දෙවෙනි වරටත් HIV රෝගියෙකු සුවවෙයි

0
80

HIV හෙවත් “මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය” වැළඳුනු පළමු රෝගියා සුවවී වසර දහයකට පසුව එම ප්‍රතිකාරම ලබාදුන් දෙවැනි රෝගියාත් ඉන් සුවය ලැබූ බවට Nature සඟරාවේ පළවුණු වාර්තාවක් උපුටා දක්වමින් New York Times පුවත්පත පසුගියදා වාර්තා කළා.

ප්‍රතිකාර සිදුකල විද්‍යාඥයින් උපුටා දක්වමින් New York Times පුවත්පත වාර්තා කර තිබුණේ මේ වාර්තාව නිසා HIV වෛරසය සුව කිරීමේ හැකියාව ගැන සැක දුරු වූ නමුත් මේ ප්‍රතිකාර ක්‍රමය වැඩිදියුණු කර මහජනත්වගේ භාවිතයට ලබාදීමට යම් බාදාවන් පවතින බවයි කෙසේවෙතත් මේ සොයාගැනීම ඉදිරියේදී ඇමරිකාවේ සියැටල් හි පැවැත්වෙන “Conference on Retroviruses and Opportunistic Infections” සමුළුවටත් ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොහොමද මේ ප්‍රතිකාර සිදුවෙන්නේ…?

Image Copyright: People’s Daily Online

මෙම ප්‍රතිකාර ක්‍රමය සිදුකරනුයේ…HIV වෛරසය වැළඳුණු රෝගියෙකුට සිදුකල ඇට මිදුළු බද්ධ කිරීමක් හරහායි. කොහොම වුනත් මේ ප්‍රතිකාර ලබාදී තිබුනේ රෝගියාගේ වයිරසයට නොව ඉන් ඇතිවන පිළිකා තත්වයටයි.

මේ ඇට මිදුළු බද්ධ කිරීම තරමක් භයානක සහ අතුරු විපාක රැසක් ඇතිවීමේ අවදානම නිසා මේ ක්‍රමය හරහා HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීම එතරම්ම සාර්ථක ක්‍රමයක් නොවීමට බොහෝ ඉඩකඩ ඇත මන්දයත්, මේ නව ක්‍රමයට වඩා ආරක්‍ෂිතව HIV වෛරසය රෝගය පාලනය කළ හැකි වෛද්‍ය ක්‍රම දැනටත් භාවිතා කරනවා.

උදා:- ඖෂධ මඟින් රෝග ව්‍යාප්තිය වැළක්වීම.

කෙසේ නමුත් මේ නව සොයාගැනීම හරහා විද්‍යාඥයින් තේරුම්ගත් වටිනාම දේ වුනේ ආසාදිත සෛලය වෙනුවට HIV වෛරසය ට ඔරොත්තු දෙන සෛලය ප්‍රතිස්ථාපනය කිරීමට ඇති හැකියාවයි.

නෙදර්ලන්තයේ සිදුකළ මේ පරීක්ෂණ වලට සම්බන්ධ වුන යුරෝපීය විද්‍යාඥයින්ගේ කණ්ඩායමට සම නායකත්වය ලබාදුන් නෙදර්ලන්තයේ University Medical Center, Utrecht හි වෛරස පිළිබඳව විශේෂඥයෙක් වන Dr. Annemarie Wensing ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් කියා සිටියේ මේ නව සොයාගැනීමත් සමග HIV ආසාදනය සම්පුර්ණයෙන්ම සුවකිරීම තවදුරටත් සිහිනයක් නොවෙයි කියායි.

HIV මර්ධනයේ මින් පෙර සොයාගැනීම

Image Copyright: www.omanobserver.om

මිට වසර දොළහකට පෙර මෙම සම්න්ත්‍රණයෙදීම ජර්මානු විද්‍යාඥයින් පිරිසක් විසින් ලියුකේමියා රෝගියෙක් සඳහා සිදුකල ඇට මිදුළු බද්ධ කිරීමක ප්‍රතිපලයක් විදියට “Berlin Patient”යන අන්වර්ථ නමින් හැඳින්වූ Timothy Ray Brown නැමති දැනට පනස් දෙහැවිරිදි පුද්ගලයෙක්ගේ HIV රෝගී තත්වය සම්පුර්ණයෙන්ම සුව වුණා.

ඒ උත්සාහයෙන් පසු විද්‍යාඥයින් බොහෝ දෙනෙක් එය නැවත කිරීමට උත්සහා කලත් ඉන් කිසිදු යහපත් ප්‍රතිපලයක් ලැබුනේ නැහැ. එසේ උත්සහ කළ රෝගීන්ගේ පිළිකා තත්වය නැවත උත්සන්න වීම සහ ඔවුන්ගේ ප්‍රතිකාර නැවැත්වීමෙන් ඔවුන්ගේ HIV අසාදනය උත්සන්න වීම නිසා ඔවුන් මරණයට පත් වුණා.

මේ ඇට මිදුළු බද්ධ කිරීමේ ක්‍රියාවලියෙදී නිරෝගී සෛල තුල ඇති “CCR5” නැමති ප්‍රෝටීනය රෝගී ශරීරයේ සෛලය තුලට ඇතුළුවී එම ප්‍රෝටීනය HIV ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියාකරයි.

“London Patient”යන අන්වර්ත නමින් හඳුන්වන මේ නව රෝගියාට ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සිදුකරන්නේ ඔහුට වැළදී තිබුණු “Hodgkin’s lymphoma” නමැති රෝගී තත්වයකටයි. එම සැත්කමට ඇට මිදුළු ලබාදුන් තැනැත්තාගේ CCR5 ප්‍රෝටීනය සහිත සෛල තිබුණා. 2017 වසරේ සිට මේ රෝගියා HIV අසාදනය පාලනය කිරීමට ලබාදෙන බෙහෙත් වර්ග ලබාගැනීම සම්පුර්ණයෙන්ම නතර කර තිබෙනවා.

කොහොම වුනත් මේ “London Patient” රෝගියාගේ සුවවීම දිගටම පවතීද කියන කාරණය තවමත් ප්‍රශ්නයක්. වෛද්‍යවරුන් මේ රෝගියාව දිගින් දිගටම විවිධ පරීක්ෂණ වලට භාජනය කරමින් ඔහුගේ සෞඛ්‍යය තත්වය ගැන සෙවිල්ලෙන් සිටිනවා.

කොහොම වුනත් මේ CCR5 ප්‍රෝටීනය භවිතා කර සිදුකරන ජාන තෙරපි ක්‍රමය ඵලදායී වෙන්නේ ලෝකයේ  HIV වෛරසය අසාදනයවූ රෝගීන්ගෙන් 50%ක පමණ ප්‍රමාණයකට පමණක් බවයි සඳහන් වෙන්නේ.

කෙසේ වෙතත් දිනෙන් දින දියුණුවන තාක්ෂණයත් සමගින් වෛද්‍ය විද්‍යාව එකතු වීමෙන් දැනට සුවකළ නොහැකි කියනා රෝග සුව කරගැනීමට අවශ්‍ය සොයාගැනීම් ඉක්මණින් ලෝකයට දැකගැනීමට හැකිවේවි.