s-1

Beautify පහසුකම හඳුන්වා දුන් ප්‍රථම සමාගම

2010 වසරේ දී OPPO සමාගම සිය ජංගම දුරකථන භාවිත කරන්නන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස තමන්ගේම ඡායාරූප ගැනීම (Selfie) හඳුනාගත්තා. ඒ අනුව 2011 වසරේ මුල් භාගයේදී U701 නමින්, මුහුණේ පෙනුම වැඩි කරන පහසුකමක් වන Beautify පහසුකම සහිතව, ස්මාර්ට් ජංගම දුරකථනයක් එළිදැක්වූවා. U701 ජංගම දුරකථනය බෙහෙවින් සාර්ථක ජංගම දුරකථනයක් වූ අතර ඒ සාර්ථකත්වය අද වන විට සංකීර්ණ තාක්ෂණික පහසුකම් එකින් එක එක්කාසු කරමින් Beautify 4.0 දක්වා දියුණු වී තිබෙනවා. එමෙන්ම අද වන විට බොහෝ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වනට මේ OPPO ආභාශය ලැබී තිබෙනවා.

ඉදිරිපස කැමරා තාක්ෂණයේ මුල්තැන

OPPO හි කැමරා තාක්ෂණය පිළිබඳ කතා කිරීමේදී අමතක කල නොහැකිම ජංගම දුරකථනයක් තමයි OPPO N1 කියන්නේ. සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක පසුපස කැමරාව ඉදිරිපස සෙල්ෆී කැමරාවට වඩා තත්වයෙන් උසස්. නමුත් OPPO N1 ජංගම දුරකථනයේ ප්‍රධාන කැමරාව කරකවා පසුපස හෝ ඉදිරිපසට හැරවිය හැකි නිසා සෙල්ෆී කැමරාව හරහා ලබාගන්නා ඡායාරූප වල තත්වය පිළිබඳ නව සම්මතයන් බිහිවුනා. ඒ වගේම N1 mini හරහා කැරකැවිය හැකි කැමරාව කුඩා ජංගම දුරකථනයක් සමඟ නිකුත් කර ඇති අතර ස්වයංක්‍රීයව මෝටරයක් මඟින් කැමරාවේ දිශාව වෙනස් කළහැකි OPPO N3 ජංගම දුරකථනයත් පාරිභෝගිකයින් අතර විශාල අවධානයක් දිනාගත් ජංගම දුරකථනයක් බවට පත්වුණා.

අනතුරුව 2015 වසරේ දී අතිශය ප්‍රසිද්ධියට පත් R7 ජංගම දුරකථනයත්, 2016 දී නිකුත් වූ ලොව හොඳම සෙල්ෆී කැමරාව යන නාමය දිනාගත් F1 Plus ජංගම දුරකථනයත් OPPO නාමය සෙල්ෆී විප්ලවයේ මුල්තැනට ගෙන ඒමට දායක වුනා.

F1s පසුපස කැමරාවෙන් ලබාගත් ඡායාරූපයක්
F1s පසුපස කැමරාවෙන් ලබාගත් ඡායාරූපයක්
F1s ඉදිරිපස කැමරාවේ පැනරෝමා තාක්ෂණය
F1s ඉදිරිපස කැමරාවේ පැනරෝමා තාක්ෂණය

සෙල්ෆී විප්ලවයේ OPPO දායකත්වය

  • පළමු Beautify පහසුකම සහිත ජංගම දුරකථනය, U701, 2011
  • අංශක 80ක දෘශ්‍ය පරාසය ඇති ජංගම දුරකථන කැමරාව, Ulike 2, 2012
  • ප්‍රථම කැරකැවිය හැකි ස්මාර්ට් ජංගම දුරකථන කැමරාව, N1, 2013
  • ප්‍රථම ස්වයංක්‍රීයව කැරකැවිය හැකි ස්මාර්ට් ජංගම දුරකථන කැමරාව, N3, 2014
  • ප්‍රථම ඉදිරිපස ෆ්ලෑෂ් ලයිට් තිර පහසුකම, R7, 2015
  • ප්‍රථම 16MP ඉදිරිපස කැමරාව,F1 Plus, 2016

 

Leave a Reply